(ජේ.ඒ.එල්. ජයසිංහ - තෙල්දෙණිය චන්දන උඩුවාවල)
බුදුන්වහන්සේගේ ධර්මය විකෘති කරමින් දේශන පැවැත්වීම, බුදුන්වහන්සේට අපහාස කිරීම, බුද්ධ දර්ශනයට නිගාදෙන අන්දමින් කටයුතු කිරීම යන චෝදනාවලට ලක්ව සිටි තරුණ භික්‍ෂූන්වහන්සේ සිවු නමක් තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල, මල්වතු පාර්ශවයේ මහ නා හිමියන් ප්‍රමුඛ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව හමුවේ නැවත එවැනි වැරදි නොකරන බවට පොරොන්දුවී වැඳ සමාව ගත්හ.
තමන් කළ වරද පිළිගෙන මෙසේ සමාව අයැද සිටියේ දිඹුල්කුඹුරේ උදිත රතන, හඳපාන්ගොඩ නිවාතාප, බත්තරමුල්ලේ අමාදස්සන සහ වස්සක ධම්ම යන හිමිවරුන් සිවුදෙනාය. මින් ඉදිරියට එවැනි වැරදි නොකරන ලෙස තරයේ අවවාද කර ඇති මල්වතු පාර්ශවයේ මහානායක හිමියන් හා අනුනාහිමියන් ඇතුළු ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභාව මින් පසුවද බුදු දහම විකෘති වන අන්දමට අසත්‍ය දේශන පැවැත්වුවහොත් මෙම භික්‍ෂූන් වහන්සේ සිවුදෙනා භික්‍ෂූත්වයෙන් නෙරපා දමන බවට ද දැඩිව අවවාද කර ඇත.
මල්වතු මහා විහාරයට ගොස් තමන්ගෙන් සිදුවී ඇති වැරදිවලට සමාව ලබාදෙන ලෙස ඉල්ලා ඇති මෙම භික්‍ෂූන් වහන්සේලා සිවුනම මින් ඉදිරියට ශාසනයට ආරක්‍ෂා කරමින් ත්‍රිපිටකයට අනුකූලව ධර්ම දේශනා සිදුකරන බවට ද මහානායක හිමියන් ප්‍රමුඛ කාරක සංඝ සභාව හමුවේ ප්‍රතිඥා දී ඇත.
මල්වතු අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම, මල්වතු විහාර පාර්ශවයේ වැඩබලන ලේඛකාධිකාරී ආචාර්ය පහමුණේ ශ්‍රී සුමංගල යන හිමිවරු මෙහිදී චෝදනාවට ලක්වූ භික්‍ෂූන් වහන්සේ සිවුනමට අවවාද අනුශාසනා කරමින් බුදු දහම විකෘතිවන අන්දමට බෞද්ධ මහජනතාවට වැරදි ධර්ම දේශනා නොකරන ලෙසත්, ත්‍රිපිටකයට, අනුකූලව සංඝ විනය ආරක්ෂා කරමින් ශාසනික කටයුතුවල යෙදෙන ලෙසටත් පැවසූහ.
පාර්ශවයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික හිමිවරුද සහභාගී වූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැදිබණ කියා අප අසා ඇත්තේ තමන් පිළිනොපදිමින් අනුන්ට දේශනාකරන එකට...... ඒ අතින් බැලුවහම නම් අද වැදිබණ කියන අය තමයි වැඩි.
තව ඕන තරම් ඉන්නවා ප්‍රසිද්ධ හිමිවරු ධර්මය විකෘර්ති කරන.....ඒ ගොල්ලොන්ටත් තීරණයක් ගන්න වෙයි අපේ හාමුදුරුවනේ .... " ධර්ම විනය සංගායනාවකට කාලය හරි...."
උන් වහන්සේලා දේශනා කලේ ත්‍රිපිටකය ශ්‍රී සද්ධර්මය....... එම දේශනා අසා බොහෝ දෙනෙක් නිවන් මඟට යොමු වුණා. පිබිදෙමින් තිබූ සද්ධර්මය නැවත යටපත් වුණා. සැමට ධර්මය අවබෝධ වී ඉතා ඉක්මනින් මේ ප්‍රශ්නය නිරාකරණය වේවා!!! උන්වහන්සේලා ඉතා ඉක්මනින් උතුම් වූ නිවනින් සැනසේවා!!!!
එ් දේශනා එන්නේ නැතිව ත්‍රිපිටකයට අදාළද බලන්නේ නැතිව හරි වැරද්ද කියන්න බැ. පරමිපාරවෙන් ගෙනාවට ත්‍රිපිටකයට හා මාගධි බසට අනුව නැත්නම් හරි කියනත් බැ තිරකයන්ගේ දැන්මත් බලන්න ඕනේ.....
අපට අවශ්‍ය නිවන් මාර්ගයි. සම්ප්‍රදායික දේශනා නොව ඔබ වහන්සේ දේශනා කල ධර්මය විකෘතිද ප්‍රකෘතිද කියලා හරියට ශ්‍රවනය කල සියලුදෙනා දන්නා කරුණකි. ඔබවහන්සේ අමාමහ නිවනින් සැනසේවා මේ දේශනා අහන්න අහන්න අපි රග ද්වේශ මෝහ වලින් මිදෙනවා. සියලු ලෝක සත්වයාද මේ සසර දුකින් මිදී අමාමහ නිවනින් සැනසේවා නිබ්බාන පරම සුඛයෙන් සුඛිතතරවෙත්වා!!!!
ඇවිලෙන ලෝකයට කෙසේ නිවීම තේරෙන්නද? නිවනම වෙත්වා. නිවන් සුවයම ලබත්වා. ලෝකය තුළින් කුමන ප්‍රශ්නය ආවත් ධර්මය බැබළෙනවා.
කණගාටුව අද සමාජයේ පෘතග්ජන පුද්ගලයට ඇත්ත තිත්ත..... එකී සියලු ලෝක සත්වයන්ට බොහොම ඉක්මනටම සත්‍යයඅවබෝධ වෙත්වා . නිවනම වෙත්වා
මොකද්ද කරපු ධර්ම විකෘර්තිය ?