(ඩයනා උදයංගනී)
එළඹෙන වෙසක් හා පොසොන් පොහෝ දිනයන් වෙනුවෙන් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු නිර්ණායක 6ක් බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයා විසින් ප්‍රකාශයට පත්කර තිබේ.
විවිධ ආයතන, සංවිධාන හා පුද්ගලයින් දන්සල් පැවැත්වීමේ මුවාවෙන් මුදල් රැස්කිරීමේ ජාවාරම්වල යෙදෙන බවටත්, එම මුදල් නිසි ලෙස වැය නොකරන බවටත් වාර්තා වන බැවින් දන්සල් පැවැත්වීමේ දී අනුගමනය කළ යුතු එම නිර්ණායක ප්‍රකාශයට පත්කළ බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් නිමල් කොටවලගෙදර මහතා පැවසීය.
ප්‍රදේශයේ විහාරාධිපති ස්වාමීන් වහන්සේගේ අවවාද අනුශාසනා හා ග්‍රාම නිලධාරී ගේ දැනුවත් වීම මත දන්සල් පැවැත්වීම, දන්සල්වලට ආධාර එකතුකිරීමේදී එම නිලධාරීන් දෙපලගේ නිර්දේශය ලබා ගැනීම, මහජනතාව පීඩාවට පත් නොවන ලෙස දන්සල පැවැත්වීම හා ඝෝෂාකාරී සංගීතය යොදා නොගැනීම, සෞඛ්යාරක්ෂිත ලෙස ආහාරපාන පිළියෙළ කිරීම, දන්සල් සඳහා ජනතාව යොමු කිරීමේ දී බෞද්ධ කොඩිය භාවිත නොකොට කහ පැහැති කොඩියක් භාවිත කිරීම, මත්වතුර, මත්ද්‍රව්‍ය, දුම්වැටි භාවිතයෙන් වැළකී කටයුතු කිරීම සහ සැදැහැ සිතින් හා ආචාරශීලිව කටයුතු කිරීම එම නිර්ණායකයන් වේ.
මෙම නිර්ණායක සියලු දිස්ත්‍රික් ලේකම්වරු හා ප්‍රාදේශීය ලේකම්වරු වෙත දැනුම් දී ඇතැයි ද නිමල් කොටවලගෙදර මහතා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේදා පාර ගමේ සරුවත් දන්සලටත් වැඩේ හම්බවෙයි වගේ....
යසපාලලා වගේ අය ඉන්නකන් මේ රට හදනව බොරු..
දන්සැල් නැවතුණොත්, අනික් අන්තවාදීන් නම් කැමැති වෙයි. මොකද එතකොට ඒ ගොල්ලන්ගේ හෝටල් ඇරලා වෙසක් දවසේ හොඳට හම්බ කරගන්න පුළුවන්නේ..
දන්සලට ආධාර එකතු කිරිමේදී පංසලේ නායක හාමුදුරුවන්ගේ අනුමැතිය සහිත ලිපියක් ඉදිරිපත් කිරිම හා දන්සල අවසානයේ අයවැයක් ඉදිරිපත් කිරීම අනිවාර්ය කළ යුතුයි.
හාමුදුරුවන් නිලධාරියකු වන්නේ කොහොමද?
දන්සල් වලට ආධාර කරන්නේ නැහැ කියා මහජනතාවට බලපෑම් කිරීමත් නතර කළ යුතුයි. ගමේ දන්සල් දෙකට ආධාර දුන් පසු සිල් ඇත්තන්ගේ දානයට කියා තවත් කණ්ඩායමක් සල්ලි ඉල්ලුවා. ඒ පිරිසේ සිටි සමහරු ගමේ නොයෙකුත් සමාජ විරෝධී ක්‍රියාවල සම්බන්ධයි කියා ගමේ උදවිය නිතර සැක කරනවා. අපි සල්ලි දුන්නේ නැහැ. මෙන්න හොඳටම දෙහි කපලා ආපහු ගියා....
දන්සැල් වලට මම නම් එතරම් කැමැත්තක් නැත. වසරකට සැරයක් වේලක් කන්න දීමෙන් ඇති වැඩේ කුමක්ද? අනික ගෙවල්වලට ගොස් ආධාර එකතු කළ මිනිසුන්ව අපහසු තත්වයකට පත්කර, සංවිධායකට ඕනෑ එපාකම් අනුව දෙන දන්සල්, මා කැමති නැත.
ඝෝෂාකාරී සංගීතය නෙවෙයි ඔතන එන්න ඕනෙ ඝෝෂාකාරී ලෙස සංගීතය භාවිතා කීරීම. බුදු රජුන් කැමතිම නැ ඝෝෂාවට.
අද කාලේ දන්සල් දෙන්නෙත් දන්සල් වලට යන්නෙත් පැෂන් එකක් ලෙසටයි.. දන්සලෙන් පසුව සංවිධායකයෝ හොඳට බීගෙන ඔවුනොවුන් කුලල් කාගෙන සමහර විට මිනී මරුමකින් අවසාන වෙනවා. එදවසට පින් කරන්න ඕනෙනම් වැඩිහිටි නිවාස, ළමා නිවාස වගේ තැන්වලට ගිහින් ඔවුන්ට කවා පොවා නහවා පිරිසිඳු කිරීම කල හැකිනේ.
මේ වෙසක් පෝයටවත් ශුද්ධාස්ටක ගොඩකින් හටගැනුනු ශරීරයෙන් විය යුත්තේ කුමක්ද කියාවත් කල්පනා කරනු මැනවි.
මෙච්චර කාලයක් මිනිස්සු හොදට කළා සුළු සුළු අඩුපාඩු තිබුනට.
මේ සැරේ කහ කොඩියක් දමන්න ඊලග සැරේ පක්ෂ වලට අදාල පාටින් කොඩි දමන්න. නිල රතු කොළ. එහෙමත් නැත්නම් සියලු ජාතින් නියෝජනය වෙන විදියේ කොඩියක් දමන්න කියලත් මේ අය කියාවී. මේකේ සමහර කරුණු නම් ගොඩක් හොඳයි.
මමනම් බෞද්ධ කොඩිය භාවිතා කිරීමේ කිසිම වරදක් දකින්නේ නැහැ. එම කොඩිය භාවිතා කිරීමෙන්, අඩුම තරමේ යම්කිසි සර්ධාවක් ඇතිවෙන්න පුළුවන්. එහි අමුතු සුන්දරත්වයක් මම නිතරම දැක්කා. හොද හිතින් නොකරනවානම් මොන කොඩිය භාවිතා කලත් පලක් නැහැ.