IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ජලය සිඳී කිඹුල්ලු ගොඩට එති

(දඹුල්ල කාංචන කුමාර ආරියදාස)

වැව්වල ජලය සිඳීයාමත් සමග ගොඩට ආ දැවැන්ත කිඹුලෙකුට කිසියම් පිරිසක් විසින් පහර දී හිස ප්‍රදේශයට බරපතල තුවාල සිදුව තිබියදී අද (22) සීගිරිය වනජීවී නිලධාරීන්ට කිඹුලාගේ ජීවිතය බේරා ගැනීමට හැකිවිය. 

දඹුල්ල බුලාගල වැව ආසන්නයේ හිසේ දැඩි තුවාල සහිතව සිටි මෙම කිඹුලා පිළිබඳව දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක සම්පත් වික්‍රමරත්න මහතාට ලැබුණු තොරතුරක් මත දඹුල්ල පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ ස්ථානාධිපති පොලිස් සැරයන් සුනිල් විජේසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් එම ස්ථානයට යවා ඒ පිළිබඳව සොයා බලා පසුව සීගිරිය වනජීවී නිලධාරීන්ට මෙම කිඹුලාගේ තත්ත්වය පිළිබඳව දැනුම් දී තිබිණි.

මේ දිනවල වනජීවී නිලධාරීහු වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයකට එළඹ පැය අටේ සේවයේ නිරතව සිටින නමුත් සෙනසුරාදා නිවාඩු දින ඒ ඔවුන් මෙම කිඹුලාගේ ජීවිතය බේරා ගැනීම සඳහා වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය මඳකට අමතක කර එම ස්ථානයට පැමිණ තුවාල වී අසරණව සිටී කිඹුලා අල්ලාගෙන  ප්‍රරතිකාර කිරීම සඳහා ඇරගෙන යන්නට වූහ.

සීගිරිය වනජීවී නිලධාරීහු කියා සිටියේ මෙම කිඹුලා මින්නේරිය වනජීවි කාර්යාලයට රැගෙන ගොස් ප්‍රතිකාර කිරීමෙන් පසු වනයට මුදා හැරීමට නියමිත බව ය.



අදහස් (0)

ජලය සිඳී කිඹුල්ලු ගොඩට එති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site