නිමන්ති රණසිංහ
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කොමසාරිස් අල් හුසේන් කුමරු මෙරටට පැමිණීම සම්බන්ධයෙන් උද්ඝෝෂණයේ යෙදී මහජනයාට හිරිහැරයක් කළැයි කියන සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ මහතා ඇතුලූ සැකකරුවන් 06 කට එරෙහිව කුරුඳුවත්ත පොලීසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඉදිරියේ අද (17) සංශෝධිත පැමිණිල්ලක් ගොනු කළේය.
ඒ අනුව, ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්තී‍්‍ර විමල් වීරවංශ, එම පෙරමුණේ මාධ්‍ය ප්‍රකාශක මොහොමඞ් මුසම්මිල්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර ජයන්ත සමරවීර, පාර්ලිමේන්තු මන්තී‍්‍ර වීරකුමාර දසානායක, හිටපු පාර්ලිමේන්තු මන්තී‍්‍ර පියසිරි විජේනායක සහ බස්නාහිර පළාත් සභා මන්තී‍්‍ර රොජර් සෙනෙවිරත්න යන සැකකරුවන්ට එරෙහිව එලෙස අධිකරණය හමුවේ පැමිණීල්ල ගොනුවිණී.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට කන එකමයි... මෝඩි ලංකාවට එනකොට මොන දේවල් කිව්වද? දැන් රාජපක්ෂ මහත්තය පුතා එක්ක ඉන්දියාවට ගිහින් මෝඩිව මුණගැහුණ වෙලාවේ සරම ඔලුවේ ඔතාගන්න ඇති... ලැජ්ජාවක් නැහැ කොහොමත්.. මේ ගොල්ලන්ට..
මෙයාගේ දේශපාලනය හෝ හැදියාව ගැන කිසිම එකඟතාවයක් නැතත් කුමන හෝ කාරණයක් සම්බන්ධයෙන් විරෝධය පාන්නට වගේම එකඟ වෙන්නට ඔහුට තිබෙන අයිතියට ගරුකල යුතු අතර ලෝකයේ බොහෝ දියුණු යයි සම්මත රටවල පවා එවැනි විරෝධතා විදේශිය රාජ්‍ය නායකයින්ට හා රාජ්‍ය තාන්ත්‍රිකයින්ට එල්ල කිරීම සාමාන්‍ය දෙයක් බවට පත්ව ඇති යුගයක විමල්ට එරෙහිව මහජන පීඩාව යටතේ අභූත චෝදනා නැගීම අසාධාරණ මෙන්ම ද්වේශ සහගත ක්‍රියාවක් බවයි අපගේ අදහස...
ඔන්න දානවා නම් රට කන අය... එළියේ ඉන්නකම් රට වින කරන අය තමයි.