IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අලි ප්‍රහාරයෙන් මිය ගිය අලි නායකයාට අවසන් ගෞරව

 

(කාංචන කුමාර ආරියදාස)

 

කලාවැව ජාතික උද්‍යානයේ සිටි දැවැන්තම වන අලියකුට  ඇතෙකු  විසින් පහර දී මරා දමා තිබෙන අතර කලාවැවේ  සිටින වන අලි රංචු පිටින් පැමිණ මරා දැමූ  රැහේ නායකයාට අවසන් ගෞරව දැක්වූ සංවේගජනක දර්ශනයක් දැක ගැනීමට හැකිවිය.

කලා වැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් 300ක් පමණ සිටින අතර එහි කණ්ඩායම් කිහිපයකට නායකත්වය ලබාදෙන බව කියන මෙම අලියා දින ගණනාවක සිට කලා වැවේ සිටින දැවැන්ත ඇතෙකු සමඟ ගැටුමක් ඇති කරගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.

මෙම ඇතාගේ දැඩි ප්‍රහාරයට ලක්ව අලි රංචුවට නායකත්වය දුන් අලියා ඊයේ (16) පස්වරුවේ මියගොස් තිබිණි.

මේ සමඟ අවට සිටි වනඅලින් රංචු දෙකක් පැමිණ මියගිය අලියා අසළට වී ඔහුට අවසන් ගෞරව දැක්වීම මෙන්ම ශෝකය ප්‍රකාශ කරන සංවේදී දසුන් එහිදී දැක ගැනීමට ලැබිණි.

කුඩා අලි පැටවු පවා එහි පැමිණ අලියාගේ මළ සිරුරේ සිය සොඩය ස්පර්ශ කරමින් වේදනාවෙන් යුතුව සිටියහ.

වනජීවී නිලධාරීන් කියාසිටියේ මෙවැනි අවස්ථා දුර්ලභ  බවයි. එසේම රංචුවේ සිටින ප්‍රධානියාට කරදරයක් වූ විට රංචුවේ අනෙකුත් වන අලින් මෙයාකාරයෙන් ඔහුව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වන අලින්ගේ ස්වභාවය බවයි.

කෙසේ වෙතත් මියගොස් වැටී සිටි වන අලියාට කැලේ සිටින අනෙකුත් අලි අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නැවතත් ඇතා පැමිණ අලියාගේ මළ සිරුරට ද සිය දළ වලින් ඇන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.



අදහස් (11)

අලි ප්‍රහාරයෙන් මිය ගිය අලි නායකයාට අවසන් ගෞරව

sarath Monday, 17 September 2018 07:12 AM

තරුණ අලියෙක් අකාලේ මියගිහින්........... වනජීවියෙන් හරි ගැටුමට මැදිහත් වෙලා අවුල ගොඩ දැම්මනම් තමයි සතුටු.

:       193       240

රජින්ද Monday, 17 September 2018 08:11 AM

දරුණු පරිසර හානිය, වන සංහාරයන් නිසා ලොකු කුඩා සියලුම සත්වයින්ට ඔවුන්ගේ නිජ භුමි අහිමිව යාමෙන් මෙවැනි සිදුවීම් ඉදිරියේදී වැඩි වර්ධනය විය හැකිය.

:       36       128

පිටිගල මිලානෝ Monday, 17 September 2018 09:57 AM

අලි ගැටුම නවත්වන්න රිලවෙක් වත් හිටියේ නැද්ද?

:       169       374

Nimal Monday, 17 September 2018 11:13 AM

තිරිසන් සතුන් උනත් උන්ටත් උසස් ගති ගුණ තියෙනවා. කණගාටුවට කරුණක් වුවත් සත්ත්ව නිරීක්‍ෂකයින්ට වැදගත් අවස්ථාක්.

:       0       130

hasantha Monday, 17 September 2018 05:15 PM

නියම නායකයෙක්... සටනේදී වැඩි වාසිය ඇතාට වුණත් තමන්ගේ රැල වෙනුවෙන් එඩිතරව සටන් කළා. රැලේ ඉන්න අනිත් අලි මේකෙන් අනිවාර්යයෙන් දිරිමත් වෙනවා. මේ නායකයා වගේ බොහෝ නායකයන් බිහි වේවි...!!! අපේ දේශපාලකයින්ටත් නායකත්වයේ ලක්ෂණ ආදර්ශයට ගන්න පුළුවන්...

