හර්ෂණ තුෂාර සිල්වා
ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට රුපියලට සාපේක්ෂව අද (17) ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයේ අගය 165 ඉක්මවා ගියේය.
ශ්‍රී ලංකා මහ බැංකුව දෛනිකව නිකුත්් කරන විනිමය අනුපාතික අනුව අද (17) රුපියලට සාපේක්ෂව එක්සත් ජනපදයේ ඩොලරයේ විකුණුම් මිල 165.14ක් ලෙසත් ගැනුම් මිල 161.81 ලෙසත් සටහන්ව තිබිණි.
ඒ අනුව රුපියලේ අගය මෙතරම් පහළ වැටුණු පළමු අවස්ථාව එය වූ අතර ශ්‍රී ලංකා මහ බැංකු දත්තවලට අනුව මේ වසරේ ජනවාරි 1 වැනිදා සිට සැප්තැම්බර් 14 වැනිදා දක්වා කාලයේදී එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 6.1කින් අවප්‍රමාණය වී තිබේ.
බලපත්‍ර ලාභී වාණිජ බැංකු අද (17) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව බැංකු කිහිපයකම රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල 166ඉක්මවා තිබිණි.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල කොමර්ෂල් බැංකුවේ 166.90ක් ලෙසත් මහජන බැංකුවේ 166.71ක් ලෙසත් ලංකා බැංකුවේ 166.55ක් ලෙසත් සම්පත් බැංකුවේ 166.30ක් ලෙසත් සටහන්ව තිබිණි. එන්.ඞී.බී. සහ එන්.එස්.බී බැංකුවල රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිල පිළිවෙළින් 165.50ක් ලෙසත් 165.21ක් ලෙසත් සටහන්ව තිබිණි.
රුපියලට සාපේක්ෂව ඩොලරයේ විකුණුම් මිලඑච්.එස්.බී.සී. බැංකුවේ 168.25ක් ලෙස සටහන්ව තිබිණි.
දේශීය වාණිජ බැංකු වුවමනාව ඉක්වමින් එක්සත් ජනපද ඩොලර් එක්රැුස් කිරීම නිසා පසුගිය දිනවල රුපියලේ අගය අනවශ්‍ය පරිදි අඩු වැඩි වූ බව ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ‘ලංකදීප’යට ඉකුත් දා පැවැසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ ලක්ෂ 62 ට නම් පුදුම සතුටක් ඇත්තේ. රටට වෙන හේනේ දැකලා. කොහොමත් ඕක 200ට විතර ගියාම තවත් ගොඩක් සනීපෙට තියෙයි. බඩු මිල දෙගුණ තෙගුණ වෙද්දී, තව තවත් බදු ගහද්දි, තෙල් මිල අප්පච්චිගෙ කාලෙටත් වඩා දෙගුණ වෙද්දී මහ බැංකුව හොරා කාපු හොරු යහතින් ඉඳගෙන ඇමතිකම් කරද්දී, අවුරුදු 4 ට කිට්ටු වෙන්න ඇවිල්ලත් කලින් හොරු අල්ලනවා කියන පච විශ්වාස කර කර දැන් ඉන්න හොරු තව තවත් හොරා කනවා බලන් ඉඳිද්දී ලක්ෂ 62ට නම් පුදුම සන්තෝසයක් තියෙයි. ඔය ලක්ෂ 62 අර වැඩි කරන බඩු ගෙවද්දී, වැඩි ගානට තෙල් ගහලා වාහන දුවද්දී, තමන්ගෙ ඊ.පී.එෆ්, ඊ.ටී.එෆ්, ග්රැටිවිටි වලට 14% බදූ ගෙවනවා දකිද්දී, තමන්ගෙ බැංකු ගිණුම් වලින් තමන්ට ලැබෙන පොලියට 5% බද්දක් ගහද්දි, බැංකු ණය පොලි 20% වඩා වැඩි වෙද්දී, ගෙවල් හදාගන්න කියලා ඒ ණය අරන් අන්තිමට ගේ හදාගන්න විදියකුත් නැතුව ණයත් ගෙවාගන්න වෙනවා දකිද්දී මට නම් ගොඩක් සතුටුයි ලක්ෂ 62 ගැනම. ලක්ෂ 62 ඔබට සතුටයි නේද ගොඩක්ම දැන් ..?
අායෙත් පහළට ඒමක් නෑ.... ලංකාව ලඟදීම ඉතියෝපියාව වෙනවා.....
අයියෝ ඕව මොනවද? අපිට කජු ටිකක් කාල 650000ක පුටුවක ඉන්න තිබුණ නම් හොඳටම ඇති.
පුදුම වෙන්න එපා. අපි කලින් කිව්වා වගේ 200 ට ගිහිල්ල නවතිනවා.