අමල් වික්‍රමරත්න , සිරංගිකා ලොකුකරවිට
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකළ බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා සිදු කිරීමට නියමිත සැත්කම් ඇතුළු සියලුම කටයුතු පරීක්ෂණ නිමවනතෙක් නතර කිරීමට නියෝග කරමින් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ජයම්පති සේනානායක මහතා අද (18) අදාළ අංශ වෙත ලිපියක් නිකුත් කර ඇත.
කරාපිටිය ශික්ෂණ රෝහලේ හෘද සැත්කම් සිදුකරන සුදුසුකම් සම්පූර්ණ කර නොමැති විදෙස් වෛද්‍යවරයකු සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීන් සිදුකළ ඉල්ලීම ලංකාදීප වෙබ් අඩවියේ පළවීමත් සමඟම කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්යක්ෂවරයා මෙම තීරණය ගෙන තිබේ.
රජයේ වෛද්‍ය නිලධරීන්ගේ සංගමය ගාල්ල කරාපිටිය රෝහල් ශාඛාවේ මාධ්‍ය හමුවක් පවත්වමින් මෙම සිද්ධිය (17) වැනිදා අනාවරණය කෙරිණි.
එහිදී ඔවුන් අනාවරණය කළේ සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව විරෝධතාවයක් දැක්වූවද මෙතෙක් ඒ සම්බන්ධ කිසිම පියවරක් ගෙන නොමැති බවත් එම වෛද්‍යවරයා නැවතත් පැමිණෙන බවට තොරතුරු අනාවරණය වෙමින් පවතින බවත් මේ හේතුවෙන් එම වෛද්‍යවරයාගෙන් හෘද සැත්කම් සිදුකර ගන්නා රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්ව ඇති බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ නිලධාරීහු පෙන්වා දෙති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උන්නැහේ දැනටමත් කරලා තිබෙන සැත්කම් සම්බන්ධයෙන් මොකද කරන්නේ?
ආයේ කතා දෙකක් නැහැ. මේ කරුණාවන්ත බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා, ලංකාවේ දොස්තරලා පෞද්ගලික රෝහල්වල මුදලට කිරීමට යොදාගෙන තිබෙන සැත්කම් රජයේ රෝහලේ නොමිලේ කරන්න ඇති. මොලේ කලඳක් හෝ තියන කෙනෙකුට තේරෙනවා මේ වෛද්‍යවරයා අසරණ රෝගීන්ගෙන් මුදල් ගසා කෑමේ අරමුණින් මේ සැත්කම් නොකරන බව... දැන් ඉතින්, මුග්ධ අමනයින් බහුතරයක් වෙසෙන රටේ, මේ පරීක්ෂණ කරලා ඉවර වෙනකොට, තමන්ට තියන මොලේ අමාරුවට අනුන්ට සැත්කම් නොකරන මේ වෛද්‍යවරයා මේ රටින් පලායයි. නැවත මේ රට පැත්ත පළාතේ නොඑන්නම... අපේ රටේ සමහරක්ට නොතේරුණාට ඒ වෛද්‍යවරයාට නම් තේරෙන්න ඇති අපේ රටේ ඉන්න කළුකඩ දොස්තර මුදලාලි මාෆියාවේ තරම?
ලංකාවේත් මේ වාගෙ හොර දොස්තරලා හොර ෆාමසි... ඔය විදියට පෙන්නලා දුන්නා නම් නේද අගේ...?
මෙම දොස්තර මහතාට මම දන්නා තරමින් වයස අවරුදු 65 විතර වෙනවා. ඔහු පළපුරුදු දොස්තර කෙනෙක්... ඔහු හෘද සැත්කම් විශේෂඥයෙක්.. ඔහු ලංකාවට ඇවිත් මුදල් නොගෙන මේ සැත්කම් කරන්නේ... මේක ඔහු කරන සමාජ සේවයක්... අපේ රටේ ඉන්න චැනල් කාක්කෝ වගේ නොවේ. මුදල් නොගෙන සේවය කරන පුද්ගලයින් අපේ කට්ටියට පෙන්නන්න බැහැ. අපේ කට්ටිය තම ඉල්ලීම් දිනාගන්න රෝගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට තබමින් වර්ජන කරන්නේ... දැන් මොකද මේ ගොල්ලට රෝගීන් පිළිබඳව අමුතුම කරුණාවක් පහළ වෙලා තිබෙන්නේ? අපේ රටේ අවුරුදු 65 වෙන දොස්තරලාට ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරන්න තහනම්ද?
