(ටී.කේ.ජී.කපිල)
 
               
ව්‍යාජ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රයක් උපයෝගී කර ගනිමින් ශ්‍රී ලංකාව හරහා රෝමය වෙත ගුවන් ගත වීමට පැමිණි ඉරාන ජාතික ගුවන් මගියකු අද (14) අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
 
මොහු 30 හැවිරිදි ඉරාන ජාතිකයෙකි .
 
ඔහු ඉදිරිපත් කළ ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රය ගුවන් තොටුපොළ ආගමන - විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පරීක්ෂා කිරීමෙන් පසුව ව්‍යාජ එකක් බවත්, මොහු ස්පාඤ්ඤ ජාතිකයකු නොව ඉරාන ජාතිකයකු බවත් අනාවරණය කරගෙන තිබේ .
 
තවදුරටත් මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම ස්පාඤ්ඤ ජාතික ගුවන් ගමන් බලපත්‍රය උපයෝගී කරගෙන ඔහු රෝමය වෙත යෑමට පැමිණි බවද හෙළි වී තිබේ .