සේවයේ නියුතු ගුරුවරියන් ප්‍රසූත නිවාඩු යන කාල වකවානුවල සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන පරිදි පාසල්වල සේවය කිරීමට කලාප මට්ටමින් ගුරු සංචිතයක් පිහිටුවන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා අද (23) පැවසීය.
සේවයේ නියුතු ගුරුවරුන් 10,000 කට ආසන්න සංඛ්‍යාවක් වාර්ෂිකව දරු ප්‍රසූතිය ඇතුළු වෙනත් හේතු මත නිවාඩු ලබාගන්නා බව ඇමැතිවරයා කීවේය.
ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ දෙවැනි පන්තියේ නිලධාරීන් 263 දෙනෙකු ශ්‍රී ලංකා විදුහල්පති සේවයේ පළමු පන්තියට උසස්වීම් ලිපි ප්‍රදානය වෙනුවෙන් පැවැති උත්සවයක දී අධ්‍යාපන ඇමැතිවරයා එසේ කීවේය.
044
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි, වැදගත්.