සුජිත් හේවාජුලිගේ
බස්නාහිර පළාත් සභාව මිල අධික පුටු මිලදී ගැනීමට ගෙන තිබූ තීරණය හා එහි මූල්‍ය අක්‍රමිකතා සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා පළාත් සභාවේ ප්‍රධානීන් ලබන 18 වැනිදා පාර්ලිමේන්තුවේ රාජ්‍ය ගිණුම් කාරක සභාවට (කෝප්) කැඳවීමට තීරණය කර ඇත.
බස්නාහිර පළාත් සභාව පසුගිය කාලයේදී ගත් විවිධ තීන්දු තීරණ සම්බන්ධයෙන් රටේ දැඩි කතා බහකට ලක්වුණු අතර එම තීන්දු තීරණ සම්බන්ධයෙන්ද මෙහිදී කරුණු විමසීමට නියමිතව ඇතැයි පාර්ලිමේන්තු රාජ්‍ය ගිණුම් කාරක සභාවේ ප්‍රකාශකයෙක් පැවැසීය.
බස්නාහිර පළාත් සභාවේ වියදම් සම්බන්ධයෙන් රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුව නිකුත් කළ විගණන වාර්තා සම්බන්ධයෙන් ද මෙහිදී දීර්ඝව සාකච්ඡා කරන බව රාජ්‍ය ගිණුම් කාරක සභාව පවසයි.
බස්නාහිර පළාත් සභාව නව ගොඩනැගිල්ලකට ගෙන යෑමේදී හා ඊට විවිධ දේවල් මිලදී ගැනීමේදී අක්‍රමිකතා සිදුව ඇති බවට චෝදනා එල්ල වී ඇතැයිද එම කාරක සභාව සඳහන් කරයි.
බස්නාහිර පළාත් සභා මූල්‍ය කටයුතු සම්බන්ධයෙන් යම් තොරතුරු ඇත්නම් ලබන 18 වැනිදා පෙර ඒ තොරතුරු ලිපි හෝ දුරකථන මාර්ගයෙන් රාජ්‍ය ගිණුම් සභාවට දැනුම් දෙන ලෙස ඉල්ලීමක් කෙරේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හපොයි ! අසුචි කෝච්චියක් අවුස්සන්නයි හදන්නේ. මසුරු (ලෙස) වියදම් කරපු මුදල්.
ඊළගට ප්‍රසම්පාදන මණ්ඩලයට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙයි. ඔවුන්ට බලකර පිරිවිතර සකස්කර ප්‍රසම්පාදනය කරවාගත් පළාත් සභාවේ මහ ඇමති ඇතුලු සියලුම සභිකයින් නිර්දෝශී වෙන් නැතෑ.
රජිව් ගාන්ධි අපේ රටට බලහත්කාරයෙන් පළාත් සභා දුන්නේ මේ රට හිඟ.න රටක් කරන්න.එනිසා දැන්වත් මේ පලාත්සභා අහෝසිකරන්න.එය බැරිනම් මෙවැනි දූෂණ කරනවිට එම පලාත්සභා විසුරුවා හැරියහැකි සංශෝධන ආණ්ඩුක්‍රම විවස්ථාවට ඇතුල්කරන්න.මේ රට සංවර්ධනයට එය ඉවහල්වේවි.
රජිව් ගාන්ධි අපේ රටට බලහත්කාරයෙන් පළාත් සභා දුන්නේ මේ රට හිඟ.න රටක් කරන්න.එනිසා දැන්වත් මේ පලාත්සභා අහෝසිකරන්න.එය බැරිනම් මෙවැනි දූෂණ කරනවිට එම පලාත්සභා විසුරුවා හැරියහැකි සංශෝධන ආණ්ඩුක්‍රම විවස්ථාවට ඇතුල්කරන්න.මේ රට සංවර්ධනයට එය ඉවහල්වේවි.
ගිණුම් කාරක සභාව කියන්නේ කෝප් එක නෙමෙයි. කෝප් කියන්නේ පොදු ව්‍යාපාර කාරක සභාව.