IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ඇමැති මාරුවේදී සමෘද්ධි කම්කරු එජාපයට

(අජන්ත කුමාර අගලකඩ)

ලන්ඩන් සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා දිවයිනට පැමිණි පසුව සිදුකෙරෙන කැබිනට් මණ්ඩල සංශෝධනයේදී, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හිමිව තිබූ සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය එක්සත් ජාතික පක්‍ෂයට ලබාදෙන ලෙස එම පක්‍ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි.

මීට පෙර, සමෘද්ධි හා සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යධුරය හොබවනු ලැබුවේ එස්.බී. දිසානායක මහතා විසිනි.

දැනට එම ධුරයේ වැඩ බැලීම ක්‍රමෝපාය සංවර්ධන සහ ජාත්‍යන්තර වෙළෙඳ ඇමැති මලික් සමරවික්‍රම මහතාට පවරා ඇත. මේ අතර, දැනට පුරප්පාඩු වී පවතින කම්කරු හා කම්කරු සබඳතා අමාත්‍යධුරයද එක්සත් ජාතික පක්‍ෂයට දී ඒ වෙනුවට එක්සත් ජාතික පක්‍ෂයේ ඇමැතිවරයකු හොබවන වෙනත් කැබිනට් අමාත්‍යධුරයක් ශ්‍රීලනිපයට හිමිවනු ඇති බවද එම ආරංචිමාර්ගවලින් පැවැසේ. ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ඉවත්වීමෙන් පුරප්පාඩු වූ කම්කරු හා කම්කරු සබඳතා ඇමැතිධුරයේ වැඩබැලීමට දැනට පත්කර ඇත්තේ ද ඇමැති මලික් සමරවික්‍රම මහතාය.

අමාත්‍යාංශවල විෂයන් බෙදීම විද්‍යාත්මක පදනමක් යටතේ සිදුකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇති අතර, ඒ අනුව දැනට එක් අමාත්‍යාංශයක් ලෙස පවතින මහාමාර්ග සහ උසස් අධ්‍යාපන අමාත්‍යධුරය, අමාත්‍යාංශ දෙකකට වෙන් කෙරෙනු ඇතැයි පැවැසේ. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පවතින, මධ්‍යම සංස්කෘතික අරමුදල සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ඇතුළු සංස්කෘතික විෂයට අදාළ ආයතන රැසක් සංස්කෘතික අමාත්‍යාංශය යටතට පත් කෙරෙනු ඇතැයිද වාර්තා වේ. ව්‍යවසාය සංවර්ධන, ඉඩම් සහ වෙළෙඳ හා වාණිජ යන අමාත්‍යාංශ තුනටම අයත් සීනි සමාගම් තුනද එක් අමාත්‍යාංශයක් යටතට පත්  කෙරෙනු ඇතැයි දැනගන්නට තිබේ.
 
මේ අතර ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ අංගජන් රාමනාදන් සහ කාදර් මස්තාන් යන මන්ත්‍රීවරුන් ඇතුළු නවක මන්ත්‍රීවරුන් කිහිප දෙනකුට අමාත්‍ය මණ්ඩල සංශෝධනයේදී නියෝජ්‍ය ඇමැතිධුර හිමිවීමට බොහෝදුරට ඉඩ ඇති බව දැනගන්නට තිබේ.

පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වීමට ලන්ඩනයට ගොස් සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන 22 වැනිදා යළි දිවයිනට පැමිධෑමට නියමිත අතර අමාත්‍ය මණ්ඩල සංශෝධනය ඉන් අනතුරුව සිදු කෙරෙනු ඇත. කැබිනට් සංශෝධනය අලුතින්ම ඇමැති මණ්ඩලයක් පත් කිරීමක් ලෙස සිදුකෙරෙනු ඇතැයි ද වාර්තා වේ.



අදහස් (5)

ඇමැති මාරුවේදී සමෘද්ධි කම්කරු එජාපයට

Nimal Thursday, 19 April 2018 04:54 AM

දෙකම හොඳ ඉල්ලම්. කරුණාකරලා රවිට හෙම දෙනවා නෙමේ.

:       0       0

සතයපාල Thursday, 19 April 2018 06:25 AM

අමාතයාංශ විද්‍යාත්මකව බෙදනවා නම් ලංකාවට කැබිනට් අමාත්‍යාංශ විසි පහත් තිහත් අතර සංඛයාවකට වඩා ඇති කරන්න බැරිවෙයි. ඒක නිසා මෙතන විද්‍යාත්මක කතාව බොරුවක් කැබිනට් අමාතයාංශ හතලිස් පහක් පනස් පහක් විතර හදන කොටම ඒක අවිද්‍යාත්මක විතරක් නොවෙයි අතාර්කික හා අසාධාරණ වැඩක් බව රටටම පෙනෙනවා.

:       0       0

Hafeel Thursday, 19 April 2018 06:41 AM

දැන්ද තේරුනේ අමාත්‍යාංශවල විෂයන් බෙදීම විද්‍යාත්මක පදනමක් යටතේ සිදුවෙන්නොන බව? විද්‍යාත්මක පදනම කියන්නේ විදේශ කටයුතු අමාත්‍යංශයට ලොතරැයි මණ්ඩලය පවරන එකද?

:       0       0

sena Thursday, 19 April 2018 07:08 AM

මෙයාලාට ඕනේ අැමතිකම් බෙදාගන්න මිසක් රටට වැඩක් කරන්න නෙවෙයි....

:       0       48

rama Thursday, 19 April 2018 08:46 AM

කවුරු පත් කලත් වැඩක් කරන්නේ නෑ වරප්‍රසාද විතරයි ඕනෑ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 701 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 555 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site