(නිමල කොඩිතුවක්කු)
හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතා තුන්කල් දුටු නායකයකු බවත් ඒ මහතාගේ චරිතයෙන් අද දේශපාළඥයන්ට ඉගෙනීමට බොහෝ දේ ඇති බවත් එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා කොළඹදී පැවසීය.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා මේ බව පැවසුවේ හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් පිටකෝට්ටේ පිහිටි ජාතික සේවක සංගම් මූලස්ථානයේ අද (17) පැවති උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස එක් වෙමිනි.
මෙම උත්සවය ජාතික සේවක සංගමය විසින් සංවිධානය කර තිබිණි.
හිටපු ජනාධිපති ජේ. ආර් ජයවර්ධන මහතාගේ 112 වැනි ජන්ම දින සැමරුම වෙනුවෙන් ඒ මහතාගේ ගුණ සමරමින් පැවති මෙම උත්සවයේදී ජාතික සේවක සංගම් කාර්යාලයේ පිහිටි ඒ මහතාගේ පිළිරුවකට මහලේකම්වරයා විසින් පුෂ්පෝපහාර දක්වන ලදී.
ජාතික සේවක සංගමයේ ප්‍රධාන ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සිරිනාල් ද මෙල්, ජාතික සේවක සංගමයේ මාධ්‍ය ලේකම් සුනිල් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද එහිදී ජේ. ආර් ජයවර්ධන මහතාගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වනු ලැබීය.
ඡායාරූප - ජයමාල් චන්ද්‍රසිරි



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මප ඇත්ත. යාපනේ පුස්තකාලේ ගිනි තියපු එක, 83 කළු ජුලිය එහෙම ලෙහෙසි පහසු වැඩද?
තුන්කල් දකිනා නුවණ කෙසේවෙතත් මෑත ඉතිහාසයේ සිටි අදුරදර්ශී නායකයන් අතර ප්‍රථම ස්ථානය ජේ. ආර්.ට හිමිවිය යුතුය. ඔහුගේ පාලන කාලයේ මේ රටේ යූද්ධ දෙකක් ආරම්භ වූ අතර රට විදේශීය ආක්රමණයකටද ලක්විය. රටේ නිෂ්පාදන අංශය කඩා වැටීම රුපියලේ අගය පහළ වැටීම හා ජාත්‍යන්තරව ණය උගුලකට රට හිරවීම වගේම රටතුළ සමාජ, ආර්ථික හා සංස්කෘතික වශයෙන් පිරිහීමට ලක්වීමද ඔහුගේ පාලන කාලය තුළ සිදුවිය. ජාතීන් හා ආගමික වශයෙන් රට බෙදිම අවදානමකට ලක්වීම හා ආදායම් පරතරය වැඩිවීම නිදහස් අධයාපනය හා නිදහස් සෞඛ්‍ය සේවය දැනුවත්ව විනාශ කිරීම මෙන්ම පොදු ප්‍රවාහන සේවය හා රාජ්‍ය සේවය නොසලකා හැරීම මගින් රටේ සමස්ත සමාජ හා ආර්ථික අංශවල විශාල අර්බුදකාරී තත්වයක් උදාකිරීමට හේතුවිය...
‘හිටපු ජනපති ජේ.ආර්. තුන්කල් දුටු නායකයෙක්’. ඒකනම් ඇත්ත. ඒ ගැන කියලා වැඩක් නැහැ.
අනේ ඔව්... එ්ක තමයි මේ රට කෑවේ 1977ට පෙර මේ රටේ කුඩු තිබුණේ නැහැ. මිනිස්සු තුළ තිබුණු අල්පේච්ඡ බව, චාම් ගති මනුස්සකම මේක සියල්ල සල්ලි මත තීරණය වෙන සමාජයක් කළා. පළාත් සභා සිට එල්.ටී.ටී.ඊ. ය පවා නිර්මාණය වුනේ ඒ අය පෝෂණය වුණේ මේ කාලයේ... එදා කොටින්ට යුද නැවක ගෙනාපු ආනන්ද තම්බපිල්ලේ (කොල්ලුපිටියේ රේණුකා හොටෙල්) එකේ අයිති කාරයාගේ පුතා එදා සී.අයි.ඩී. 4 වැනි තට්ටුවට ගිහින් දින 4 යි. එයා නිදහස් කළා. තව ඕනෑ තරම් තියෙනවා කියන්න.
තුන්කල් බලා පන්සල වටේටත් කටුකම්බි ගැහුවා අපිට මතකයි...
