(කාංචන කුමාර ආරියදාස)
කලාවැව ජාතික උද්‍යානයේ සිටි දැවැන්තම වන අලියකුට ඇතෙකු විසින් පහර දී මරා දමා තිබෙන අතර කලාවැවේ සිටින වන අලි රංචු පිටින් පැමිණ මරා දැමූ රැහේ නායකයාට අවසන් ගෞරව දැක්වූ සංවේගජනක දර්ශනයක් දැක ගැනීමට හැකිවිය.
කලා වැව ජාතික උද්‍යානයේ අලි ඇතුන් 300ක් පමණ සිටින අතර එහි කණ්ඩායම් කිහිපයකට නායකත්වය ලබාදෙන බව කියන මෙම අලියා දින ගණනාවක සිට කලා වැවේ සිටින දැවැන්ත ඇතෙකු සමඟ ගැටුමක් ඇති කරගෙන ඇතැයි වනජීවී නිලධාරීහු පවසති.
මෙම ඇතාගේ දැඩි ප්‍රහාරයට ලක්ව අලි රංචුවට නායකත්වය දුන් අලියා ඊයේ (16) පස්වරුවේ මියගොස් තිබිණි.
මේ සමඟ අවට සිටි වනඅලින් රංචු දෙකක් පැමිණ මියගිය අලියා අසළට වී ඔහුට අවසන් ගෞරව දැක්වීම මෙන්ම ශෝකය ප්‍රකාශ කරන සංවේදී දසුන් එහිදී දැක ගැනීමට ලැබිණි.
කුඩා අලි පැටවු පවා එහි පැමිණ අලියාගේ මළ සිරුරේ සිය සොඩය ස්පර්ශ කරමින් වේදනාවෙන් යුතුව සිටියහ.
වනජීවී නිලධාරීන් කියාසිටියේ මෙවැනි අවස්ථා දුර්ලභ බවයි. එසේම රංචුවේ සිටින ප්‍රධානියාට කරදරයක් වූ විට රංචුවේ අනෙකුත් වන අලින් මෙයාකාරයෙන් ඔහුව ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීම වන අලින්ගේ ස්වභාවය බවයි.
කෙසේ වෙතත් මියගොස් වැටී සිටි වන අලියාට කැලේ සිටින අනෙකුත් අලි අවසන් ගෞරව දැක්වීමෙන් පසුව නැවතත් ඇතා පැමිණ අලියාගේ මළ සිරුරට ද සිය දළ වලින් ඇන ඇති බව වනජීවී නිලධාරීහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තරුණ අලියෙක් අකාලේ මියගිහින්........... වනජීවියෙන් හරි ගැටුමට මැදිහත් වෙලා අවුල ගොඩ දැම්මනම් තමයි සතුටු.
දරුණු පරිසර හානිය, වන සංහාරයන් නිසා ලොකු කුඩා සියලුම සත්වයින්ට ඔවුන්ගේ නිජ භුමි අහිමිව යාමෙන් මෙවැනි සිදුවීම් ඉදිරියේදී වැඩි වර්ධනය විය හැකිය.
අලි ගැටුම නවත්වන්න රිලවෙක් වත් හිටියේ නැද්ද?
තිරිසන් සතුන් උනත් උන්ටත් උසස් ගති ගුණ තියෙනවා. කණගාටුවට කරුණක් වුවත් සත්ත්ව නිරීක්‍ෂකයින්ට වැදගත් අවස්ථාක්.
නියම නායකයෙක්... සටනේදී වැඩි වාසිය ඇතාට වුණත් තමන්ගේ රැල වෙනුවෙන් එඩිතරව සටන් කළා. රැලේ ඉන්න අනිත් අලි මේකෙන් අනිවාර්යයෙන් දිරිමත් වෙනවා. මේ නායකයා වගේ බොහෝ නායකයන් බිහි වේවි...!!! අපේ දේශපාලකයින්ටත් නායකත්වයේ ලක්ෂණ ආදර්ශයට ගන්න පුළුවන්...
ෂාහ් ....අපේ ඇමති තුමා මේ වෙලාවේ හිටියානම් මැදට පැනලා බේරලා දමනවා...
වනජීවී නිලධාරීන් ගේ එක රාජකාරියක් වන්නේ වනසතුන් බේරා ගැනීම නොවේද? ඉතින් මෙහෙම සටනකදී එය නවත්තන්න බැරි නිලධාරීන්ගෙන් ඇති වැඩේ මොකක්ද?
ස්භාවධර්මය තුල පවත්නා ස්ථිර ලක්ෂණයක් තමා ප්‍රබලයන් දෙදෙනකු නොසිටීම
සිසිර විජේරත්න - ඔබ හරි. නමුත් එය සංවේදිජනක සිද්ධියක්.