ශ්‍රී ලාංකිකයින් පිරිසක් රැගත් බසයක් ස්විස්ටර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී අනතුරකට ලක් වීමෙන් එහි ගමන් කළ ශ්‍රී ලාංකිකයින් 12 දෙනකු තුවාල ලබා ඇතැයි චැනල් නිවුස් ඒෂියා වාර්තා සඳහන් කරයි.
අනතුර සිදුවන අවස්ථාවේ 40 දෙනකු ගමන් කර ඇති අතර සිද්ධියෙන් 15 දෙනෙකු තුවාල ලබා තිබේ.
ඉන් 12 දෙනකු ශ්‍රී ලාංකිකයින් බවත් ඉන් එක් පුද්ගලයකු බරපතල ලෙස තුවාල ලබා ඇතැයි ස්වීස් පොලීසිය සඳහන් කරයි.
සංචාරකයින් පිරිසක් රැගත් මෙම බසය අධිවේගී මාර්ගයේ යතුරුපැදියක ගමන් කරමින් සිටි කාන්තාවක් අනතුරින් බේරා ගැනීමට කළ උත්සාහයකදී ලොරි රථ දෙකක ගැටීමෙන් අනතුර සිදුවී ඇත.
ස්විස්ටර්ලන්තයේ සුරිච් හී අධීවේගී මාර්ග පිවිසුමක දී ඊයේ (19) මෙම අනතුර සිදු වී ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.
සිද්ධිය සම්බන්ධයෙන් ස්විස් පොලීසිය පරීක්ෂණ පවත්වයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නවසීලන්තයේ සුරිච් හී අධීවේගී මාර්ග පිවිසුමක...???
නවසීලන්තය තියෙන්නේ ළුරිච් වලද ?
නවසීලන්තයේ කාෙහෙද සුරිච් . නිවැරදි කරන්න
ආයෙත් දෙකක් නැහැ ස්විට්සර්ලන්තය බලන්න යන ඉතාලියේ ඉන්න ලංකාවේ පිරිසක් මේ බස් එකේ ඉන්න ඇති.
එතකොට මේ අනතුර සිදුවෙලා තියෙන්නේ නවසිලන්තයේද ? ස්විස්ටර්ලන්තයේද ?
සුරිච් තියෙන්නේ ස්විට්සෙර්ලන්තයේ, නවසීලන්තයේ නොවෙයි.
එක තැනක ලියනවා ස්වටෙර්ලන්තයේ කියල තව තැනක ලියනවා නවසීලන්තයේ කියලා.
Banda, අකුරක් වැරදුනොත් ඇති නේද.?
සුරිච් ද සූරික් ද ? මේවගේ තමයි මියුනික් වලට මියුනිච් කියන්නෙත්. මේ වැරදි හදන්න ඕන.
බණ්ඩා මහත්තයෝ, ඕක ඔච්චරම හිතන්න ඕන දෙයක් නොවෙයිනේ. පටලැවිල්ල ලිහාගෙන ප්‍රවෘත්තිය කියෙව්වම වැඩේ හරි.මේ පොඩි ,පොඩි දේවල් වලටත් ඔයා විස්සෝප වෙනවානේ.