(ඩයනා උදයංගනී)
දිවයිනේ දැනට පවතින උණුසුම් කාලගුණ තත්ත්වය හෙටින් (17) පසු තරමක් අඩුවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
දිවයින හරහා සුළං වේගයේ සුළු වැඩිවීමක් අද (16) සිට අපේක්ෂා කරන බවත්, ඒ සමඟ පවතින උණුසුම් තත්ත්වය ද තරමක් අඩුවනු ඇති බවත් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප‍්‍රකාශකයෙක් පැවසීය.
ඊට අමතරව බස්නාහිර, මධ්‍යම සහ සබරගමුව පළාත් වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද එම ප‍්‍රකාශකයා සඳහන් කළේය.
දිවයින හරහා, විශේෂයෙන් හම්බන්තොට, මොණරාගල සහ මාතලේ දිස්ත‍්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40 දක්වා තරමක තද සුළං ඇතිවිය හැකි විය හැකි බව ද එම ප‍්‍රකාශකයා කීවේය.
හම්බන්තොට සිට පොතුවිල් හරහා මඩකළපුව දක්වා සහ මන්නාරම සිට කන්කසන්තුරය දක්වා වන මුහුදු ප‍්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර 50-60 පමණ දක්වා වැඩිවිය හැකි අතර එවිට එම මුහුදු ප‍්‍රදේශ රළු විය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හෙල්මට් නීතිය තියෙන්නේ පොලීසියට දඩ ගහන්න කියලා හිතන එක වැරදී. නීතිය තියෙන්නේ යතුරු පැදියාගේ ආරක්ෂාවට. ඉතින් එය නොදැමීමෙන් දඩුවම් විදින්නේ නොදාන කෙනාම තමා. අප සිතන විදිහ වෙනස් කල යුතුයි.