එතුමාට තුන්කාලයම පෙණුන කියලා හිතුවට දැන් ඉන්න නායකයින්ට අතීතය සහ අනාගතය තියා වර්තමානයවත් පෙනෙන්නේ නැති එකනේ අවුල...
මොන තුන්කල් ද? අඛිල මහත්තයටත් කතා කරන්න දෙයක් නැතුවටද කොහෙද.. රටේ විනාසේ ආරම්භ උනේ ඔය කෙනාගෙන් තමයි. ඒ ආරම්භ උන විනාසේ අදටත් අපි දුක් විදිනවා...
රට අමු සොහොනක් කල නායකයෙක්.
නරක නැති කිසිම පාලකයෙක් නෑ. ඒත් ඇත්තටම මෙතුමගෙන් වුන සේවය ලංකා සමාජයේ නිසි ඇගයීමකට ලක් වෙලා නෑ. රටට මත නිර්මානය කරන උදවියගෙන් බොහෝ දෙනා යූඑන්පී විරෝධීන් වීම ඒකට හේතු වෙන්න ඇති කියල මං හිතනවා. සිංහ කොඩිය ලංකාවේ ජාතික ධජය ලෙස යෝජනා කරවීම, සැන් ෆැන්සිස්කෝ සමුළුවේ දේශනයෙන් ලංකාවට අත්කරදුන් අමිල කීර්තිය, විධායක ජනාධිපති ධූරය හඳුන්කවා දීම, විවෘත ආර්ථිකය හඳුන්වාදීම, කඩිනම් මහවැලිය, පාසැල් පෙළ පොත් නොමිලයේ ලබාදීම, මහපොළ ශිෂ්‍යාධාර ක්‍රමය, ගම්උදාව යටතේ නිවාස ලබාදීම, විශාල කර්මාන්ත කලාප නිර්මානය කිරීම, ඇඟළුම් ව්‍යාපාරය පුළුල් කිරීම ආදී දේ මෙතුමගේ ප්‍රධානත්වයෙන් සිදුවූ හොඳ දේවල් විදියට කියන්න පුළුවන්.
1977ට පෙර රටේ තිබුන බස් පෝලිම, පාන් පෝලිම, හාල් පෝලිම, පරිප්පු පෝලිම බොහෝ දෙනාට අමතකය... කෙනෙකුට අල්පේච්ඡ දිවියක් ගෙනයාමට අවශ්‍යනම්, අදත් කිසිම කෙනෙකුගෙන් බාධාවක් නැතිව එය කළ හැකියි. අප පත් කළ දේශපාලකයින් අදූරදර්ශී ලෙස ණය ගැනීමෙන් අප විසින්ම ණය උගුලකට අසුවුණා මිස, කිසිම රටක් අපට බලෙන් ණය දුන්නේ නැහැ. එබැවින් ණය උගුලට හේතුව විවෘත ආර්ථිකය නොව, අපේම වරදකි. 77' දී බිලියන 4 ක්වූ ආර්ථිකය අදවන විට බිලියන 80දක්වා වර්ධනයවීමෙන් පෙන්නුම් කරන්නේ ආර්ථිකයේ වර්ධනයක් මිස කඩාවැටීමක් නොවේ. එබැවින් මා සිතන පරිදි, අද රටේ ඉදිරි ගමන සඳහා ජේ.ආර්. විසින් පටන් ගත් විවෘත ආර්ථිකය හැර වෙන ප්‍රායෝගික විකල්පයක් නැහැ. මේ ක්‍රමය තුළ මා දකින ප්රශ්නය නම්, අද රටේ අදායම් බෙදී යාමේ බරපතල විෂමතාවයක් දකින්නට තිබීමයි. එයට සරිලන බදු ප්‍රතිපත්තියක් නිර්මාණය කිරීම එයට විසඳුම යයි සිතමි.
හාල් පෝලින්, පාන් පෝලින්, මිරිස් පෝලින් යනාදිය නැතිකරලා මේ රටේ භාණ්ඩ හිඟය නැතිකළේ එතුමායි. එතුමා මේ රටේ නායකයා වෙන්න පෙර ගෙදරක තිබුණු භාණ්ඩ මොනවද? සිමෙන්ති නැතිනිසා මේසන් වැඩ කළ අයට රැකියා නැතිවෙලා සිටියේ... සීනි නැතිව රසකැවිලි සෑදූ අය කොට උඩ එතුමා සංචාරක ව්‍යාපාරය ආරම්භ කරනකොට ඒකටත් දොස් කිව්වා. ඒ එතුමා රාජ්‍ය ඇමැති කාලේ. එතුමා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළාට පස්සේ තමයි කාට කාටත් මමයි යුද්දේ ජයගත්තේ කියන්න පුළුවන් වුනේ... වඩමාරච්චි සටනට පෙර ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කර තිබුණා නම් වඩමාරච්චි සටනෙන් යුද්ධය නිමාකරන්න තිබුණා. එහෙනම් යුද්ධයේ වීරයා ඩෙන්සිල් කොබ්බෑකඩුව මහතා. ඉන්දු ලංකා ගිවිසුම අත්සන්කළාට පස්සේ තමයි ඉන්දියාවේ මැදිහත් වීම් නතරවුණේ.