බද්රානි මහත්මියගේ අදහස මමත් අනුමත කරන අතර, ලංකාවේ දොස්තර මාෆියාව ගැන මගේ නම් කිසිම පැහැදීමක් නොමැත.
ලංකාවේ දොස්තර මාෆියාව ගැන කාගෙවත් කිසිම පැහැදීමක් නම් නෑ.
පුද්ගලික චැනලින් කරන දොස්තරලාට ජයවේවා!!! තව තවත් පොහොසත් වීමට ඉඩ ප්රස්ථා සැලසේවා!!!
ලංකාවේ පමණක් නොවේ, ලෝකයෙන්ම භයානකම දොස්තරවරු ගැන විවේචනාත්මකව අදහස් පල කරන්න බද්රානි මහත්මියට බියක් නැද්ද? අමුතුවෙන් යමක් ලියන්න අවශ්‍ය නැහැ. ඔබගේ අදහස තුල ලංකාවේ දොස්තර මාෆියාවේ ක්‍රියාකාරකම ගැන පැහැදිලිව සදහන්වී තිබෙනවා.
ලංකාවේ දොස්තර මාෆියාව පිටරට දොස්තරලාට නොවේ, ලංකාවේ දොස්තරලාටද එකිනෙකාගේ බෙල්ල කපාගනිමින්, එකිනෙකාට කොඩිවින හූනියම් කරමින්, ඊර්ෂ්‍යයාව මාන්නය හා අධික තෘෂ්ණාවෙන් පෙලෙන පිරිසක්.
සතියේ දින හතේම මාධ්‍ය සාකච්චා පවත්වමින් අශීලාචාර දේශපාලනයක නිරත වෙන, වෛද්‍ය වෘත්තිකයන්ට නිගා දෙන අමන දොස්තරලා සිටින එකම රට ශ්‍රී ලංකාවයි.ඒ අශීලාචාර ක්‍රියාවෙන් නොනවතින මොවුන් මෙරටට පැමිණ සත් භාවයෙන් සේවය කරන මේ වෛද්‍යවරයාව පවා, පන්නා දැමීමට කටයුතු කිරීම නින්දා සහගතයි. කොයි මොහෙතේ කවරෙකු විසින් හෝ මොවුන්ගේ පොකට් එකට තට්ටු වෙන ආකාරයේ වෛද්‍ය ආක්‍රමණයක් ඇතිවේ යයි. අනියත බියකින් හා හීනමානයකින් පසුවෙන මොවුන් මේ දොස්තර බමුණු කුලය ආරක්ෂා කර ගැනීමට ඕනෑම තුප්පහි ක්‍රියාවක් කිරීමට කිරීමට පෙළඹී ඇත. මේ සිද්ධියත් එයට එක උදාහරණයක් වේ. බ්‍රිතාන්‍ය වෛද්‍ය තුමාට අපගේ ආචාරය පුද කරමු!!
හරියට කරුණු නොදැන මේ ගැන යමක් කීම නොහොබිනා දෙයක් නිසා නිහඬව සිටිමි
කොහොමද ලංකාවේ දොස්තර මාෆියාව. පුලුවන්නම් කියන්න බ්‍රිතාන්‍ය ජාතික වෛද්‍යවරයා දැනට නොමිලේ හෘද සැත්කම් කියක් කරලද කියල. ඒවායින් කීයක් සාර්ථක ද කියල. සුදුසුකම් ගැන කථා කරොත් අපේ දොස්තරල කෝපි කාලෙ සුද්දගේ පාඨමාලාව තවම කරන්නේ. දැන් ඔක්කොම මට වටකරලා නෙළයි.
ඉස්සෙල්ලම මෙම වෛද්‍යවරයා පිළිබඳව එංගලන්ත වෛද්‍ය සභාවෙන් විමසන්න. මෙය අන්තර්ජාලය හරහා පහසුවෙන් කලහැකිය. පෙර සුදුසුකම් තිබිල එය අහෝසි කලේනම් හේතුව ? සමහර විට වෘත්තිය ආයතනික ගාස්තු නොගෙවීම නිසා වියහැකිය. මොකද අනිකුත් රටවල වෘත්තිය ආයතන මෙහෙ වගේ දේශපාලනීකරණය වෙලා නැහැ. පසුව හැම දෙනාගේම අදහස් උදහස් සළකා බැලිය හැකිය.
