අමල් වික්‍රමරත්න
දකුණු පළාත් ආණ්ඩුකාරවරයා වෙනුවෙන් වාහනයක් ගැනීමට පළාත් සභාවෙන් වෙන්කළ රුපියල් ලක්ෂ 430 ක මුදලින් වාහනයක් ගැනීම ප්‍රතික්ෂේප කිරීමටත් එම මුදල දකුණු පළාතේ සංවර්ධන කටයුතු සදහා යොදාගන්නා ලෙසත් දකුණු පළාත් ආණ්ඩුකාරවරයා ජනාධිපති නීතිඥ මාර්ෂල් පෙරේරා මහතා පළාත් සභාවේ ප්‍රධාන ලේකම්වරයාට දන්වා ඇත.
දකුණු පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත යවා ඇති ලිපියක් මගින් මේ බව දන්වා ඇත්තේ දකුණු පළාත් අමාත්‍ය මණ්ඩලයේ තීරණයකට අනුව ආණ්ඩුකාරවරයාට හිමි නිල වාහනය මිලදී ගැනීම සඳහා ආණ්ඩුකාරවරයාගෙන් විමසීම් ලිපියකට පිළිතුරු ලිපියක් යවමිනි.
එම ලිපියෙන් වැඩිදුරටත් දන්වා ඇත්තේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයක් මත ක්‍රියාත්මක කරනු ලබන විශේෂ ව්‍යාපෘති වැඩසටහන් සඳහා එම මුදල් යොදවා ජනතාවට සේවය කරන ලෙසයි.
.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තාත්තා වාහනය පුතාට එපා කියන එකක් නෑ....
අගය කල යුතුයි. ඔබට ජය
වැඩේ නම් හොඳයි. එ්ත් ප්‍රශ්නේ තියෙන්නේ මොකක්ද? ඔය ලක්ෂ 430ක් වටිනා වාහනේ කියන එකයි. මෙයාලට ගෙනෙන වාහන කොහොමත් තීරුබදු වලින් නිදහස්. බදු ගහන්නේ නැතිව ලක්ෂ 430ක් කියන්නේ රෝල්ස් රොයිස් වගේ එකක්වත්ද? ඒවා වත් එච්චර ගණන් නැහැ.
මක් කිවා.. මේ අප දකින්නේ හීනයක්ද? වෙන්න නම් බැහැ... මොකද කෑම වේලත් මහජන බදුමුදල් වලින් "පිනටම ගිලින අම්බරුවන් රැලක් ඉන්නා රටේ " මෙහෙම දෙයක් වෙයිද? කෙසේවෙතත් මෙම පුවත නිවැරදි නම් බදු ගෙවන අවංක පුරවැසියන් හැටියට අප එය ඉතාම ඉහළින් අගය කරනවා මෙන්ම දියවන්නා ඔයේ ගවයින්ටත් මෙය ආදර්ශයක් වේවා කියා ප්‍රර්ථනා කරන්නෙමු.
ඔන්න මිනිස්සු.. ඔබතුමාට අපගේ ප්‍රණාමය...!!
සැප වාහනයකට මුදල් දීලා සැප පුටුගන්න සැලසුම් කලාවත්ද?
දකුණු පළාතේ අහංගම උපත ලබා, ගාල්ලේ මහින්ද විදුහලෙන් උසස් අධ්‍යාපනය ලබා මෙරටේ පදිංචි කෙනෙක් හැටියට දකුණු පළාතේ ආණ්ඩුකාරවරයාගේ මෙම අදහසට ගරු කරමි ! ඉන්දික සොහොයුරා වගේම මමත්, මේසා විශාල මුදලක් මේ රටේ අප අතපත ගාන "යූරෝ"වලට හැරෙව්වම සැපවාහන කීයක් මිලට ගැනීමට පුළුවන්ද කියා විමතියට පත් වුනෙමි... මෙවැනි වාහනයකට ඉන්ධන සඳහා කොතරම් මුදලක් වෙන්කර තිබේද? ඔය වාහනේ මොකද්ද කියා මම දැනගැනීමට කැමති වෙමි..!
ආණ්ඩුකාරවරයා මෙම වාහනය ප්‍රතික්ෂේප කිරීම ගැන සතුටුයි. නමුත් අද ආර්ථික අපහසුකම් රැසක් තුල ජීවත් වෙන බහුතරයක් ජනතාවගේ බදු මුදලින්, මෙතරම් වටිනා වාහනයක් මිලදී ගැනීම මුලින්ම තීරණය කල අය ගැන සොයා බැලිය යුතුයි.
වෙන මොකද්ද ඉතින් 2018 හෝ 2019 ටොයෝටා ලෑන්ඩ් කෘසර් සහරා වී 8 එකක් මිස , ඕක තමයි ජනප්‍රිය වාහනේ මෙයාලගේ ලීටරයට කිලෝමීටර් 5යි. ඔබතුමන්ගේ ආදර්ශයට හිස නවා ගරුකරමු
අනේ 1960 ගණන්වල එක අග්‍රාණ්ඩුකාරයෙක් සිටි රටේ දැන් ආණ්ඩුකාරයෝ 9 දෙනයි. කාටද ආඩම්බර? අල්ලක් වැනි පුංචි රටේ මොනා කරන්නද මෙච්චර ආණ්ඩුකාරයෝ?
ඒවටත් හරියන්න පුතා හොරකං කරලා තියෙන්නේ...
මෙයා එපා කීවාට අනික් 8 දෙනාට දෙන්න ඕනෙනේ... නරකද ලක්ෂ හයාමාරේ පුටුවෙනුවට බැංකු දීලා V8 වෙනුවට ත්‍රීවීලර් දුන්නා නම්... අන්න තමන්ගේ පන්තියට ගැලපෙන වාහන...