රොමේෂ් මධුෂංඛ
කිලිනොච්චිය ආරක්ෂක සේනා මූලස්ථාන බල ප්‍රදේශයේ සේවයේ නිරත යුද හමුදා නිලධාරීන් වෙත අංගම්පොර සටන් පුහුණු පාඨමාලාවක් ආරම්භ කිරීම කිලිනොච්චිය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් නිශ්ශංක රණවන මහතාගේ ප්‍රධානත්වයෙන් කිලිනොච්චිය නෙළුම්පියස ශ්‍රවණාගාරයේදී ආරම්භ විය.
ආරක්ෂකක සේනා මූලස්ථානය ආඥාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ සංකල්පයක් මත කිලිනොච්චි බල ප්‍රදේශය තුළ රාජකාරි නියුතු යුද හමුදා සාමාජිකයින් හට අංගම්පොර සටන් කලාව පිළිබඳ පුහුණු කිරිමට නියමිත පාඨමාලාවේ ආරම්භ කර තිබිණ.
යුද්ධ හමුදා අංගම්පොර සංචිතයේ සභාපති මේජර් ජෙනරාල් නිශ්ශංක රණවනගේ අධික්ෂණය යටතේ පාඨමාලාව පැවැත්වෙන අතර අංගම්පොර සටන් කලා පාඨමාලාවේ ප්‍රධාන උපදේශක වශයෙන් රිටිගල සිංහක්කාර පරපුරේ කලාකීර්ති කලාවිභුෂණ දේවින්ද ලක්සිරි රණසිංහ මහතා කටයුතු සිදුකරනු ලබයි.
කිලිනොච්චිය ආරක්ෂක සේනා නිලධාරීන් 100 දෙනෙකු පළමු අදියර පාඨමාලාවට සහභාගි වීමට නියමිත අතර, පුහුණු සාමාජිකයින් වෙනුවෙන් ආත්ම ආරක්ෂක සටන් උපක්‍රමවල නිපුණත්වයක් ලබාදීම, ශාරීරික ශක්තිය, විඳ දරා ගැනීම සහ ආත්ම ශක්තිය වර්ධනය කිරීමේ පුහුණව ලබාදීමට නියමිතය.
පුහුණු පාඨමාලාවේ ආරම්භක උත්සවයේදි පැමිණ සිටි යුද හමුදා සාමාජිකයින්හට දැකබලා ගැනිම සඳහා අංගම්පොර සටන් කලාවේ ප්‍රධාන උපදේශක විසින් ඔහු යටතේ සටන් කලාව හදාරනු ලබන පාසල් ළමුන්ගේ අංගම්පොර සටන් කලාවේ ප්‍රදර්ශනයක් ඉදිරිපත් කළහ.
වැඩසටහනට 65 වන සේනාංකයේ සේනාංකාධිපති, කිලිනොච්චිය ආරක්ෂක සේනා මුලස්ථානය ප්‍රධාන මාණ්ඩලික නිලධාරි, යුද හමුදා අංගම්පොර සංවිතයේ ලේඛම් ලුතිතන් කර්නල් රවින්ද්‍ර ජයසිංහ මහතා සහ අංගම්පොර සංචිතයේ භාණ්ඩාගාරික මේජර් ලංකා ඉදිරිසිංහ ඇතුළු බලසේනාධිපතිවරුන් ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.




2025 දෙසැම්බර් මස 16
106
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
911
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
622
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
කිලිනොච්චියේදී යුදහමුදාවටත් අංගම්පොර සටන් පුහුණුව
nihal Wednesday, 19 September 2018 03:16 PM
අගෙයි අගෙයි ඉතාම කාලෝචිත දෙයක්.. සුබ පැතුම්...!!!