(ආරියරත්න රණබාහු)
ජනතා විමුක්ති පෙරමුණ 20වැනි සංශෝධනය ඉදිරිපත් කර ඇත්තේ එක්සත් ජාතික පක්ෂයේ කොන්ත්‍රාත්තුවක් ඉටු කිරීම සඳහා යැයි මාතර දිස්ත්‍රික් මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
19 ය සංශෝධනය කර ගැනීමට අධිකරණය ඉඩ නොදුන් දෙය 20 වැනි සංශෝධනය හරහා කිරීමට එජාපයට වුවමනාව වී ඇති බවද ඔහු කීය.
විධායක ජනාධිපති ක්‍රමය මගින් ප්රජාතන්ත්රවාදයට සිදු වන අනතුරක් පිළිබඳව රටම කතා කළ නිසා ඊට පිළියම් ලෙස ගෙනා 19 වැනි සංශෝධනයට ඡන්දය දුන් බව පැවසු මන්ත්‍රීවරයා අද තමන් ඒ පිළිබඳව කණගාටු වන අතර එය වරදක් යැයි පිළිගන්නා බවද කීය.
මන්ත්‍රීවරයා මෙම අදහස් ප්‍රකාශ කළේ අද (13) බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේ පැවැති මාධ්‍ය හමුවකදීය.
ඡායාරූප චතුර එස් .කොඩිකාර

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේ මන්තිරිලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේද නැත්නම් පොහොට්ටුවේද? සමහරවිට මේගොල්ලෝ ආපහු එයි යනෙන මන් නැතිවුනාම.
කොහේ ගියත් කටිටියගේ හැටිනේ..
යන එන මන් නැති අයගෙන් මොන සේවයක්ද රටට
පැකර් ගෙනල්ල කැසිනෝ දාන්න බදු සහන දීපු උන්දැනෙ මේ ජාත්‍යාලෙන් ඔද වැඩිල දඟලන්නෙ. අපි මැරිල ඉපදුනේ නෑ මහත්තයෝ. දැන් රෙදි ඇඳගෙනද සිංගප්පූරු ගිවිසුම් ගැන කතාකරන්නෙ. ඔයා පැකර් ගේන්න මොනතරම් මහන්සියක් ගත්තද.
මෙහෙම තමයි මහින්ද වෙනුවෙන් ගෙනාපු 18 ට ඡන්ද දීලත් කිව්වේ, තමන් කල වැරදි බව. දැන් කියනවා 19 ට ඡන්ද දීපු එකත් වැරදි බව. ඉතිහාසයේම මෙයාලා කරලා තියන්නේ වැරදි තමා, ඉදිරියටත් කරන්නෙත් වැරදි තමා.
මේ මහත්තයත් ලංකාවේ ඒකාධිපති රජෙක් පත් කරන්න අනුමත කල 18 වෙනි සංශෝධනයට අත ඉස්සුවා නේද? මතක නැත්ද.?මම නම් හිතන්නේ 20 ඊට වැඩිය හොඳයි.
මේ අය කිසි ලැජ්ජාවක් නැති අය.. මෙයා එදා හිටියේ එජාපයේ... එදා රනිල් තමයි ලෝකයම පිළිගත් නායක.. 2005දී TV එක ඉස්සරට ඇවිත් කිව්වේ මහින්දට විරුද්ධවයි.. නමුත් මහින්දට හේත්තු වුණාට පස්සේ මේ අයට තේරුණා මේ අයත් එක්ක ඕනෑම හොරකමක්, අපරාධයක් කරලා ජොලියේ ඉන්න පුළුවන් බව.. දකින කොටත් මහත් පිළිකුලක් ඇතිවෙනවා.
කථා දෙකක් නැත ජවිපය කරන්නේ එජාප කොන්ත්‍රාත්තුවක්... දන්නා මිනිස්සු ජවිපයට ඡන්දයක් දෙන්නේ නැත...