විශ්වාස භංගයට පක්ෂ වූ ශ්‍රීලනිප 16ක් ඉල්ලා අස්වෙති
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහි විශ්වාස භයංගයට සහාය දුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය ඇමැතිවරුන් සහ නියෝජ්‍ය කතානායකවරයා එම තනතුරුවලින් ඉල්ලා අස්වීමේ ලිපි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට මීට ටික වේලාවකට පෙර භාර දුන් බව රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා ලංකාදීපයට පැවසීය.