පළාත් සභා ඇති කළේ මොහු. දැන් අපි විඳවනවා.
"ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළාට පස්සේ තමයි ඉන්දියාවේ මැදිහත් වීම් නතරවුණේ." ඔය කීවේ හොඳම හරිය. කොහේ ඉඳන්ද දන්නේ නැහැ කතා කරන්නේ. ලංකාවේ ඉඳන් වෙන්න බැහැ.. මෙහෙම ගොයියෝ ලංකාවේ ඉතිරිවෙලා නැහැ. 1983 ජීආර් කරපු හදියෙන් තමයි රටේ ඔය තත්වය ඇති වුනේ. දෙමළ ත්‍රස්තවාදය ඇතිවුනේ. දෙමළුන්ට ලෝකෙට සිංහලයාගේ නොපනත්කම් පෙන්වන්න අවස්ථාව උදාකළේ... ඒවා මතක නැද්ද?... නැතිනම් දන්නේ නැද්ද?
ලෝකෙට ණයවෙලා කන්න පුරුදුකලේ ඔය මනුස්සයා... එයා දැනගෙන හිටියා සිංහලයාට ණයට හරි කන්න දුන්නොත් රට බල්ලට ගියත් කමක් නැහැ කියලා හිතන ජාතියක් කියලා. ඒක දැනගත්තා අනික් දේශපාලකයොත්.. 1977 සිට ඒ දේම කළා.. අද අපි බිලියන ගණන් ලෝකෙට ණයයි. රටට ආදරේ ඇති මිනිස්සු තවමත් 1977ට එහා කාලේ ගැන කතා කරනවා. 2001ණය 101% වීම නිසා රට බංකොළොත් වූ බව දන්නවද? අන්තර්ජාලය කියවන්න. 2015දී ණය ප්‍රමාණය මිලියන 7500000 යි. 2018දී දැනට ණය මිලියන 10500000ක් නරක නැහැ නේද? ජේ.ආර්. ගේ විවෘත්ත ආර්ථිකය...
හාල් පෝලිම්, පාන් පෝලිම් නැති කෙරුවේ රටේ නිෂ්පාදන ආර්ථිකය විනාශ කරලා, රට පරිභෝජන අර්ථිකයකට තල්ලු කරලයි. එදා ඉඳන් අද දක්වා අපි පිටරටින් ණයට සල්ලි අරන් පිටරටින්ම අත්‍යාවශ්‍ය ආහාර ද්‍රව්‍ය ගැනත් ණයට කන ජාතියක් වුණා. ලංකාවේ මිරිස් අර්තාපල් ළූණු, මිදි හා වී වගාව සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. සීනි, කඩදාසි, සිමෙන්ති, තුනී ලෑලි හා පේෂ කර්මාන්තය වැනි රටට වැඩදායක දසදහස් ගණනකට රැකියා සැපයූ ස්වයංපෝෂිත ආර්ථිකයේ අඩිතාලම දේශපාලන වාසි හා කොමිස් මුදලට ගිජු කෑදර දේශපාලඥයන් විසින් විනාශ කළා. අදියරෙන් අදියරයට සැළසුම් සහගතව හා මනා අධීක්ෂණයකින් යුතුව නිම කළ යුතුව තිබු මහාවැලිය කඩිනම් කිරීම මගින් තමන්ගේ ප්‍රතිරූපය ගොඩ නැංවීම හැර අපේක්ෂිත අරමුණු කරා ලඟාවීමට නොහැකි අසාර්ථක ව්‍යාපාරයක් බවට පත්විණි. 1982 දූෂිත ජනමත විචාරණ නැමැති ප්‍රෝඩාව මගින් තම පාලන කාලය දික්කර ගත් ජේ.ආර් මැතිවරණ සිතියම වසර විස්සකට හැකුලූ බවට වහසි බස් දොඩවමින් රට ඒකාධිපති පැසිස්ට් පාලනයකට ඇදගෙන යාමට සැලසුම් සකස් කළාය.