ඉන්දිකා රාමනායක
සිය බුට් සපත්තු කුට්ටමේ අත්බෝම්බ දෙකක් සඟවාගෙන සිටියදී පිටකොටුව බැස්ටියන් මාවත බස් නැවතුමේ දී අත්අඩංගුවට ගත් හමුදා සෙබළා සම්බන්ධයෙන් යුද හමුදා පොලිසිය පරීක්ෂණයක් ආරම්භ කර ඇති බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා පැවසීය.
මෙම පරීක්ෂණ වලට අමතරව සැකකාර සෙබළාගේ සේවය වැටුප් රහිතව අත්හිටුවීමට පියවර ගන්නා බවද හමුදා ප‍්‍රකාශකවරයා කීවේය.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ 22 වැනි ගජබා රෙජිමේන්තුවට අයත් යාපනය අච්චුවේලි කඳවුරේ සෙබෙළෙකි.
මොහු මෙම අත් බෝම්බ දෙක රැගෙන මොනරාගල සිට කොළඹට පැමිණ බැස්ටියන් මාවතේ බස් නැවතුමේ රැදී සිටියදී සංවිධානාත්මත අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගන්නා ලදි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd