ඉන්දිකා රාමනායක
හොරොයින් ඇතුළු විෂ මත්ද්‍රව්‍ය පිළිබඳව තොරතුරු ලබා ගැනීම සඳහා පොලිස් මුලස්ථානයේ හෙට (18) සිට පැය 24 පුරා ක්‍රියාත්මක විශේෂ මෙහෙයුම් මැදිරියක් ස්ථාපිත කර ඇති බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශ පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසීය.
පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ හෙට (18) පෙරවරු 6.00 සිට මෙම විශේෂ මෙහෙයුම් මැදිරිය කි‍්‍රයාත්මක කර ඇති බවද පොලිස් මාධ්‍ය ප‍්‍රකාශකවරයා සඳහන් කළේය.
011-3024803, 011-3024815, 011-3024820, 011-3024848, 011-3024850 යන දුරකතන අංක ඔස්සේ මෙම විශේෂ මෙහෙයුම් ඒකකය වෙත ජනතාවට තොරතුරු ලබා දිය හැකි බව පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක වරයා වැඩිදුරටත් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd