(සුජිත් හේවාජූලිගේ)
ජනතාවගේ ඡන්ද අයිතිය ඉල්ලා තමා අද හෙටම ශ්‍රේෂ්ඨාධිකරණයට යන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති හිටපු අමාත්‍ය මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා පැවැසීය.
මහාචාර්යවරයා මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදී අද (17) පැවැති ප්රවෘත්ති සාකච්ඡාවේදී ය.
එහිදී මහාචාර්ය ජී. ඇල්. පීරිස් මහතා මෙසේ ද කීවේය.
“අද ආණ්ඩුවට ඕන මැතිවරණ දිගින් දිගටම කල් දාන්නයි. ඒ ගැන මැතිවරණ කොමිසමත් නිහඬයි. අද අපට වෙන කාගෙවත් පිහිටක් නැහැ. ඒනිසා මැතිවරණ ඉල්ලලා අප ශ්‍රේෂ්ඨාධිකරණයට යනවා. අද අපට තියෙන එකම පිහිට උත්තරීතර අධිකරණයයි. අපි ඉස්සෙල්ලාම කරන්න ඕන මැතිවරණ ප්‍රමාදයකින් තොරව පවත්වන්න කියන ඉල්ලීමයි. මම ශ්‍රේෂ්ඨාධිකරණයට යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති විදියටයි. රටේ පුරවැසියකු විදියටයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය මහත්තයාගේ පක්ෂයේ සාමාජිකයින් කීදෙනෙක් විතර ඉන්නවද පඬිතුමෝ? අර එක පුද්ගලයෙක් ඔතන ඉන්නකල් සෙනඟ පුරවාගෙන පන්සල් වල දේශපාලනය කරන්න, ඡන්දය ඉල්ලන්න, පෙළපාලි යන්න, රැස්වීම් තියන්න කිසිම ප්‍රශ්නයක් නැති වුණාට ඒ නම ඔතැනින් ඉවත් වූදාට යන එන මන් නැතිවෙයි කියල හිතෙන්නේ නැද්ද? මොකද ඒ නම තියෙන කෙනා වෙනත් පක්ෂයක සාමාජිකයෙක්... එයා ඒකෙන් අයින් වෙන්නේ නැත්තේ ළඟදීම එකේ බලය අල්ලගෙන ආණ්ඩුවක් පිහිටුවන්න වැඩ කරන්න හිතාගෙන ඉන්න නිසා කියලයි හන්දියේ තේ කඩේ කට්ටිය නම් කියන්නේ... ඒ ගොල්ලෝ කියන්නේ ඔබතුමා නායකයාය කියන පක්ෂයේ සම්පූර්ණ නමවත් ඔය රැස්වීම්වලට එන මිනිස්සු හරියට දන්නේ නැහැ කියලයි. ඒ ගොල්ලෝ පක්ෂය මොකද්ද ඇහුවහම කියන්නේ මේ කවදාවත් පිපෙන්නේ නැති මලක නමක්ලු. ඉතින් පඬිතුමෝ ඡන්දයක් ඉල්ලන්න කලින් පක්ෂයේ සාමාජිකත්වය අරගෙන කෙලින්ම සටන පටන්ගන්න කියලා ඔය නිල නොලත් නායකතුමාටයි එතුමා වටේට ඉන්න මහා බලවේගයටයි කියලා හිටියොත් නේද වැඩිය හොඳ?
පාර්ලිමේන්තු මැතිවරණයට හා ජනාධිපතිවරණයට තව කල් තියෙනවා. දැන් ඔය ඡන්ද තියන්න කියලා නඩුකියන්න යන්නේ අපිට එපා කියපු පලාබබාටද? 1994 දී බලයට ඇවිල්ලත් අවුරුද්දක් පමණ යනකම් කිව්වේ පළාත් සභා අහෝසිකරන බවනේද?
දැන් ඕකද රටේ තියෙන ලොකුම ප්රශ්නය? අවුරුදු පහෙන් හෝ අටකට වරක් එක ඡන්දයක් රටේ තියන්න ඕනෑ. අනිත් ඡන්ද ඔක්කොම අහෝසි කරලා. මේ රටේ මිනිස්සුගේ බදු සල්ලි තමයි මේ පක්ෂ ඔක්කොම කාබාසිනියා කරන්නේ. මාධ්‍ය වුනත් මේකට වගකියන්න ඕනෑ. රටේ ප්‍රශ්න වෙනුවට දේශපාලනය ගැනම දවස පුරා කතා කරනවා විතරයි. රටේ පොදු ප්‍රශ්න කතා කරන්න. ඡන්දයක් ප්‍රකාශයට පත් කළාම විතරක් දේශපාලකයින්ට මයික් අල්ලන්න.
අනේ ඔබද සභාපති... මම අදනේ දන්නේ. ඔබ කොයි කුඹුරෙද වැඩ වසන්නේ...?
රටේ ජනතාවගේ ප්‍රශ්න වලට විසදුම් හැටියට නෙවේ මේගොල්ලෝ ඡන්ද ඉල්ලන්නේ වටේ ඉන්න අයට හම්බ කරගන්න. බලේ ලැබෙනකන් ඉවසන්න බැහැ. මොනාද හදුනාගත් ජනතා ප්‍රශ්න මොනාද තමන් ලග තියෙන පිළිතුරු, මොනාද පහුගිය අවුරුදු තුනෙ විපක්ෂයේ ඉදන් හදපු සැලසුම් ඔව් ජනතාවට දැනගන්න ඕන,
දාල තියෙන දුෂණ වංචා නඩු ටික ඉක්මන් කරන්න කියලා ඉල්ලන්නකෝ, රටට ආදරේ ඇති හොද මහත්මයෙක් වගේ. ජනතාවගේ කාලය නාස්ති කරන්න එපා. වැදගත් රටක් හදන්න පාර කපන්න. රටේ නීතිය කාටත් එකයි කියලා පෙන්නන්න.