(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කුරුණැගල - ගල්ගමුව ප්‍රදේශයේදී හමුවූ හම්බාවාට වයඹ වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ප්‍රතිකාර කිරීම ආරම්භ කළ බව පශු වෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා පැවසීය.
හම්බාවා කුඩා ගල්ගමුව ප්‍රදේශයේ ඉඩමක වැටි සිටියදී නිකවැරටිය වනජීවි කාර්යාලයට ලැබුණ දැනුම් දීමකට අනුව වනජීවි නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය කළමනාකරණ ඒකකයට ප්‍රතිකාර සඳහා බාර දී තිබේ.
නැගි සිටීම සහ ගමන් කිරීම නොහැකිව අසාධ්‍යව සිටි හම්බාවාගේ තත්ත්වය බරපතලව පැවතියද මේ වන විට තරමක සුව මට්ටමකට පැමිණ ඇති බව පශු වෛද්‍ය එච්.කේ .ඉසුරු මහතා පැවැසීය.
වනජීවි පශු වෛද්‍යවරුන් යටතේ සිටින හම්බාවා කිලෝ 5ක පමණ බරකින් යුක්ත වන බව වෛද්‍ය එච්.කේ .ඉසුරු මහතා කීය.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වැනි දුර්ලබ ගණයේ සතුන් බේරාගැනීම ඔබලාට භාරයි. ඔබලට ජය.
පැසෙන්ජර්ස්ලගේ මුහුණ දිහා බලලා සලකන සිරි ලංකන් එයාර් ලයින් එක ගැන ලංකාවේ කුක්කන්ට වැටහීමක් නැති වුණාට, මේ රටට විදේශ විනිමය රැගෙන එන විදේශගත ශ්‍රමිකයෝ දන්නවා. ලංකාවේ ලොකු ලොකුකෙරුමෝ ඉස්සරහ දෙකට නැමිලා සලකන, සුද්දෝ ඉස්සරහා කටේ තිබෙන දත් සෙට් එක එළියට දාලා විරිත්තන අයට, හිටපු ග්‍රාම සේවයෙකුට හා හිටපු ජනාධිපති කෙනෙකුට සලකන එක අමුතුවෙන් උගන්වන්නත් ඕනෙද?
බොහොම පින් ඔබලාට මේ උතුම් ක්‍රියාවට ..
අති දුර්ලභ වඳවී යන සත්වයෙක් වන හම්බාවා ගස්වල ඉහළට නැග, පහළ ගස්වලට පියඹා යන අඳුර සමග සවස් කාලයේ කැලෑසහිත ගම්බද ප්‍රදේශවල ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන සත්වයෙකි. දඬුලේනට අතිශය සමානකමක් දක්වන මෙම සතා පලතුරු ආහාරයට ගනියි.