ඔය දොස්තර මහත්තයා බොහොම පලපුරුදු ප්‍රවීණ කෙනෙක්. දැනට අවුරුදු 20ක විතර කාලයක් ඔහු ලංකාවට එනවා. තෝරාගත් දුප්පත්ම හදවත් රෝගීන්ට සැත්කම් කරනවා. ඒක දිරවගන්න බැරි ලංකාවෙ ඉන්න දොස්තරවරු ඒක කඩාකප්පල් කරන්න හදන්නේ. අවුරැද්දකට සැත්කම් 100ක් පමණ කිසිදු අයකිරීමක් නැතුව කරනවා. ඔහු ඔය නොමිලේ කරන සැත්කම් සඳහා ඉතියෝපියාව තෝරගෙන තිබුනේ නමුත් එංගලන්තයේ පදිංචි ශ්‍රී ලාංකිකයෙකුගේ ඉල්ලීමක් නිසා ලංකාවට එනවා. බලන්න අපේ රටේ මිනිස්සු කොච්චර පහත් තත්වයට පත් වෙලාද?
ලංකාවේ ඉන්න වෛද්‍යවරුන් හරි සතුටු ඇති. මොකද ඒගොල්ලන්ගෙ පුද්ගලික චැනල් සේවය හොඳටම කරගෙන යන්න පුලුවන්. දොස්තර මුදලාලිලා වෙන්න පුලුවන් , අපේම බඳු සල්ලි වලින් ඉගෙන ගෙන .
අසරණ රෝගීන්ගේ මුදල් ගසා කෑම සඳහා මිස වෙන මොකටද අමුතු ආදරයක් අපේ දොස්තර උන්නැහෙලට. අපි නොදන්නා ඒගොල්ලන්ගේ කෙරුවාව.
මමත් එංගලන්තයේ වැඩ කරන වෛද්‍යවරයෙක්... වෛද්‍යවරයා විශ්‍රාම ගියාට පස්සේ එංගලන්ත වෛද්‍ය සභාව සාමාන්‍යයෙන් අලුත් කරන්නේ නෑ. මේ වෛද්‍යවරයා කරාපිටිය රෝහලේ සැත්කම් කරලා අපේ ලෙඩ්ඩු කියක් ගොඩදාලා තියෙනවද? මේ වෛද්‍යවරයාට හොඳට අත්දැකීම් තියෙන කෙනෙක්. ඔය කෑගහන කට්ටියට තියෙන්නේ එම්.බී.බී.එස්. නෙමේද? එම්.බී.බී.එස්. එංගලන්තෙන් අාවේ කියලා දන්නවද? ලකාවේ එම්.බී.බී.එස්. අනුගමනය කරන්නේ එංගලන්ත වෛද්‍ය සභාව... ඔය කෑගහන කට්ටිය ලංකාවේ දූප්පත් මිනිසුන්ගේ බදු මුදල් වලින් එංගලන්තයට ගිහින් නේද වැඩිදුර ඉගෙන ගන්නේ?
මරණින් මතුවත් දොස්තරකම රැක ගන්න පෙරුම්පුරන ලංකාවේ දොස්තරලට, මේ බ්‍රිතාන්‍ය වෛද්‍යවරයා හොඳ ආදර්ශයක් දීල තියනවා. ඒ උතුම් ක්‍රියාව ආදර්ශයට ගන්න තරම් නිහතමානී හදවත් නැති මේ දොස්තර මාෆියා කාරයෝ, අසත්‍ය චෝදනා නගමින් එතුමාව ගහලා පන්නනවා.
පොදු මහජනයාගේ සුබ සිද්ධිය සඳහා ලංකාවේ දොස්තර මාෆියාව බිඳ දැමිය යුතුයි. එය කල හැකි එකම ක්‍රමය නම්, දොස්තරවරුන්ගේ සැපයුම වැඩි කිරීමයි.
අපි දැක්කනේ GMOA සමහර කට්ටියගේ A ලෙවෙල් ලකුණු. හිනා යනවා කියන කතා වලට. අවු. 65 කියල ලංකාවේ දොස්තරලා ගෙදෙරට වෙලා ඉන්නවද? රටට කියන්න ලංකාවේ දොස්තරලා SLMC රෙජිස්ටර් වෙලා ඒක අලුත් කරන්න සාමාජික මුදල් ඇරෙන්න වෙන මොනවද චෙක් කරන්නේ කියල?
මෙහෙන් කළුකඩ දොස්තර මාෆියාව ,අරහෙන් කළුකඩ කළු කෝට් කාරයින්ගේ මාෆියාව, බද්‍රනිගේ අදහස් හරි කියා මමත් හිතනවා. අනේ අපි කවදාක හිනැහෙමුද මේ රටේ? කියල තමයි කියන්ට වෙන්නේ.