ශ්‍රී ලංකා රජයේ සංහිඳියා වැඩ සටහන අගය කරන බවත් අනෙක් රටවලට සාපේක්ෂව ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද වැඩසටහන ඉතා සාර්ථක බවත් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේ බාරෝන් නේස්බි සාමිවරයා පවසා ඇත.බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන පොදු රාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවට සහභාගී වි සිටින ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා හමුවෙමින් නේස්බි සාමිවරයා ඒ බව කියා තිබේ.
මෙම හමුවේදී නේස්බි සාමිවරයා ශ්‍රී ලංකා රජය ක්‍රියාත්මක කරන සංවර්ධන වැඩසටහන අගය කර තිබෙන අතර සත්‍ය මිතුරකු ලෙස සෑමවිටම ශ්‍රී ලංකාවට සහාය දෙන බව ද ප්‍රකාශ කර තිබේ.
ශ්‍රී ලංකවේ සිදුවන ක්‍රියාකාරකම් සහ තත්ත්වය සම්බන්ධයෙන් යුරෝපය සහ ජීනිවා නුවර මානව හිමිකම් කවුන්සිලයට සවිස්තර සහ පැහැදිලි තොරතුරු නොලැබීම සහ ලබා නොදීම කනගාටුවට කරුණක් බව ප්‍රකාශ කර තිබෙන නේස්බි සාමිවරයා යුරෝපයට සහ ජීනිවා නුවරට ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය පැහැදිලි කිරීමට පූර්ණ සහයෝගය දෙන බව පවසා ඇත.
ශ්‍රී ලංකාවේ සත්‍ය තත්ත්වය, සංවර්ධන සහ සංහිඳියා වැඩසටහන පිළිබඳව බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව සහ ලෝකයා දැනුවත් කිරීමට පුද්ගලිකව මැදිහත්වීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා මෙහිදි නේස්බි සාමිවරයාට කෘතඥතාව පළ කළ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
055

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නේස්බි සාමිවරයා කාලාන්තරයක් තිස්සේ ශ්‍රී ලංකාව වෙනුවෙන් බ්‍රිතාන්‍ය සාමි මණ්ඩලයේත් ඉන් පිටතත් දැඩි කැපවීමකින් පෙනී ඉඳිමින් කටයුතු කරන ලංකාවේ සැබෑම මිත්‍රයෙක් වන උතුම් මහත්මයෙක්. විශේෂයෙන් ලංකාවේ ත්‍රස්තවාදය ප්‍රභලව පැවති සමයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් දැවැන්ත සේවයක් කළ කෙනෙක්.
නෙස්බි සාමි කියන්නේ ජිනීවා වල අපේ ජාතික ප්රශ්නයේදී අපිට උදවුවට ආපු දෙවියෙක් වගේ පුද්ගලයෙක්. අනේ කණගාටුවට කාරණය නම් අපේ සමහර දෙසපාලකයෝ එතුමාව නොදැක්ක වගේ කටයුතු කරගෙන යනවා. දෙන්න හදන උදවු ඕනි නැහැ කියනවා.
සාමි තුමෙනි ඕකම පොඩ්ඩක් ගහිල්ල කියන්න බැරිද ඔතන බෝඅර්ඩ් උස්සගෙන ඉන්න කට්ටියට.