(ශිරාන් රණසිංහ)
ඉන්දීය, චීන හා ජපන් ආයෝජන යටතේ හම්බන්තොට හා කෙරවළපිටිය ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 1400ක එල්. එන්. ජී. (ස්වභාවික වායු) බලාගාර ව්‍යාපෘතියට ඉංජිනේරු සංගමය විරෝධය පළකිරීම නිසා විදුලි අර්බුදය උග්‍ර අතකට පෙරළී තිබේ.
මෙම බලාගාර මගින් ජනනය කරන විදුලි ඒකකයක මිල ගණන් පිළිබඳ හෙළි නොකර විදේශ රටවල්වල බලාගාර මෙරට ඉදිකිරීම නිසා එම ව්‍යාපෘතියට ලංකා විදුලිබල මණ්ඩල ඉංජිනේරු සංගමය මෙලෙස විරෝධය පළ කර ඇත.
ජාතික විදුලි ජනන සැලසුම පමා කිරීම නිසා රට තුළ අද හෙටම බරපතල විදුලි අර්බුදයක් ඇති වන බවද මහජන උපයෝගීතා කොමිසම සමඟ කෙරෙන කටයුතු වලින් තම සංගමය මේ වනවිට ඉවත්ව සිටින බව ද ඉංජිනේරු සංගමයේ සභාපති සෞම්‍ය කුමාරවඩු මහතා පැවසීය.
මේ සම්බන්ධව මහජන උපයෝගිතා කොමිසමෙන් කළ විමසීමේදී එහි ජ්‍යේෂඨ ප්‍රකාශකයෙක් කියා සිටියේ රජය ගත් තීරණයක් මත මෙම ව්‍යාපෘති ක්‍රියාත්මක කරන බවත් ඊට මහජන උපයෝගීතා කොමිසම අනුමැතිය දුන් බවත්ය.
මේ අතර මහජන උපයෝගිතා කොමිසම සහ ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය අතර ඇති වී තිබෙන විදුලි අර්බුදය තවත් උත්සන්න වනු ඇතැයි විදුලිබල මණ්ඩලය පාලනාධිකාරියේ නිලධාරියෙක් කියා සිටියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එක එක සංගම් වලට අවශ්‍ය විදිහට ලංකාව පරිපාලනය කලයුතුද? මෙම සංගමයත් කාගේ හෝ අවශ්‍යතා ඉටුකිරීමට උත්සාහ කරනවාද ?
යෝජිත මෙම බලාගාර මගින් ජනනය කරන විදුලි ඒකකයක මිල ලංකා විදුලිබල මණ්ඩල මිලට වඩා අඩු වෙයි කියලද නැත්නම් වැඩි වෙයි කියලද මෙතන ප්රශ්නය?
මෙම මුලික ව්‍යපෘති යෝජනා සැකසීමේදී ගණන් හිලවු ඉදිරිපත් කර නොමැතිද? නැතිනම් සම්පුර්ණ ව්‍යපෘති යෝජනා ඉදිරිපත් කරන්න කියන්න. ඊටපස්සේ මිල ගණන් ගැන තීරණ කර විරුද්ධ වෙනවා මිසක්, පැනපු ගමන් කාපි යකා විදියට වැඩ කරනවා කියන්නේ කොමිස් කාක්කන්ගේ වැඩ.
ලංකාවේ තිබෙන කුඩා පරිමාණ පුද්ගලික බලාගාර වලින් විදුලිය ගන්න කොට මේ පුද්ගලයන්ට කොමිස් ලැබෙනවා , සමහර බලාගාරවල හිමිකරුවන් මේ ඉංජිනේරුවෝ නමුත් බලාගාර ක්‍රියාත්මක වෙන්නේ වෙන පුද්ගලයන්ගේ නමින් , අපේ ආණ්ඩුවට ඕනේ නම් අර ශ්‍රී ලන්කන් වැනි සුදු අලි විකුන්නොත් ඒවාට වර්ෂයකට වියදම් කරන රුපියල් කොටි 1500-2000 මුදලින් වර්ෂයකට කුඩා පරිමනේ බලාගාරය බැගින් හදාගන්න පුළුවන් .
මෙතැනදී මම දකින්නේනම් විදුලි ඒකකයක් වැඩිමිලට හෝ අසාධාරණ කොන්දේසි මත විදුලි බල මණ්ඩලයට විකිණීමේ උත්සහයක් බවයි.
කොටසක් නොදී තනියම හොරකම් කරනවට කව්රුත් කැමති නැහැ .
ලංකාවේ තිබෙන කුඩා පරිමාණ පුද්ගලික බලාගාරවලින් විදුලිය ගන්න කොට මේ පුද්ගලයන්ට කොමිස් ලැබෙනවා. සමහර බලාගාරවල හිමිකරුවන් මේ ඉංජිනේරුවන්. වහාම ක්‍රියාත්මක වන පරිදි CEB එක විදුලි සමාගමක් කර CEB හොර ගුහාව විනාශ කල යුතුයි.