(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
හොරණ බැල්ලපිටිය සපත්තු කර්මාන්තශාලවක රසායනික ද්‍රව්‍ය අඩංගු වළකට වැටී එහි සේවකයින් පස් දෙනකු මේ වන විට මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.
තවත් පුද්ගලයින් කිහිප දෙනකු අසාධ්‍ය තත්ත්වයෙන් හොරණ මුලීක රෝහලට ඇතුළු කර ඇති අතර පුද්ගලයින් 12 දෙනකු හුස්ම ගැනීමේ අපහසුතාවයෙන් රෝහල්ගත කර ඇතැයි හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරී තමර කළුබෝවිල මහතා පැවසීය.





(ඡායාරූප - බුද්ධික කුමාරසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ මේ රටේ කම්කරු ඇමති, නිලධාරීන්. එයාල ඉන්නේ මේවගේ හැම ආයතනයක්ම නියාමනය කරන්න. වැඩ කරන කම්කරුවොන්ගේ ආරක්ෂාව සහතික කරන්න. සතියට කී පාරක් මේ වගේ කෑම විස වෙලා, වැඩපොළේ අනතුරු වලින් රෝහල් ගත කරනවද.?
අමෙරිකාවෙන් අපිටත් මිසයිල ගහයිද දන්නෙ නෑ විෂ වායු හදනවා කියලා. හැබැයි අපේ විෂ වායු කම්හල තියෙන්නේ දියවන්නාව මැද්දේ. එකට මිසයිලයක් ගහල දුන්නොත් ඇමෙරිකාවට පින් සිද්ධ වෙනවා
පසුගිය දිනක දබුල්ලේදී කුළුබඩු රට යවන තැනක විෂ ආග්‍රහණය වීමෙන් දෙදෙනෙකු මිය ගියා. ඒ සිදුවීම පත්තරවල පළවුනා. එහෙත් එක කොහොමද වුනේ ? කාගේ වරදින්ද වුනේ ? කියලා හොයලා ජනතාව දැනුවත් කලේ කවුද ? එහෙම වෙන්නේ නෑ. මේවගේ අයිතිකරුවෝ බලවත්. මිලමුදල් යහමින්. ඒවාට සියල්ල යටයි.
ආයතන කළමනාකරුවන් හා වෘත්තිකයන් ඔවුන්ගේ වගකීම පැහැර හැරලා. කම්කරුවන් හා ගම්වාසීන් ඊට බිලිවෙලා.
මේ පින්තුර ටික දැක්කහම පේනවා මොන තරම් නොසැලකිල්ලකින්ද මේ ආයතනය කටයුතු කරන්නේ කියල. සේවකයන්ගේ ආරක්ෂාව ගැන අල්ප මාත්‍ර තැකීමක්වත් කරලා නැහැ. දැන් ඉතින් කීයක් හරි වන්දි ගෙවලා ෂේප් වෙයි.
ලංකාවේ කම්කරු අමාත්‍යංශය කියලා එකක් තියනවා නමට විතරක්. මේ රටේ ලක්ෂ හතලිහකට වැඩි පෞද්ගලික අංශයේ විශේෂයෙන්ම කර්මාන්තශාලා සහ ඉදිකිරිම් ක්ෂේත්රයේ වැඩි පිරිසක් සේවය කරන්නේ ජීවිත අවදානම් සහිත පරිසරයක. නමුත් අවාසනාවකට ඒ ගැන සොයා බලන්න ප්‍රමාණවත් තරම් කම්කරු නිළධාරින් නැහැ. ඉන්න අයත් කාර්යක්ෂම නැහැ නැත්නම් අත යට ගණුදෙණු අරන් නිශ්ෂබ්දව ඉන්නවා.ඉතිං අවිහිංසක කම්කරුවන් තම ජීවිත වලින් වන්දී ගෙවනවා.
සැර විෂ වායුවක් බව දැන දැනත් මෙම පින්තුර වලින් පෙනෙන පරිදි, අවශ්‍ය නිසි අරක්ෂනිය ක්‍රමවේදය අනුගමනය කරනවාදැයි සැකයක් පවතී. රසායනික වායු සම්බන්දව මිට වඩා සියලු දෙනාම සැලකිලිමත් විය යුතුවේ. අඩුම වශයෙන් සිද්ධියකින් පසුව හෝ.
මෙම කර්මාන්ත ශාලාව කිසිම ප්‍රමිතියකට හදලා නැති බවයි පෙනෙන්නේ.
මෙම කර්මාන්ත ශාලාව පරිසරික පනතේ නියමයන්ට අනුකූල දැයි සොයා බැලිය යුතුයි
මෙවෙනි කර්මාන්ත තුල කම්කරුවන්ට " අනතුරු වැලක්වීමේ අබයාසක් සහ නීති පද්දතියක් " ඇතිකළ යුතුයි.
මෙවැනි අනාරක්ෂිත කර්මාන්තශාලා ඇතිකිරීමට අවසර දුන්නේ කව්ද ?
මෙවැනි කර්මාන්ත තුළ කම්කරුවන්ට "අනතුරු වැළැක්වීමේ අාභාසයක් සහ නීති පද්ධතියක් "ඇතිකළ යුතුයි. මෙවැනි අනාරක්ෂිත කර්මාන්තශාලා ඇතිකිරීමට අවසර දුන්නේ කව්ද? මෙම කර්මාන්ත ශාලාව පාරිසරික පනතේ නියමයන්ට අනුකූල දැයි සොයා බැලිය යුතුයි.