( ඩී.ජී.සුගතපාල - සුමතිපාල දීයගහගේ සහ ජේ.කේ.එල් චාමින්ද )
දකුණු පළාත්සභා රැස්වීම අද (25) පැවති අවස්ථාවේ තෙල් මිල සහ ගැස් මිල වැඩි කිරිමට විරෝධය පල කරමින් මන්ත්‍රිවරු දෙදෙනෙකු තෙල් බැරලයක් ද ගෑස් සිලින්ඩරයක්ද ඔසවාගෙන පැමිණියහ.
ආරියවංශ සම්මු මන්ත්‍රිවරයා තෙල් බැරලයක් කරේ තබාගෙන පැමිණි අතර බද්දේගම සමිත හිමියන් හා ඒ.ජි.සි.පියසිරි යන මන්ත්‍රිවරු ද සම්මු මන්ත්‍රිවරයා සමඟ පැමිණියහ.
මන්ත්‍රිවරුන්ට ඒවා ඔසවාගෙන සභා ගර්භයට ඇතුලුවිමට ඉඩ නොලැබිණි. පසුව ඔවුන් ඒවා සභාවෙන් පිටත තබා සභා රැස්වීමට සහභාගිවූහ.
සභාපති කේ.ඒ.සෝමවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් කලේගාන පළාත් සභා ගොඩනැගිල්ලේදි රැස්වීම පැවැත්විණි.



(ඡායාරූප ජේ.කේ.එල් චාමින්ද)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ප්‍රෝඩාවක්. හිස් බැරලයක් වැන්නති. තමාගේ වාහනයේ දොර පවා අරින්න නැති මේ මන්ත්‍රීලා, මෙහෙම බරක් උස්සන් යන එක විශ්වාස කල හැකිද? වාහනයේ දොර පවා අරින්නේත් ආරක්ෂක නිලධාරීන්.
මහා මාර්ග සංදර්ශන සඳහා දැන් නොගන්නා මගුලක් නැති බව යළිත් වරක් අපේ මහජන නියෝජිතයන් පෙන්වා තිබෙනවා ! නමුත් භික්ෂූන් වහන්සේලා පාත්තරයක් නැතිව මේවාට එකතුවීම ලජ්ජා විය යුතු කරුණක්....
මේවා මහජනයා රැවටීමට කරන නිකම් බොරු සෝබන වැඩ.
ශ්‍රී ලංකාව මෙවැනි බාගෙට ජෝකරයන්ගෙන් ස්වයන්පොෂිත වීම අපට ආඩම්බරයක්!
අනික එයාලට තෙල් නොමිලේ...... දුරකථන බිල ගෙවන්නේ ආණ්ඩුවෙන් මුළු පවුලටම මොන ප්‍රශ්නද ඉතින්......
ඔය පලාතේ කොහොමත් ඉන්නෙ මේ වගේ අය තමයි.
මල කෝලන් ඉවරයි. පිස්සු නැතිවට හොඳයි.
මාර "ත්‍රිල්" විරෝධයක්. මේවා 2.50 හේ බාල වැඩ.
පාවිච්චි කල වැසිකිලි පෝච්චි වලත් ගණන් ඉස්සුවානම් තමයි වැඩේ. හාදයෝ ටික ඒකකුත් කරතියාගෙන ඒවි.
මුන්ගේ මොළේ තරම මේ ගොන් වැඩ වලින් තේරුම්ගන්න පුළුවන්................
මේ මිනිසුන් හැමදාම කරන්නේ මේ වගේ වැඩ විතරයි.
ඕක ප්ලාස්ටික් බැරල් එකක් වෙන්ට ඇති.
මේ වගේ අයගෙන් මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා . මේ මිනිස්සු දේශපාලනයට ගෙන්වා අපේ වැරැද්ද . කිසිම වැඩකට නැතුව ලංකාවට බරක් වෙලා ඉන්නේ....
මතකද 2004දි ගෑස් සිලින්ඩරය රු.630 සිට 665 දක්වා රු.35කින් ගෑස් සිලින්ඩර් වැඩිකලහම ඔය වගේ ගෑස් සිලින්ඩර ඔසවාගෙන ලිප්ටන් වටරවුමේ ගියා. ගෑස් සිලින්ඩරය රු.2700 දක්වා ගියා. යම් දෙයක් මිල වැඩිවෙනවිට බුද්ධිමතුන් ඒවාට වෙනත් ආදේශක සොයනවා. නව නිපැයුම් කරනවා ඔය වැඩ වලින් ජනතාවට සෙතක් වෙනවද? .
මහජනතාව රවටා, ඔවුන්ට ජීවත් වෙන්න බැරි විදියට රට බංකොලොත් කර, සුරසැප විදිනා මේ අයගේ සංදර්ශන තව තවත් පෙන්නන්නේ ඡන්ද කොල්ල කෑමට මිස රටට ආදරේටද ? මේ අය මෙච්චර වත්කමක් සොයා ගත්තේ කෙසේද ? දැන් ආණ්ඩු බලය අල්ලන්න හදිස්සියි, දුෂණ වංචා වහගන්න.
මෙච්චර බරක් උස්සන්න සෞඛ්‍යයට හොඳ නැහැ කියලයි අපි අහල තියෙන්නේ .එත් ජනතාව වෙනුවෙන්නේ , මොනා කරන්නද?
මේ අයව මනාප ලැයිස්තුවට දාන ලොක්කන්ගේ මොලත් මේ වගේ.
දැන්වත් මේවගේ අයව පත්නොකරගන්නොන. හැමදාම ජනතාව අන්දනෙක කරේ.