(මනෝප්රිය ගුණසේකර)
නඩු ප්‍රමාදවීම් මඟහැරවීමේ අරමුණින් පිහිටු වන බව සඳහන් තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණ තුනෙන්, දෙවැනි තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය මෙම සතිය තුළ ආරම්භ කිරීම පිළිබඳව රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තාවේ.
මෙම තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය පිළිබඳ ගැසට් නිවේදනය මෙම සතිය තුළ අධිකරණ අමාත්‍යංශය විසින් නිකුත් කිරීමට යොදා ඇති බව අධිකරණ අමාත්‍යංශයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
බරපතල චංචා සිද්ධීන්, රාජ්‍ය දේපළ අවභාවිතය, ඉහළ සංවේදීතාවයකින් යුතු අපරාධ ආදිය පිළිබඳ නඩු විමසීම සඳහා මෙම තී‍්‍ර පුද්ගල විශේෂ මහාධිකරණය පිහිටුවීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ද වාර්තා වේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕක පටන්ගත්තට පස්සේ ඡන්දය ඉල්ලන්න ඉතුරුවෙන්නේ කොයි සහෝදරයාද කියලා තෝරා බේරාගන්නත් පහසු වෙයි. එංගලන්තේ සඟරාවක් අද කියල තියෙනවනේ ඒ ගොල්ලන්ගේ සමීක්ෂණයට අනුව ජනාධිපතිවරණය සහ මහ මැතිවරණය දෙකම දිනන්නේ එකම කණ්ඩායමක් කියලා. ඒ කියන කණ්ඩායම ඉතින් වර්තමාන ආණ්ඩුවේ පාර්ශවයක් නම් නෙවේ.
ප්‍රමාද වී හෝ මෙම විශේෂ මහාධිකරණ ඇරඹීම අගය කළයුතු කටයුත්තක් වන අතර පසුගිය ආණ්ඩුව කාලයේ දේශපාලඥයින්ට එරෙහිව තිබෙන සියලු චෝදනා විභාග කර වැරදි කළවුන්ට දඬුවම් කිරීම හා නිවැරැදි පුද්ගලයින් නිදොස් කිරීම ඊළඟ මහමැතිවරණයට පෙර කළයුතු අතර එමගින් හොරුන්, මිනීමරුවන් හා දූෂිතයන් නැවත පාර්ලිමේන්තුවට පත්වීම වැළැක්වීමටත්, එමගින් රටේ දේශපාලන තීන්දු තීරණ ගැනිමේ ක්‍රියාවලියෙන් ඔවුන් ඉවත්කර තැබීම මගින් දේශපාලන සංස්කෘතිය යහපත් හා සාධාරණ එකක් බවට පත්කර ගැනීමට ඉවහල් වනු ඇත...
මුලින්ම මහ බැංකු වංචා විභාගය කළානං හොඳ ආදර්ශයක්...