තිළිණි ද සිල්වා සහ රංජන් කටුගම්පොළ
කෙරවලපිටියේ ඉදිකිරීමට නියමිත ස්වභාවික වායු බලාගාරයේ ඉදිකිරීම් කටයුතු චීන සමාගම වෙත පැවරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන ඔක්තෝබර් 1 වැනිදා තෙක් කල් දැමීමට අද (17) තීන්දු කළේය.
ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම සළකා බැලිමට මෙසේ කල් තබනු ලැබුවේ නියමිත විනිසුරු මඩුල්ලේ සාමාජික මඩුල්ල නොමැති වීම හේතූවෙනි.
මෙම පෙත්සම ඊවා වනසුන්දර ,සිසිර ද ආබෲ සහ විජිත් මළල්ගොඩ යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අතර එහිදී පෙත්සම් සළකා බැලීම මෙදිනට කල් තැබිණි.
අදාළ පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ,විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයින් සහ විදුලිබල හා පුනර්ජනනීය අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු 82 දෙදෙනෙකු නම් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔව්, ඔව් චීන සමාගමට වැඩිය අර තුන්දෙනාගේ සමාගමෙන් ලැබෙන කුට්ටිය හොඳ ඇති .