ආණ්ඩුවට එරෙහිවී ඇමැතිකම් කරන්න බෑ - කිරිඇල්ල
ආණ්ඩුවේ කැබිනට් ඇමැතිකම් දරන්නේ නම් ආණ්ඩුවට විරුද්ධ වීමට නොහැකි බවත්, අගමැතිවරයාට එරෙහි විශ්වාස භංගයේදී ඡන්දය පාවිච්චි කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන් ලෙස තව දුරටත් රැඳී සිටීමට සදාචාරාත්මක අයිතියක් නැති බවත් රාජ්‍යය ව්‍යවසාය සංවර්ධන හා මහනුවර සංවර්ධන අමාත්‍යය ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පැවසීය.