සුමතිපාල දීයගහගේ / ඩි ජි සුගතපාල
ගිං ගඟ මුහුදට වැටෙන ගිං තොට මෝය කට අසල අද උදේ (14) මුහුදේ දිය නාමින් සිටියදී රළ පහරකට අසු වී දියේ ගිලි මියගොස් ඇති පුද්ගලයකුගේ මළ සිරුර සොයා ගත් බව ගාල්ල පොලිසිය පවසයි.
මෙසේ මියගොස් ඇත්තේ බුස්ස පිටිවැල්ලේ පදංචිකරුවෙක් වූ කොන්තිගොඩ කංකානම්ගේ සුනිල් ශාන්ත නැමති 52 හැවිරිදි අයෙකි.
මිය ගිය අය ගිංතොට වැලිපිටි මෝදර පාරේ ඇඳුම් මසන්නකු ලෙස සේවය කරමින් සිටි බව අනාවරණය වි තිබේ.
රළ පහරට හසු විමෙන් ඈත මුහුදට ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි මෙම පුද්ගලයාගේ මළ සිරුර නාවික හමුදාව විසින් සොයාගෙන ගොඩබිම වෙත ගෙනන ලද බව වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd