රොහාන් කුමාර
අවුරුදු 13ක ඥාතී දියණිය අපයොජනය කළ බේකරි බාස්ට ලක්ෂ හතරක වන්දියක් හා දසදහසක දඩයක් ගෙවන ලෙස කෑගල්ල මහාධිකරණ විනිසුරු නාමල් බලල්ලේ මහතා නියෝග කළේය.
මෙලෙස දඬුවම් නියම කෙරුණේ යටියන්තොට පදිංචි කඩිගොමුවේ රන්ජිත් 42 හැවිරිදි සිව්දරු බේකරි බාස්වරයෙකි.
2008 ජනවාරි 8 වැනි දා සිට අගෝස්තු මාසයේ 31 වැනි දා දක්වා කාලය තුළ දී කීහිප සැරයක් අපයෝජනය කළේ යැයි යටියන්තොට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන රුවන්වැල්ල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළේය.
ඔහුට විරුද්ධව රුවන්වැල්ල මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ලගු නොවන විභාගයක් පවත්වා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කිරිමෙන් පසුව නීතිපතිවරයා විසින් සැකකරුට විරුද්ධව චොදනා ගොනුකර කෑගල්ල මහ අධිකරණයේ නඩු පවරනු ලැබිණි.
ඒ අනුව අගතියට පත් පාර්ශවයට ලක්ෂ හතරක වන්දියක් ගෙවන ලෙස නියම කරමින් රුපියල් දසදහසක දඩයක් ගෙවන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියෝග කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රට වගේ " බාල වයස්කාරයන් දුෂණය " කල හැකි තවත් රටක් ලෝකේ නැති තරම් ..
ලක්ෂ 4ක් කියන්නේ අද කාලේ බොහොම සුළු ගාණක්... ලක්ෂ 20ක වත් දඩයක් ගහලා අවුරුදු 10කට වත් හිරේ දාන්න ඕනේ ඔය වගේ අපරාදවලට...
මොකද හිර දඬුවමක් නැත්තේ?