ලබන 26 වැනිදා ත්‍රිකුණාමලයේදී පැවැත්වීමට නියමිත දියකාවා යුද අභ්‍යාසයට සමගාමීව යුද සංදර්ශනයක් අද (20) කොළඹ නෙළුම් පොකුණ රඟහල් භූමියේදී ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් පැවැත්විණි.
එහිදී නෙළුම් පොකුණ රඟහල ඇතුළත ප්‍රදේශයේ ත්‍රස්ථ කල්ලියකගේ ග්‍රහණයට නතුවූ පිරිසක් මුදා ගන්නා අයුරු සංදර්ශනයට ලක්විය.
මෙම අවස්ථාවට ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ලේකම් සුනිල් සමරවීර , යුද හමුදාපති මහේෂ් සේනානායක , ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න යන මහත්වරු ඇතුළු ත්‍රිවිධ හමුදාවේ නිලධාරීහු පිරිසක් සහභාගි වූහ.
ඡායාරූප - ඩික්සන් වසන්ත







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දියකාවා යුද අභ්‍යාසය ප්‍රශ්නයක් නැහැ. එත්.මේක ඇත්තටම අවශ්‍ය දෙයක්ද?
සුපිරි, ශ්‍රී ලංකා හමුදාව කියන්නේ වෙන රටවල තාක්ෂණයට වඩා පිරිස් බලය... කොල්ලන්ගේ අාත්ම ශක්තිය සුපිරියට තිබෙන තැනක්...