විනීතා එම් ගමගේ සහ ඡායාරූප - ඉෂාන් සංජිව
පාර්ලිමේන්තුව තුළ සකස් කෙරෙන ප‍්‍රතිපත්ති නිසි අගැයීමකට ලක් කළේ නම් රට මේ තරම් ණය බරක වැටෙන්නේ නැතැයි අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා ප‍්‍රකාශ කළේය.
ශ්‍රී ලංකාවේ අවශ්‍ය තරම් ප‍්‍රතිපත්ති සැකසෙන නමුත් ඒවා නිසි අගැයුමකට ලක්වන්නේ නැතැයි ද අගමැතිවරයා කීය.
රනිල් වික‍්‍රමසිංහ මහතා මේ අදහස් පළ කළේ කොළඹ හිල්ටන් හෝටලයේ දී අද (17) ආරම්භ වූ අගැයුම් පිළිබඳ ප‍්‍රථම ගෝලීය සමුළුවේ සමාරම්භක සැසිය අමතමිනි. රටවල් රැසක පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ගේ හා සිවිල් ක‍්‍රියාකාරින්ගේ සහභාගීත්වයෙන් ආරම්භ වූ මෙම තෙදින සමුළුව හිල්ටන් හෝටලයේ දී හා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පැවැත්වේ.
ශ්‍රී ලංකා පාර්ලිමේන්තු සංසදය, ගෝලිය පාර්ලිමේන්තු සංසදය සමඟ එක්ව පවත්වන මෙම සමුළුවේ සමාරම්භක සැසිය ඇමතු අග‍්‍රමාත්‍යවරයා මෙසේ ද කියා සිටියේය.
‘‘මේ සමුළුව තුළින් අගැයුම් තාක්ෂණය අපේ රටට වගේම ලෝකයට හඳුන්වා දෙන්න පුළුවන් වේයැයි මා සිතනවා. එය ඉටුවෙන්න නම් අධික්ෂණය ද අවශ්‍යයි. අපේ රටේ ප‍්‍රතිපත්ති සම්පාදනය සිදුවුවත් අගැයුම් නිතර සිදුවන්නේ නැහැ. අපි දේශපාලඥයින් වශයෙන් ප‍්‍රතිපත්ති සම්පාදනය කරන්න පොරොන්දු වෙනවා. ඒ පොරොන්දු ඉටු කරනවා. නමුත් සැකසූ ප‍්‍රතිපත්ති පිළිබඳව අගැයුම් කරන්නේ නැහැ.
ශ‍්‍රි ලංකාව මේ වනවිට ණය බරින් මිරිකුනු රටක්. ප‍්‍රතිපත්ති අගැයීම තුළින් මේ පීඩනයෙන් මිදෙන්න තිබුණා. දුර පළාත්වල කි‍්‍රකට් ස්ටේඩියම් ඉදිකරල තිබෙනවා. ගුවන් යානා නොඑන ගුවන්තොටුපලක් තිබෙනවා. වරාය නම් රාජ්‍ය පෞද්ගලික හවුල්කාරිත්වයකින් හැදුවා. මේවා ගැන නිසි අගැයුමක් තිබුණා නම් මෙහෙම වෙන්නේ නැහැ.
දුරක ක‍්‍රිකට් ස්ටේඩියම් එකක් හදන්න කළින් එය ප‍්‍රායෝගික ද නැද්ද කියා නිසි අගැයීමක් කළා නම් ලබා ගන්න ණය මුදල ඵළදායි ලෙස යොදා ගන්න තිබුණා. මේ ආයෝජනයේ ප‍්‍රතිඵලය කුමක් ද ආපසු ගෙවන්නේ කොයි අන්දමින් ද යන්න කල්පනා කළ යුතුයි.
ණය ආපසු ගෙවන්න නම් ආදායම් වැඩි කර ගන්න වෙනවා. ඒ සඳහා කැමති වුණත් නැතත් බදු වැඩි කරන්න වෙනවා. ඒකෙ ප‍්‍රතිඵල මා කිව යුතු නැහැ.
අපට මේ ආර්ථික ප‍්‍රතිපත්ති ආයෝජන ප‍්‍රතිපත්ති මුල සිට අරඹන්න තිබෙන්නේ. අපේ රටේ අධ්‍යාපනය සෞඛ්‍යය වගේ විවිධ අංශවල ප‍්‍රතිපත්ති තිබෙනවා. නමුත් අගැයුම් ක‍්‍රමවේදයක් නැහැ. පාර්ලිමේන්තු අතර අගැයුම් ප‍්‍රචලිත කිරීම මෙහි අරමුණයි.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කරන්න සල්ලි ඕනෙ සල්ලි හොයන්න බදු ගහන්න ඕනේ ...මොකටද හලෝ..ආන්ඩුවක් සිල්ලර කඩකාරයෙකුට දෙනවකො මෙික කරන්න..
ඩොල්ලරය 165 යි තව හොදට බෙරපද ගහගෙන්න, පහන් පත්තු කරගෙන්න අරයට මෙයට බැන බැන ඉන්න, රට ගන්නකොට ණය ගැන දන්නේ නැද්ද? බැරිනම් මොකටද බොරු කියලල ගත්තේ?
2004 වසරේ ඔබ තුමාගේ රජයේ අනතිම කාලේ ඔබ තුමා දෙවන ගුවන් තොටුපල හදන්න තියපු මුල් ගලක් තියෙනවා කුඩාඔයට (වැල්ලවාය තිස්ස පාරේ) කිට්ටුව. මට මතකයි පාර අයිනේ ලොකු බෝඩ් එකක් ගහල් තිබුන. එක හදුනානම් මත්තලට වැඩිය හොඳ වෙනවද?
කියන්නෝ කෙසේ කිවත්, අසන්නෝ සිහි බුද්ධියෙන් ඇසිය යුතුය කියන්නේ නිකං නොවේ.
ඔබ ව්‍යාපාර ණය, පෞද්ගලික ණය, නිවාස ණය, මෝටර් රථ ණය සොයන්නේද? ණය, ශිෂ්‍ය ණය, ණය ඒකාබද්ධ ණය, අනාරක්ෂිත ණය, ව්‍යාපාරයක් ප්රාග්ධනය, ආදිය. නැතහොත් බැංකු හෝ මූල්‍ය ආයතනයකින් ඔබ ණයක් ලබා ගත්තේද? එක් හේතුවක් හෝ ඊට වැඩි හේතු සඳහා ආයතනයක් ඔබේ ණය විසඳුම්! මම පෞද්ගලික ණය දෙන්නෙක්...