විනීතා එම් ගමගේ
ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරියේ පාඨමාලා සහ සේවාවන් පිළිබඳ දැනගැනීම සඳහා එම අධිකාරිය ක්ෂණික ඇමතුම් අංකයක් ලෙස 1951 අංකය හඳුන්වා දී ඇත.
සතියේ කාර්යාල වේලාවන් හිදී පමණක් දැනට කි‍්‍රයාත්මක මෙම අංකයට ඕනෑම ස්ථාවර හෝ ජංගම දුරකථන අංකයක් ඔස්සේ සම්බන්ධ විය හැකිය.
දැනට බහුල රැකියා අවස්ථා ඇති ඉදිකිරීම් ක්ෂේත්රය, මෝටර් කාර්මික ක්ෂේත්රය, සෞඛ්‍ය කෙෂත්රය, හෝටල් හා සංචාරක කෙෂත්රය යන ක්ෂේත්‍ර සඳහා නිපුණ ශිල්පින් 25000ක් බඳවා ගැනීම සඳහා වන ජාතික වැඩසටහනට සමගාමීව මෙම ක්ෂණික දුරකතන අංකය හඳුන්වා දී තිබේ.
සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම විස්තර ලබා ගත හැකි මෙම අංකය ඔස්සේ ආධුනිකත්ව පුහුණු පාඨමාලා, වෘත්තිය මාර්ගෝපදේශන, පෙර ඇගයුම් ක්‍රමය යටතේ සහතික පත්‍ර ලබා ගැනීම නිපුණතා ණය යෝජනා ක්‍රම ඇතුළු තොරතුරු ලබා ගත හැකිවේ.
විද්‍යා තාක්ෂණ පර්යේෂණ නිපුණතා සංවර්ධන හා වෘත්තිය පුහුණු සහ කන්ද උඩරට උරුමය පිළිබඳ අමාත්‍ය ආචර්ය සරත් අමුණුගම මහතා ගේ සංකල්පනාවක් අනුව මෙම අංකය හඳුන්වා දී තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd