ලබන වසරේදී පැවැත්වෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ශූරයන්ට පිරිනැමෙන ලෝක කුසලානය අද (20 වැනිදා) ශ්‍රී ලංකාවට ගෙනෙන ලදි. ලෝක කුසලාන තරගාවලියට පොරතුව ලෝක කුසලානය සෑම රටක් වෙතම ගෙන යාම අන්තර්ජාතික ක්‍රිකට් සභාව වසර කිහිපයකට ඉහතදී ආරම්භ කරන ලද සම්ප්‍රදායකි.
ලෝක කුසලානය අද ශ්‍රී ලංකාවට ගෙනා අවස්ථාවේදී ක්‍රීඩා ඇමති ෆයිසර් මුස්තාපා සහ 1996 ලෝක කුසලාන දිනූ ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග යන මහත්වරුන් විසින් කොළඹ නිදහස් චතුරස්‍රයේදී එය පිළිගන්නා ලදි. පාසල් දරුවන්ටද එය දැකගැනීමේ අවස්ථාව උදාකරදී තිබිණ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම බලාගත්තොත් තමයි, ආයේ ලෝක කුසලානයක් මේ කපේට ශ්‍රී ලංකා කණ්ඩායම ගේනවා බොරු
ඒක දිනලා බලන්න බැරි වෙන නිසා පෙන්නලා ගෙනියන්න ගෙනල්ලා.
ඔහොම ගෙනාවොත් තමයි.
අපිට ලංකාවේ ක්‍රිකට් ගැන තව කතා කරන දෙයක් ඉතුරුවෙලා නෑ!
ඔහොමවත් බලාගන්න එක හොඳයි, නැත්නම් මේ කපේකදී ඇත්තටම දිනපු එකක්නම් බලන්න වෙන්නේ නෑ!
ඕක දිහා බලන් හිටියට හරියන්නේ නැහැ. අපේ දිනෙන් දින අගාදයට යන ක්‍රිකට් ක්‍රීඩාවට පුනරුත්ථාපනයක් ලබා දිය යුතුයි.
මෙහෙමවත් ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට ගෙන ඒම ගෞරවයක්
අර ෆාස්ට් බෝලර් කෙනෙක්ගේ තාම කට අඩුවෙලා නෑ