IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


වේලායුදම් කෝවිලේ කිරිකල පෙරහර


හාලිඇල ශ්‍රී වේලායුදම් කෝවිලේ වාර්ෂික කිරිකල පෙරහර අද (23)  පැවැත්විණ .


එහිදී කාන්තාවන් කිරිකල රැගෙන පෙ‍රහැරේ ගමන්කරද්දී  සි‍රුරේ ගසන ලද කටුවලින් එල්ලී  බැතිමතුන් දෙදෙනෙක්  එම පෙරහරට එක්ව සිටියේය.

( පාලිත ආරියවංශ )
 



අදහස් (6)

වේලායුදම් කෝවිලේ කිරිකල පෙරහර

ධනුෂ්ක Sunday, 23 September 2018 02:38 PM

කවුරුන් හෝ සිතනවා නම් මේ එල්ලෙන එක දේවානුභාවයෙන් කරනවා කියා.... හැබැයි දැඩි සිතක් තිබෙන කාටවුවද කිසිම අානුභාවයකින් තොරව සිදු කළ හැක. සිරුරේ සෑම තැනම කටු ගැසිය නොහැක අැඟිලිවලින් සම එකතු කර රුධිර නාලිකා හා ස්නායු අඩු ගනනක් අසුවෙන සේ සුලු වේදනාවක් දැනෙන සේ කටු ගැසිය හැක. එක කටුවක් ගැසූ පසු කටු සියයක් ගැසුවද දැනෙන්නේ එකම වේදනාවයි. අනික කටු විශාල ගණනකින් සිරුරේ බර දරා ගන්නා අතර බිම සිටිනවාට වඩා එල්ලු පසු වේදනාවක් අැත්තේම නොමැත. එපමණක් නොව ගිනි පෑගීම, තෙල් තාච්චියට අත දැමීම, ලේ එන්න දෙහි කැපීම, කනප්පුව අැවිද්දවීම අාදි දේවානුභාවයෙන් කරනවා කියන කරුණු 40ක් කාට වුවත් යොදන උපාය දැනගත් පසු සිදු කළ හැක.

:       0       80

ruchiSunday, 23 September 2018 04:26 PM

ඔබට අත්දැකීමක් තියෙනවද?

:       57       2

ධනුෂ්කMonday, 24 September 2018 09:56 AM

අැත්තෙන්ම ඔව්... අප කැළණිය විශ්වවිද්‍යාලය තුළ විඤ්ඤාණවාදය හා භෞතිකවාදය පිළිබඳ කතිකාවක් කළා. එහිදී භෞතිකවාදී සංගමය මේවා අප ඉදිරියේ හැමෝටම කරන්න පුලුවන් දේවල් කියලා ඔප්පු කළා වගේම අපටද ඊට අවස්ථාව ලබා දුන්නා. උණු තෙල් තාච්චියට අතදාන එකට හොඳ පුහුණුවක් වුවමනා නිසා මා එය පමණක් කලේ නෑ. අර කතරගම කුඩා දරුවනුත් ගිනි පාගන්නේ....

:       0       19

Ravi-milanMonday, 24 September 2018 05:09 AM

හැම අවුරුද්දෙම සැප්තම්බර් වල ඩයස්පෝරාවෙන් ප්‍රදර්ශනයක් කරනවා ජිනීවා මානව හිමිකම් කාර්යාලය ඉස්සරහ.

:       0       8

abaranTuesday, 25 September 2018 07:00 AM

වැඩිය හිතන්ට එපා... මේක ආගමික සහ සංස්කෘතික අංගයක් පමණයි....

:       4       0

vidya Wednesday, 26 September 2018 12:29 AM

විශ්වාසය තියෙන්නේ සිත් තුල. කිරි කල ඔසවා ගෙන යන කිරි දරුවන්ටත් මව්වරුන්ටත් සිතන පතන දෙයින් පිහිටක් වේවා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site