නාලක සංජීව දහනායක
ගිං හා නිල්වලා ගඟ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේදී සිදුවූවා යැයි කියන වංචා හා දූෂණ සෙවීම සඳහා කඩිනමින් කොමිසමක් පත්කරන ලෙස ඒකාබද්ධ විපක්ෂය ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කරයි.
එමෙන්ම මාධ්‍ය විසින් හෙළිකර ඇති පරිදි එම ව්‍යාපෘතියෙන් ඇමරිකානු ඩොලර් මිලියන 30 කොමිස් මුදලක් උපයාගත් රජයේ ප්‍රබල ආමාත්‍යවරුන් දෙදෙනා කවුදැයි ජනාධිපතිවරයා විසින් වහාම හෙළිකළ යුතු බව පාර්ලිමේන්තු සුසිල් පේ‍්‍රමජයන්ත මහතා අද (16) පැවසීය.
මෙම කොමිස් මුදලින් ඇමෙරිකානු ඩොලර් මිලියන 25 මුදලක් සිංගප්පූරු ගිණුමට බැරකරන ලෙසත් ඉතිරි මිලියන 5 ඩොලර් නෝට්ටුවලින් ලබාදෙන ලෙසත් එම අමාත්‍යවරුන් දෙදෙනා ව්‍යාපෘතිය සිදුකරන සමාගමෙන් ඉල්ලා තිබෙන බවද මන්ත්‍රීවරයා කීය.
ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ ඒකකය පුංචිබොරැල්ල, වජිරාස්රමයේදී අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ විතරක් නොවේ පසුගිය ආණ්ඩුව කාලයේ බාල පෙට්‍රල් ගෙන්වීම හෙජීන් ගිවිසුම ග්‍රීක බැඳුම්කර ගිවිසුම හා එයාර් බස් ගණුදෙනුව දක්ෂිණ අධිවේගී මාර්ග කොන්ත්‍රාත් එක වගේම හම්බන්තොට වරාය හා මත්තල ගුවන්තොටුපල වැනි සියලු ගිවිසුම් සම්බන්ධයෙන් සොයා බැලීමට පූර්ණ බලැති ජනාධිපති කොමිසම් පත්කළ යුතුඅතර එසේ වගකිව යුත්තන්ට දඬුවම් කිරීමට මේ රජය බලයට පැමිණිමට පෙර ජනතාවට පොරොන්දු වු බවට ජනාධිපතිවරයාට මෙන්ම එකාබද්ධයේ හොර නඩයටද මතක් කරදීමට කැමැතිය.
ව්‍යාපෘතිය කොහොම වුණත් ගසා කන එක නං අඩුවක් නැහැ. දෙගොල්ලම එකයි.
විධායක ජනාධිපති ,අගමැති ,විද්වත් උගත් බුද්ධිමත් යැයි කියා ගන්නා පිරිසක් ලංකාවේ ඉන්නවා ඒත් අද දක්වා ඒක හොරෙක් අල්ල ගත්තද ඒත් කථාවට ගියාම ලෝකෙම ඉන්න උගතෝ අනෙක් ජනතාව අතරට එන්නෙ ධර්ම චක්‍රය කරේ එල්ලගෙන මල් වටීටිය මුදුනෙ තියාගෙන ඇවිත් කරන්නෙ තක්කඩිකමි හොරකම වංචාව. සුද්දෝ රට පාලනය කළා නම් අපි අදට කොචීචර දියුණුද.