විනීතා එම් ගමගේ
මුතුරාජවෙල තෙල් ගබඩා සංකීර්ණයට තෙල් ගෙන යන නලයක් පුපුරා යාමෙන් කාන්දු වූ තෙල් ඉවත් කිරීමේ කටයුතු නවතා දැමීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය තීරණය කර ඇත.
මේ වනවිට ගොඩබිමට ගසා තිබු තෙල්වලින් සියයට 90 ක් පමණ ඉවත් කර අවසන් බව සමුද්‍රිය පරිසර ආරක්ෂණ අධිකාරියේ සාමාන්‍යාධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර මහතා පැවැසීය.
මුහුදේ තවත් තෙල් ඇති අතර ඒවා ගොඩබිමට පාවී තිබුණොත් ඉවත් කිරීමට කටයුතු කරන බවත් දැනට තණකොළ ගල්පර වැනි තැන්මත ඇති තෙල් ඉවත් කළ නොහැකි බැවින් ස්වභාවික අයුරින් වියෝජනය වන්නට හරින බව ද සමාන්‍යධිකාරිවරයා කියා සිටියේය.
මුහුදට වැටුණු තෙල් ප්‍රමාණය ටොන් දහයක් පමණ වෙතැයි තෙල් නැව අයත් සමාගම කියා ඇතත් එම ප්‍රමාණය ටොන් විසි පහකටත් වඩා අධික බව තම නිරික්ෂණය යැයි ද ප්‍රදීප් කුමාර මහතා පැවැසුවේය.
සාමාන්‍යයෙන් තෙල් කාන්දුවක් සිදුවූ අවස්ථාවක එයින් සියයට 70ක් වත් ඉවත් කළ යුතු බව අන්තර් ජාතික නියමය බව පැවසූ සාමාන්‍යධිකාරිවරයා තම ආයතනය සියලූ අංශ සහය කරගෙන සියයට අනුවක් පමණ තෙල් ඉවත් කළේ යැයි ද කීය.
ඉවත් කළ තෙල්වලින් කොටසක් ඛණිජ තෙල් නීතිගත සංස්ථාව පිරිපහදු කිරීමට බාරගෙන ඇති අතර තවත් කොටසක් ඉවත ලා ඇතැයි ද පැවැසේ.
කෙසේ වෙතත් මේ වනවිටත් උස්වැටකෙයියාව ආසන්න මුහුදු වෙරළේ සමහර ගල්පර හා ළඳු බිම්වල තෙල් තට්ටු පවතිතැයි ප්රදේශවාසිහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ තෙල් ළිං වලින් ලැබෙන බොරතෙල් වලට ලුණුවතුර මිශ්රය. සමහර තෙල් ළිං වලින් බොරතෙල් මතුපිටට ගැනීමට එකපැත්තකින් ළිංදට ලුණුවතුර පොම්පකරනු ලැබේ. එමනිසා බොරතෙල් වතුර සමඟ මිශ්‍ර වීම ප්‍රශ්නයක් නොවේ. මාදන්නා පමණින් ලුණුවතුර, ගෑස් හා බොරතෙල් මිශ්‍රණය පැය 5 පමණ කාලයක් ටැංකියක තැබීමෙන් වතුර ටැංකියේ අඩියට බසිනුලැබේ. ඊටපසු ටැංකියේ අඩියේ ඇති කරාම ඇර වතුර ඉවත් කර බොරතෙල් රිෆයිනරියට යවනු ලැබේ. තෙල් ළිංඳකින් ලබා ගන්නා බොරතෙල් පලමුව යන්නේ මෙම වතුර සහ තෙල් ඉවත් කරන ස්ථානයටය. එය ගෑස් ඔයිල් සේපරේෂන් ප්ලාන්ට් හෙවත් ගොස්ප් නමින් හදුන්වනු ලැබේ. මෙහෙ මුහුදට වැටුන තෙල් වතුරෙන් වෙන් කර ගැනීමට මෙම පහසුකම් තිබේදැයි දන්නේ නැත. තිබෙනවානම් ඔය බොරතෙල් අපතේ යන්නේ නැත.