විනීතා එම් ගමගේ
ශ්‍රී ලාංකිකයන් නීත්‍යනුකූල නොවන අයුරින් සංචාරක වීසා මත විදේශ රැකියාවලට යැවීම නැවැත්වීම සඳහා වන ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විශේෂ කවුළුවක් ගුවන්තොටුපලේ විවෘත කළ යුතු බවට බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිතයින්ගේ සංගමය (ඇල්ෆියා) යෝජනා කරයි.
රටින් පිටවන හා රටට ඇතුළු වන පුද්ගලයින් පිළිබඳව පරික්ෂාකර බැලීමේ නෛතික බලය ආගමන හා විගමන දෙපාර්තමේන්තුවට හිමි බැවින් සැකසහිත පුද්ගලයින් පරික්ෂා කර බලා සංචාරක වීසා මත රැකියාවලට යන බව තහවුරු වුවහොත් ආපසු හැරවීම ඔවුන්ට කළ හැකි යැයි ඇල්ෆියා සභාපති ඒ ඒ හසන් මහතා පැවැසීය.
සංචාරක වීසා වලින් විදේශ ගත වන අය පිළිබඳ පුළුල්ව පරික්ෂා කිරීමේ නෛතික බලය විදේශ සේවා නියුක්ති කාර්යංශයට නොමැති බැවින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉක්මණීන්ම මේ පිළිබඳව අවධානය යොමු කළ යුතු යැයි ද හසන් මහතා සඳහන් කළේය.
සංචාරක වීසා මත විදේශ ගත වන්නන් වැඩි වීමෙන් විදේශ රැකියා කර්මාන්තය කඩා වැටෙමින් පවතින බව පෙන්වා දුන් සභාපතිවරයා මේ කර්මාන්තය තවදුරටත් යහපත්ව පවත්වාගෙන යාමට අවශ්‍ය නම් රජය ඉක්මන් පියවරක් ගත යුතු යැයි ද කියා සිටියේය.
නිත්‍යනුකූලව විදේශ රැකියාවකට යාමට නම් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශයේ ලියාපදිංචි වී විදේශ ගත විය යුතු අතර ඒ සඳහා පුහුණුව ලබා තිබිය යුතුවේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අතට එන ගාන මදිවෙලා ලඟින් යන මිනිසුන්ගෙනුත් ගසා කන්නද හදන්නේ...? ඇගේ මාලු නටනවා මේ තුප්පහි කථා ඇහෙන කොට... අහිංසක මිනිස්සු ඉඩකඩම් උගස් තියලා මේ ගාස්තු ගෙවලා මැදපෙරදිග වැඩට යන්නේ. විසිට් වීසාවලින් රස්සාවලට යන්නේ මේ ඒජන්සිකාරයෝ කරන බලු වැඩ නිසායි. මේ ගැන ලියන්න පුළුවන් පොත් දහයක්...
මේ තනිකරම මිනිස්සු අමාරුවේ දාන අය. මේ අය මිනිස්සුට ආදරේට මුකුත් කරන්නේ නැහැ.
තනිකරම මිනිස්සු අමාරුවේ දාන අය තමයි.. මිනිස්සුන්ට ආදරේට මුකුත් කරන්නේ නැහැ.. මේ අයගේ බඩේ පාර වැදිලා ඇති.. අමාරුවෙන් ජීවත්වෙලා එන අයවත් සූරා කන ජාතියක අය... මේ අයගේ මගුල් සංගම් කාටවත් වැඩක් නැහැ. මේ අයව අල්ලලා හිරේ දාන්න ඕනේ... මේ මිනිස්සු අමාරුවේ දාන්න ආණ්ඩුවේ සහයෝගය ඉල්ලන හැටි බලන්න. යකෝ විසිට් වීසා වලට ගියාම ඔයාලට මොකක්ද තිබෙන අමාරුව.. විදේශසේවා එකත් එක්ක එකතුවෙලා ජරාව කනවා..
රජයට බරක් නොවී විදේශගත වෙලා රටට කීයක් හරි එවන අසරණ මිනිස්සුන්ට තමයි ඔක්කොම නීති, සංචාරක වීසාවලින් ඇවිත් සම්බාහන මධ්‍යස්ථානවල වැඩකරන අය රටේ සල්ලි ටික හූරන් ගියාට කමක් නැහැ. ඒජන්සිකාරයට මොකද අසාධාරණ ගාණක් අරන් සොච්චම් වැටුපකට අසරණයින්ව රට යවලා ඒ සල්ලිවලින් මේවා ගන්න පුළුවන්නේ...
ඇයි ඒ අය ගිහින් එවන ඩොලර් විදේශ විනිමය නොවේද? මේ ශ්‍රී ලංකාවට ලැබෙන්න තියෙන විදේශ විනිමය ටිකත් නවත්වන්න තමයි ඔය හදන්නේ...
යම් රටකට වලංගු වීසා බලපත්‍රයක් මගින් විදේශගත වන්නෙකු, අනාගතයේදී සිදු කරතැයි බලාපොරොත්තු වන ක්‍රියාවක් සම්බන්ධයෙන් සැකකර අත්අඩංගුවට ගැනීමට හෝ එම ගමන වැළැක්වීමට හැකියාවක් ඇත්තේ ඒ රටට ගොඩබැස්සාට පසුව මිසක් ලංකාවේදී නොවේ..
වහාම මේ විදේශ සේවා නියුක්ති කාර්යාංශය වසා දැමිය යුතුය. අල්ලපු රටේ අය ගොයම් කපනවා විසිට් වීසා වලින්...
ස්විස් සහ ඉතාලි ද්විත්ව පුරවැසියෙක් වන මමත්, ලෝකෙටම ඉතාලි ටයිල් පටවන සහ ඒවා ප්‍රවාහනයට බඩු කෝච්චි පවා අයිති මෝදෙනාහි කීර්තිරත්නත්, මිලානෝහි සුප්‍රසිද්ධ ලකීසෙවන් ක්ලබ් සහ කොල්ලුපිටියේ විශාල ගොඩනැගිලි හිමි ලකීසේවන් සුනිලුත්, මිලානෝ සහ ලන්ඩන් ඇතුළු යුරෝපීය නගර කීපයකම පළමු පන්තියේ ආපනශාලා හිමි රණසිංහගේ පියාත් පළමුවෙන්ම මිලානෝ වලට ආවෙත් ඔය කියන ‘විසිටර් වීසාවෙන්’ තමයි. අද ඒ අය ලංකාවේ කොපමණ ආයෝජන කර ඇත්ද? දියුණු වෙන්න හදන මිනිසුන්ගේ කකුලෙන් අදින්න එපා.
විදේශගත වී කරන්නේ කුමක්ද යන්න එසේ යන්නා වූ විදේශය තීරණය කරන්නකි. එම රටෙන් මොනයම්ම හෝ වීසා බලපතක් දී ඇතිනම් පිටත්වන රටට ඇති පැනය කුමක්ද? ගිය රටේ නීති විරෝධී ක්‍රියාවක් කරනවා නම් එම රටේ අදාල බලධාරීන් ඔවුන්ගේ රැකියාව කරයි. මේක ඒජන්සිකරුවන්ට මුදල් ගැරීමටත්, සාමාන්‍ය මගීන් අපහසුතාවයට පත්කිරීමටත් ගන්නා ලැජ්ජා සහගත තැතක් පමණයි. ඒජන්සියක් අවශ්‍ය රැකියාවක් තමන්ට තනිව හොයාගන්න බැරි කෙනෙකුට මිසක් ස්වාධීන මිනිස්සුන්ට නෙමෙයි. කට තිබුණාට "උම්බෑ" නොකියා හිටියා නම් තමයි හොඳ....
රැකියාවට පිටරට යන අයගෙන් කොහොමද විදේශ රැකියා කර්මාන්තය කඩා වැටෙන්නේ? හසන් මහත්තයෝ මොලේ මැටි වලින් වර්ධනය වුනොත් ඔය වගේ කතා පතුරුවන්න පුළුවන්... එ්ත් එක්කම ඔය ගොල්ලන්ගේ සංගම්වලින් කරන්නේ පිරරට රැකියාවට යන අහිංසක මිනිසුන්ගෙන් අත්තනෝමතික තැරැවූ ගාස්තු අය කිරීමනේ... ඔය සංගම් වලින් වෙන මොනවද කරන්නේ? විසිට් වීසාවලින් යන අයට ඒ අය ගොඩ බසින රටේ රැකියාවක් ලැබෙනවා නම් එම රටේ රැකියා කරන ආයතනවලින් නිසි විදියට ඒ රටවල් වල නීතියට අනුකූලව රැකියා අදාල රජයේ ආයතනවල ලියපදිංචි කරලයි රක්ෂාව දෙන්නේ...
ලංකාව අද ගැටගහගෙන දුවන්නේ විදේශවල සේවය කරන අයගේ වැටුපෙ පිහිටෙන්. ආණ්ඩුව ගානේ රට යවපු අය එක්කෙනෙක් වත් නැහැ. හැමෝම ගිහින් තියෙන්නේ තම තමුන්ගේ වියදමෙන්. මේ අයට ඕනේ වෙලා තියෙන්නේ එ්කත් නතර කරන්ට වගේ. අපි කන කට්ට අපි විතරයි දන්නේ... රට ගිහිල්ලා පට්ට අව්වේ, පට්ට සීතලේ අපි හා දුක් විඳලා එවන සල්ලිවලින් මේ අය ජීවත් වෙන්නේ...
