තද සුළඟින් නිවාස-වගාබිම් හානි රැසක්
ඇඹිලිපිටිය ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පදලංගල, කුට්ටිගල, හාගල, ජූලංකැටිය ඇතුලූ ප්රදේශ ගණනාවක සවස හතරට පමණ ඇති වූ තද වැස්සත් සමග හමාගිය සැඩ සුළඟ හේතුවෙන් අස්වනු කැපීමට ආසන්නයේ ඇති කෙසෙල් වගාව අක්කර දෙසිය පනහක් පමණ සහ වෙනත් ගස් කොළන් වලටද, නිවාස විස්සකට පමණ ද හානිවී ඇතැයි එම ප්රදේශවාසීහූ කියති.