(ඩබ් ඒ පියතිලක)
පොළොන්නරුව ප්‍රදේශයට ඇද හැලෙන අධික වැසි සමඟ පොලොන්නරුව වැලිකන්දේ වැව් කිහිපයක් වාන් දැමීමට පටන්ගෙන ඇතැයි මහවැලි බී කලාපයේ නේවාසික කළමනාකරු තුෂාර දන්තනාරායන මහතා සඳහන් කළේය.
දිඹුලාගල සහ වැලිකන්ද ප්‍රාදේශිය ලෙකම් කොට්ඨාස වල වැව් 74 ක් ඇති බවත් ඒවායින් කිහපක් මේ වන විට වාන්දමන බවත් ඔහු පිවසීය.
මේ අතර ඇතැම් පිරිස් මෙහි නියගයක් ඇති බව බවසමින් විදෙස් අයතනවලින් මුදල් ඉපයීමේ කූට ව්‍යාපරයකද නිරත වන බව සඳහන් කළ නේවාසික කළමනාකාරවරයා වැඩි දුරටත් සඳහන් කර සිටියේ ජනතාවගේ දෛනික කටයුතු සඳහා ප්‍රමාණවත් පරිදි ජලය ඇති බවයි.
එමෙන්ම වැව්වල පවතින ආක්‍රමණශිලී ශාකවර්ග ඉවත් කිරීමේ විශේෂ ව්‍යාපෘතියක්ද මේ වන අරඹා ඇතැයි හෙතෙම සඳහන් කළේය





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා කොච්චර අස්කරත් අායෙත් එනවනේ... මේ වැව් කිට්ටුවටම වෙන්න ඉස්සරහට.... එක්කෝ වහන්න පුළුවන් ටැංකි හදාගන්න ඕනෑ.. පායන කාලෙට භාවිතා කරන්න. ඉස්සරහට මේ වැව් මත්තෙම අපිට බලාපොරොත්තු තියාගන්න පුළුවන් වෙන එකක් නෑ. දේශගුණයේ වෙන වෙනස්කම් එක්ක...