(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
කුරුණැගල - ගල්ගමුව ප්‍රදේශයේදී හමුවූ හම්බාවාට වයඹ වනජීවි සෞඛ්‍ය කළමනාකරණ ඒකකයේ නිලධාරීන් ප්‍රතිකාර කිරීම ආරම්භ කළ බව පශු වෛද්‍ය එච්.කේ.ඉසුරු මහතා පැවසීය.
හම්බාවා කුඩා ගල්ගමුව ප්‍රදේශයේ ඉඩමක වැටි සිටියදී නිකවැරටිය වනජීවි කාර්යාලයට ලැබුණ දැනුම් දීමකට අනුව වනජීවි නිලධාරීන් කණ්ඩායමක් සෞඛ්‍ය කළමනාකරණ ඒකකයට ප්‍රතිකාර සඳහා බාර දී තිබේ.
නැගි සිටීම සහ ගමන් කිරීම නොහැකිව අසාධ්‍යව සිටි හම්බාවාගේ තත්ත්වය බරපතලව පැවතියද මේ වන විට තරමක සුව මට්ටමකට පැමිණ ඇති බව පශු වෛද්‍ය එච්.කේ .ඉසුරු මහතා පැවැසීය.
වනජීවි පශු වෛද්‍යවරුන් යටතේ සිටින හම්බාවා කිලෝ 5ක පමණ බරකින් යුක්ත වන බව වෛද්‍ය එච්.කේ .ඉසුරු මහතා කීය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
හම්බාවාට පශු වෛද්‍යවරුන් ප්‍රතිකාර අරඹයි
leel gunawardena Friday, 14 September 2018 05:55 PM
මේ වැනි දුර්ලබ ගණයේ සතුන් බේරාගැනීම ඔබලාට භාරයි. ඔබලට ජය.
කරුණාපාල Friday, 14 September 2018 09:22 PM
පැසෙන්ජර්ස්ලගේ මුහුණ දිහා බලලා සලකන සිරි ලංකන් එයාර් ලයින් එක ගැන ලංකාවේ කුක්කන්ට වැටහීමක් නැති වුණාට, මේ රටට විදේශ විනිමය රැගෙන එන විදේශගත ශ්‍රමිකයෝ දන්නවා. ලංකාවේ ලොකු ලොකුකෙරුමෝ ඉස්සරහ දෙකට නැමිලා සලකන, සුද්දෝ ඉස්සරහා කටේ තිබෙන දත් සෙට් එක එළියට දාලා විරිත්තන අයට, හිටපු ග්‍රාම සේවයෙකුට හා හිටපු ජනාධිපති කෙනෙකුට සලකන එක අමුතුවෙන් උගන්වන්නත් ඕනෙද?
senakaSaturday, 15 September 2018 12:30 PM
වලිගය පෑගී ඇති බවක් පෙනේ.
කරුණාපාල Saturday, 15 September 2018 06:13 PM
වලිගය මගේද ඔබගේද ? කතා කරන්න ඉගෙනගන්න හරිද..
දයාපාල Saturday, 15 September 2018 02:08 PM
ඔළුව කොහේ හරි වැදුණද? ලිපිය කියවලා නෙමෙයිද කමෙන්ට් කලේ?
දොන් සේතන් Saturday, 15 September 2018 03:49 PM
කරුණාපාල ළමයෝ, ඔබ මොනවාද මේ කියන්නේ...? අහිංසක " හම්බාවා " ගැන කතාකරන්න. පැසෙන්ජ්ර්සලා, එයාර්ලයින්ස්, ජනාධිපතිලා, ග්‍රාමසේවකයෝ, සුද්දෝ වගේ කුක්කෝ ගැන කතාකරලා කාලය නාස්තිකර ගන්න එපා.. මොකද ඔය කවුරුවත් මට නම් මේ හම්බාවා තරම් වටින්නේ නැහැ.
erdiMonday, 17 September 2018 05:05 PM
කරුණාපාල මහත්මයා! වැඩිවෙලා එකතැන වාඩිවෙලා ඉන්න එපා මොලේ තැලෙයි නේද?
RNG Saturday, 15 September 2018 01:30 AM
බොහොම පින් ඔබලාට මේ උතුම් ක්‍රියාවට ..
LCI Sunday, 16 September 2018 09:24 AM
අති දුර්ලභ වඳවී යන සත්වයෙක් වන හම්බාවා ගස්වල ඉහළට නැග, පහළ ගස්වලට පියඹා යන අඳුර සමග සවස් කාලයේ කැලෑසහිත ගම්බද ප්‍රදේශවල ඉතාමත් කලාතුරකින් දක්නට ලැබෙන සත්වයෙකි. දඬුලේනට අතිශය සමානකමක් දක්වන මෙම සතා පලතුරු ආහාරයට ගනියි.