වසන්ත චන්ද්‍රපාල
ඉගිණියාගල සේනානායක සමුද්‍රයේ ජල පෝෂක ප්‍රදේශයට වසර තුනක සිට නියමිත අයුරින් වැසි නොලැබීම නිසා සේනානායක සමුද්‍රයේ ජල මට්ටම අඩි 34.7 දක්වා පහළ බැස තිබේ. මේ වන විට මුළු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 31.770 කි.
මෙම සමුද්‍රයේ මුළු ජල ධාරිතාවය වන්නේ අක්කර අඩි 770,000 ක් වන අතර මේ වෙන විට අක්කර අඩි 738,230 ක් ජලය අඩුවී තිබේ.
මේ හේතුව නිසා ඉදිරි මහ කන්නයේ වී වගාකිරිමේ ගැටලුවක් පවතින බව අම්පාර වාරිමාර්ග අධ්‍යක්ෂක නිහාල් සිරිවර්ධන මහතා පැවසීය.
පසුගිය යල කන්නයේ ද වතුර නොමැති නිසා අක්කර 100,000 පමණ වී වගා කිරීමේ කටයුතු නැවත්වීමට සිදුවිය.
1976 වසරේ ද මෙම ජලාශයේ ජල මට්ටම අඩි 33 දක්වා අඩුවී තිබෙන බව ගොවියෝ කියති.
ඉදිරි කාලයේදිත් වැසි නොලැබුණු හොත් කුඹුරු වගා කිරීමේ ගැටලුවක් මතුවෙන නිසා රටට වැඩිපුරම බත සපයන දිගා මඩුල්ල වී ගොවියන් රැක ගැනීම සඳහා රජය කඩිනම් වැඩ පිළිවෙළක් සකස් කළ යුතු බව දිගාමඩුල්ල පාර්ලිමේන්තු මන්ත්‍රී විමලවීර දිසානයක මහතා පැවසීය.
මෙයට අමතරව එක්ගල්ඔය,අම්බලන්ඔය,පන්නල්ගම,නාමල්ඔය, ජයන්ති යන වැව් වලද ජල මට්ටම පහළ බැස තිබේ.
එම වැව් යටතේ වගා කරන කුඹුරු ප්‍රමාණය ද නියමිත අයුරින් වගාකිරිමට නොහැකි වන බවද වාරිමාර්ග දෙපාර්මේන්තුව පවසයි.






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් අවාසනාවන්ත තත්වයක්. මෙම වැවේ එකතු වූ ජලයෙන් නැගෙනහිර පළාතේ මන්ඩුර් දක්වාත් අක්කරපත්තු කෙලවරටත් කුඹුරු කිරීම සනහ ජලය ලබා දුන්නා. අප මෙහි සේවය කරන කාලයේ (1995-2001) එකම කන්නයක් ජාල හිඟ කමින් පිඩා වින්දා. එත් යල කන්නයක්. මේ මාස් කන්නයට මෙතරම් හිඳුනා කියන්නේ ඔක්තෝබර් වැසි වලින් මේ වැව පුරවගන්න පුළුවන් වෙයි කියලා හිතන්න අමාරුයි.
දේවෝ වස්සතු කාලේන සස්ස සම්පත්ති හෝතුච පීතෝ භවතු ලෝකෝච රාජා භවතු ධම්මිකෝ” “කලට වැසී වසීවා කෙත් වතු සාර වේවා ලොව සතුටු වේවා නිරිඳු සැම කල් දැහැමි වේවා”
අපට මතකයි 2015 අවුරුද්දේ වී ගබඩා කරගත නොහැකිව මත්තල පවා වී ගබඩා කිරීමට යොදා ගත්ත. නමුත් පසුගිය අවුරුදු තුනට එකදු කන්නයක් වත් හරියට වගා කිරීමට හෝ අවශ්‍ය ජලය ගබඩා කර ගැනීමට නිසි පරිදි වැසි ලැබුනේ නැහැ. කුමක් හෝ පාරිසරික විපර්යාසයකට රටේ දේශගුණය පත්වෙමින් තිබෙන බව නම් නිසැකයි. නමුත් රට ඒ සදහා සුදානම් කිරීමේ සහ ජනතාව දැනුවත් කල යුත්තන් එය කරනවද යන්න නම් සැක සහිතයි.