:       3       314

විජිත් Monday, 17 September 2018 06:29 PM

හසන්තමල්ලි, මේ අලි නායකයා නියම නායකයෙක් කියලා මමත් හිතනවා , ඒ නිසා තමයි එයාගේ මියගිය සිරුරට ආචාර කරන්න අලි රංචු පිටින් ආවේ. මේ නායකයා එයාගේ වර්ගයාට උපරිමයෙන් සේවය කරන්න ඇති. ඒ සතා අනිත් අලින්ගේ වස්තුව හොරා කන්න නැතිව ඇති,අන්සතු ඇතින්නියන් පසුපස යන්න නැතිව ඇති, තමන්ගේම වර්ගයාව මරන්න නැතිව ඇති,තමන්ගේ දරුවන් සහ ලඟම නෑදෑ අලින්ට අනිත් අයට වඩා වෙනස්ව සලකන්න නැතිව ඇති ඒ වගේම තමයි අලි - අලි අතර ජාති ආගම් කුල ආදී වශයෙන් වෙන්කර උන් උන් අතර වයිරය ඇතිකරන්න උත්සහ ගන්න නැතිව ඇති. ඒ කියන්නේ ඒ සතා අපේ රටේ සිටින " මනු සතුන්ගේ" නායකයින් යයි කියාගන්නා " දේශපාලුවන්" ට වඩා කොයිතරම් උතුම් නායකයෙක්ද.අපේ රටේ සිටින දේශපාලුවන්ට මේ නායකයාගෙන් ආදර්ශයක් ගන්න බැරි හේතුවක් තියෙනවා. ඒ තමයි දේශපාලුවන්ගේ හිසේ මොලයක් පිහිටන්නේ නැති නිසා ඔවුන්ට " සිතීමට " හැකියාවක් නැත.ඔවුන්ගේ මොලය ශරීරයේ පශ්චාත් භාගයේ පිහිටා ඇතිනිසා හැමවිටම වැරදියට ක්‍රියා කරන්නේ. ඒ නිසා තමයි අපේ රට මේ තරම් අභාග්‍යමත් වෙලා තියෙන්නේ. කවදාහරි දවසක අපිටත් මේ අලි නයකයාවගේ නියම " මනු" නායකයෙක් ලැබුනොත් ...ඔබත් දිනුම් මමත් දිනුම් අපේ රටම දිනුම්.

:       1       112

pereraTuesday, 18 September 2018 07:29 PM

විජිත්, ඔබගේ ස්ථාවරයේම තමයි මමත් සිටින්නේ හැබැයි කණගාටුවට කරුණ අපේ රටේ බොහෝ දෙනෙක් තමන්ගේ නායකයින් ලෙස පත් කරගන්න කැමති අවස්ථාවාදී මානසිකත්වයක් ඇති දූෂිත, පවුල්වාදයට මුල් තැන දෙන, තමුන්ගේ මඩිය තරකරගන්න මාන බලන දෙස්පාලුවන්මයි. අපේ රටේ බොහෝ දෙනෙක් නායකයින් ලෙස පුම්බාගන්න අයට මේ අලින්ගෙන්වත් යමක් ඉගෙන ගන්න ලැබේවා කියා මා දෙවියන්ගෙන් කන්නලව්වක් කරනවා,

:       2       1

abaran Tuesday, 18 September 2018 12:06 AM

ෂාහ් ....අපේ ඇමති තුමා මේ වෙලාවේ හිටියානම් මැදට පැනලා බේරලා දමනවා...

:       2       119

vajira Tuesday, 18 September 2018 04:02 AM

වනජීවී නිලධාරීන් ගේ එක රාජකාරියක් වන්නේ වනසතුන් බේරා ගැනීම නොවේද? ඉතින් මෙහෙම සටනකදී එය නවත්තන්න බැරි නිලධාරීන්ගෙන් ඇති වැඩේ මොකක්ද?

:       3       12

SISIRA WIJERATHNE Tuesday, 18 September 2018 04:34 AM

ස්භාවධර්මය තුල පවත්නා ස්ථිර ලක්ෂණයක් තමා ප්‍රබලයන් දෙදෙනකු නොසිටීම

:       0       59

OMG Tuesday, 18 September 2018 06:02 AM

සිසිර විජේරත්න - ඔබ හරි. නමුත් එය සංවේදිජනක සිද්ධියක්.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site