ආණමඩුව ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කළ බව ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්ෂක ප්‍රදීප් කොඩිප්පිලි මහතා පවසයි.

පුත්තලම සිට මන්නාරම දක්වා ඇති (පරණ මන්නාරම පාර ) පාර වසා දමා ඇති අතර එළුවන්කුලම ප්‍රදේශය ජලයෙන් යටවීම නිසා රියදුරන්ට විකල්ප මාර්ග භාවිතා කරන ලෙස උපදෙස් දී තිබේ.