ලංකාවේ මාලු ටික බේරගන්න බෑ ඉන්දියාවෙන්. විසිටර් වීසා වලින් ඉන්දියානුවන් කොපමණක් ලංකාවේ රස්සා කරනවද? බදාම අනන, කොත්තු ගහන අයගේ සිට ඉංජිනේරු උපදේශක මට්ටමේ අය දක්වා විශාල පිරිසක් මෙහෙ ඉන්නවා. ඉස්සෙල්ල ඒවා නිවැරදි කරන්න තරම් කොන්දක් නෑ මේ පාලකයින්ට. ඉන්දියාවට හතර අතේ වැඳ වැඳ ඉන්නවා.
විසිට් වීසාවලින් හෝ පිටරට ගොස් විදේශ විනිමය ශ්‍රී ලංකාවටයි එවන්නේ.. ඒ අයගේ ජිවිතේ ඇතිවන සියලුම ආර්ථික ප්‍රශ්න නිවාස ප්‍රශ්න බැංකු ණය ඇතුළු දරුවන්ගේ අධ්‍යාපන වියදම් තම දෙමාපියන්ගේ සහෝදර සහෝදරියන්ගේ සියලුම ප්‍රශ්න හරියට රජය දරනවා වගකියනවා වගේ...? ජාත්‍යන්තරේට පෙන්නූ ගෝරනාඩු බෙරිහන් දුන්නට කමක් නෑ. විද්‍යුත්, මුද්‍රිත මාධ්‍යවල පලකළාට කමක් නැත. මා ඉහත කී කරුණු පිළිබඳ 10 වරක් හිතන්න...
විදේශ රැකියා නියුක්ති කාර්යංශය කියන්නේ තනිකරම හොර ගුහාවක්. මේ යක්කුන්ගේ සාක්කු හිස්වෙලා වගෙයි. තම සුදුසුකම් තියාගෙන සංචාරක වීසාවලින් තමන් කැමති රටකට ගිහිල්ලා රස්සාවක් හොයාගෙන ලංකාවට මුදල් එව්වම තියෙන වැරැද්ද මොකක්ද? මුලින්ම හොයන්න සංචාරක වීසා මුවාවෙන් ලංකාවට ඇවිල්ලා වැඩ කරලා තියෙන විදේශීය මුදල් සූරාගෙන යන යන අය ගැන...
මේ 21 වැනි ශතවර්ෂයේ මිනිස්සු රට යන හේතු හොයන්න පාලනය කරන්න ඔය සංගම්වලට බැහැ. විසිට්වීසාවලින් ගියත්, ඒජන්සිවලින් ගියත් ලංකාවට එද්දී රැකියා වීසා ගත්ත දා ඉඳන් පිටරට හිටි අවුරුදු ගණනට ගෙවන්න වෙනවා. එ්කේ වෙනසක් නැහැනේ... ඔය සංගමේට තවදුරටත් විදේශ රැකියා සොයන ලාංකිකයෝ බිලීබාගෙන බඩවඩා ගන්න අපහසු නම් කරන්න තියෙන්නේ රජයේ ආධාර අරන් ගංජා වවන එක.. මම දැක්කා ඒ සඳහා ඉදිරිකාලයේ වැඩපිළිවලක් යොදන බවට ප්‍රවෘත්තියක්.
මේ සංගම් තමයි ව්‍යාජ ගිවිසුම් ගහලා කාන්තාවන් මැද පෙරදිග ගෘහ සේවයට යවන්නේ. ඔවුන් එහේ අමාරුවේ වැටුනුත්, මේ සංගමය බලන්නවත් නැහැ. පුදුම අනුකම්පාවක් දැන් ඇවිල්ලා තියන්නේ.
පිටිගල මිලානෝ, නියමයි කවදද ආවෙ ඉතාලි
ශ්‍රී ලංකාවෙන් විසිට් වීසා මත පිටරට ගොස් රැකියා කරන අය ගැන ඒ රටවල් බලාගනී. ඔහෙලා විසිට් වීසාවලට ඇවිත් මෙහෙ රැකියා කරන අය ගැන බලන්නකෝ... තමන්ගේ රටේ වෙනදේවල් බලන්නේ නැහැ රටින් පිට වෙනදේවල් සොයන්න යනවා. විසිට් වීසා දෙන රටවල් ඒවා සොයා බලා තමයි වීසා දෙන්නේ ඔයගොල්ලෝ තව මොන කෙහෙල්මලක් හොයන්නද? දක්ෂයින් තමයි ඔය වගේ අවදානම් ගන්නේ... ජීවිතයේ අවදානම නොගන්නා හැමදාම එකතැනයි..