( තිළිණි ද සිල්වා )
ස්විට්සර්ලන්තයේ අධීවේගී මාර්ගයකදී බස් රථයක් අනතුරකට ලක් වීමෙන් තුවාල ලැබූ ලාංකිකයින් 11දෙනෙකු යළි දිවයිනට පැමණීමට අද (19) එරටින් පිටත්ව ඇතැයි විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග කියා සිටී.
රිය අනතුරට ලක් වූ ලාංකිකයින් 12ගෙන් එක් අයෙකු ගේ තත්ත්වය බරපතල බවත් අනෙක් 11 දෙනාම සුළු තුවාල ලැබ ප්‍රතිකාර ලබා රෝහලෙන් මේ වන විට පිටව ගොස් ඇතැයි ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලය පවසයි.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජිනීවා හි පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නිත්‍ය නියෝජිත කාර්යාලයේ නිලධාරීන් කණ්ඩායමක් සූරිච් නුවර බලා පිටත්ව ගොස් ඇති බව විදේශ අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කර සිටී.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd