(ටී.කේ.ජී.කපිල )
චීනයට බලපා තිබූ අධික වැසි සහිත සුළි කුණාටු තත්වය නිසා එරට බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ගුවන් ගමන් යළි කටුනායක ගුවන් තොටුපොළ සිට ක්‍රියාත්මක කළ බව ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා ප්‍රකාශ කළේය .
ඒ අනුව 9/16 දින දහවල් 2.30 ට චීනයේ ග්වැන්ෂෝ බලා පිටත්ව යෑමට නියමිතව තිබූ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 880 දරණ ගුවන් යානය 9/17 දින අලුයම 12.20 ට පිටත්ව යෑමට සූදානම් කර තිබූණත් , එම යානය තවදුරටත් පැයක් පමණ ප්‍රමාද වී , අලුයම 1.44 ට කටුනායක ගුවන් තොටුපොළෙන් පිටත්ව ගොස් තිබේ . මෙම ගුවන් යානයේ ප්‍රමාද වීම් කාළය පැය 12 කට ආසන්න වී තිබේ .
එමෙන්ම හොංකොං සිට 9/16 දින අලුයම 12.16 ට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ කැතේ ෆැසිපික් ගුවන් සේවයේ සී.එක්ස්.- 611 දරණ ගුවන් යානය 9/16 දින රාත්‍රී 11.05 ට හොංකොං බලා පිටත්ව යෑමට නියමිතව තිබුණත් , පසුව එම ගුවන් යානය 9/17 දින අලුයම 12.27 ට පිටත්ව ගොස් තිබේ. ඒ අනුව එම ගුවන් යානය පැය 25 ක පමණ කාළයක් ප්‍රමාද වී තිබුණි .
එමෙන්ම 9/16 දින සවස 6.35 ට චීනයේ ග්වැන්ෂෝ සිට කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණීමට නියමිතව තිබූ චයිනා සදර්න් ගුවන් සේවයේ සී.ඉසෙඩ් .3059 දරණ ගුවන් යානය සිය ගුවන් ගමන අවලංගු කළ බව දන්වා තිබේ .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd