(සුජිත් හේවාජුලිගේ)
පාර්ලිමේන්තුවේ සැසිවාරය අවසන් කිරීම සඳහා ජනාධිපතිවරයා නිකුත්ක ළ ගැසට් නිවේදනයේ දෙවැනි සැසිවාරය පටන් ගන්නා වේලාව සඳහන් නොවීම නිසා ගැටලුකාරී තත්ත්වයක් මතුවී ඇති හෙයින් අලුත් ගැසට් නිවේදනයක් නිකුත් කර ඒ ගැටලුව නිරාකරණය කර දෙන්නැයි පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා ජනාධිපති ලේකම්ඔස්ටින් ප්රනාන්දු මහතාට ඊයේ (18) දැනුම් දී ඇතැයි පාර්ලිමේන්තු ආරංචිමාර්ග සඳහන් කරයි.
මේ අනුව පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරය පටන් ගන්නා වේලාව සඳහන් කර අලුත් ගැසට් නිවේදනයක් ජනාධිපතිවරයා මෙරටට පැමිණි වහාම නිකුත් කරනු ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි. මේ අතර ගැසට් නිවේදනයේ අවුල නිසා පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාර උත්සවය සංවිධානය කිරීමේ කටයුතුවලටද බාධා මතුව ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු කියති.
සැසිවාර උත්සවයේ ආරාධිත අමුත්තන්ට ආරාධනා පත්ර සූදානම් කිරීම ද මේ නිසා තාවකාලිකව නතරවී තිබෙන බව ආරංචි මාර්ග පවසති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොදම වෙලාව තමා" අනන්තයේ දවසක" වෙලාවක් සදහන් කිරීම, මොකද ඔය කෝලම් මඩුව කැදේව්ව කියල අමුතු දියුණුවක් රටට සිද්ධ වෙන්නේ නැති බවනම් අපට "ඉරහද මෙන් විස්වාසයි ".
මේ විදියේ පාර්ලිමේන්තුවක් නම් මේ සංසාරෙට ආයෙත්නම් එපා.!
මෙහෙම විකාර මුලු ලෝකෙම නැතුව ඇති.
ගැසට් එකක්වත් හදා ගන්න බැරි ආණ්ඩුවක් නේ තියෙන්නේ...............
ඒ ගැසට්ටුවේ දිනය අමතක කොරාවිද?
ගැසට් එකට දහයක් දෙන්න බැරියැ අතින් කීයක්වත් යනවයි.
අනේ ඔය සැසිවාරෙ පටන් ගන්න මොන ආරාධිත අමුත්තොද. අනික ඕක පටන් ගන්න උත්සව තියන්න ඕනද අපේ සල්ලි කන වැඩ. ඒ උත්සවේටත් කෝටි ගනන් වියදම් කරගෙන තව සල්ලි ටිකක් නාස්ති කරන එක විතරයි වෙන්නේ. අනික ගැසට් එක ගහනකොට වහපු එක කවදද අරින්නේ කියල දාන්නේ නැතුව දැන් තව එකක් ගහනව ඒක කියන්න. තවත් අමතර වියදමක් කොල කොච්චර නාස්තියක්ද.