ශ්‍රී ලංකාවේ පමණක් නොව බ්‍රිතාන්‍යයේ ද දේශපාලන අර්බුද තිබෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.
බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිටින ශ්‍රී ලාංකිකයන් පිරිසක් හමුවෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඒ බව කීය.
බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සිටින රාජ්‍ය නායකයන් හමුවීමට නියමිතව සිටි බවත් එරට තිබෙන දේශපාලන වාතාවරණය නිසා එම හමුව අවලංගු කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කීවේය.
“දේශපාලන අර්බුද තිබෙන්නේ අපේ රටේ පමණක් බව ඇතැම් අය සිතනවා. බ්‍රිතාන්‍යයේත් දේශපාලන අර්බුද තිබෙනවා. බ්‍රිතාන්‍යය අගමැතිනිය අඟහරුවාදා දිනයේදී පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සහභාගී වි සිටින රාජ්‍ය නායකයන් හමු වීමට නියමිතව තිබුණා. එහෙත් බ්‍රිතාන්‍යය පාර්ලිමේන්තුවේ උද්ගත වී තිබෙන තත්ත්වය නිසා අගමැතිනි තෙරේසා මේ එම හමුව අවලංගු කළා.
ජපානයේදීත් අපි එවන්නැක් දුටුවා. මමත් අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වාත් පසුගිය දිනක ජපානයේ සංචාරය කළා. එහිදි ජපාන අගමැතිවරයාට ඉල්ලා අස්වෙන්නැයි ඉල්ලමින් අගමැතිවරයාගේ කාර්යාලය ඉදිරිපිට 2,000කට ආසන්න පිරිසක් විරෝධතාවක නිරත වුණා.
ශ්‍රී ලංකාවෙන් පිරිසක් ජපානයට ඇවිත් කියලා මට මොහොතකට සිතුනා. අපි අගමැතිවරයා සමඟ සාකච්ඡාව අවසන් වෙලා එළියට එද්දි විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව 5,000ක් දක්වා වැඩි වී තිබුණා. අද වන විට මේ ආකාරයේ දේශපාලන සහ ආර්ථික අර්බුද, ගැටුම් හා විරෝධතා බොහෝ රටවල සාමාන්‍ය දෙයක් බවට පත්වෙලා.
ශ්‍රී ලංකාවේ තිරසරත්වය තහවුරු උදෙසා ක්‍රියාත්මක කරන සංවර්ධන කටයුතු සාර්ථකව අවසන් වෙමින් තිබෙනවා. ඒ වගේම අපේ ජාත්‍යන්තර සබඳතා ද පසුගිය කාලයේදී ශක්තිමත් වී තිබෙනවා.
“ජනාධිපති නිසා නෙමෙයි මෙම මේ දේ කියන්නේ. අපි හැමෝගෙම හදවත් දිනාගන්න පුළුවන්. අපට සමබර සහ නොබැඳි විදෙස් ප්‍රතිපත්තියක් පවත්වාගෙන යන්න පුළුවන්. අපිට අපේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කරගන්න පුළුවන්. අද හැමෝම අපිට උදව් කරනවා වගේම හොඳින් සලකනවා. අපි රට දෙස ධනාත්මක දෙසින් බැලිය යුතු” යැයි ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවදුරටත් කීය.
ඩේලිමිරර් 055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව් සුද්දෝ දේශපාලන අර්බුදයක ඉන්න නිසා අපිත් හැමදාම එවලේ හිටියට කමක් නැහැ. "මගේ රෝස්පාන් මොලේ නිකං අසුචි මොලයක් වග "පරිවර්තනය වෙලා වගේ... සුද්දෝ තමන්ගෙන් අඩුපාඩුවක් වුනාම තමන්ගේ තනතුරුවලින් ඉල්ලා අස්වෙනවා. එතකොට අපේ ඉන්න " මූසල අම්බරුවන් 225 ගෙන්" මොන නියෝජිතයාද එසේ තනතුරෙන් "ඉල්ලා අස්වුනේ? අඩු තරමින් මහජන බදුමුදල් වලින් පිනට කන බත්පතටවත් වැඩක් කරන්න.
"බ්‍රිතාන්‍යය අගමැතිනි තෙරේසා මේ පොදු රාජ්‍ය මණ්ඩලයීය සමුළුවට සිටින රාජ්‍ය නායකයන් හමුවීමට නියමිතව සිටි බවත් එරට තිබෙන දේශපාලන වාතාවරණය නිසා එම හමුව අවලංගු කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහිදි කීවේය". ඒ වුනාට වෙන රටවල නායකයන් හමුවුණු බවට එංගලන්තයේ සහ අනික් රටවල පුවත්පත් කියනවා. ලංකාවේ වගේ පරිප්පුවක් ඒ රටවල නැහැ. ඒ නිසා තෙරේසා මේ බයවෙන්න ඇති ලංකාවේ නායකයා එක්ක කතා කරන්න.
ජනාධිපතිතුමනි එහෙම කියල ඇඟ බෙරගන්නද හදන්නේ? ඒ රටේ වංචා, දුෂණ එහම තියනවද? ඒ රටේ මහා බැංකු පරිස්සමින් තියනවද බව බලාගන එන්න.
මේ මොහොතේ ඕස්ට්‍රේලියාවේ රූපවාහිනියේ ප්රවෘත්ති පෙන්නුවා. තෙරේසා මේ ඕස්ට්‍රේලියා සහ අගමැතිවරුන් සමග සාකච්ඡා පවත්වනවා. ඇයි මේ බොරු කියන්නේ?