( කාංචන කුමාර ආරියදාස)
පවතින වැසි රහිත කාලගුණ තත්ත්වය නිසා මාතලේ දිස්ත්‍රික්කයේ ගම්මාන රැසක ජනතාව උග්‍ර ජල සහ ආහාර අර්බුදයකට මුහුණ පා සිටිති.
දඹුල්ල සහ ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ගම්මාන රැසක ජනතාව මෙම තත්ත්වයට මුහුණ පා සිටිති.
දඹුල්ල පහළවැව ගම්මානයේ රැකියාව ලෙස කුලී වැඩ කරන බොහෝ දෙනෙකුට මෙවර කුලී වැඩක් නොමැති වීම සහ අස්වැන්න නෙළීමේ කටයුතු සඳහා යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම හේතුවෙන් මොවුහු දැඩි අසීරුතාවයකට පත්ව සිටිති. ඒ නිසා සිඳීගිය පහළවැවේ නෙළුම් අල කිලෝ 5 ක් 6 ක් අතර ප්‍රමාණයක් දිනකට හාරා දවසේ ජීවන වියදම සොයා ගන්නා බව ඔවුහු පවසති.
පහළවැව ප්‍රදේශයේ නෙළුම් අල හාරමින් සිටි මවක කියා සිටියේ අවම වශයෙන් තමන්ට සමෘද්ධි සහනාධාරය හෝ නොමැති බවය. දිනකට එක වේලක් සරිකරගන්නා මොවුහු දැඩි ආහාර අර්බුදයකට මුහුණ පා සිටිති.
ඇතැම් පිරිස් සිඳීගිය වැව් වල ඇති වලවල් වල සිටින මසුන් අල්ලති. මේ දිනවල වැසි රහිත කාලගුණික තත්ත්වය නිසා ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ගම්මාන රැසක් ද පානීය ජල අර්බුදයකට ද මුහුණ පා සිටිති. මෙම තත්ත්වය පිළිබඳව මාතලේ දිස්ත්‍රික්කයේ බලධාරීන්ගේ අවධානය යොමු විය යුතු යැයි ඔවුහු පවසති.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ කිසිම දවසක නොතිබුණු " කාලගුණ විපර්යාසන්ට " තමයි අපි මේ ලඟා වෙන්නේ.. අද මෙහෙම වුණත්.. හෙට සහ අනාගතය තවත් දරුණු වෙන බව ලෝකයේ සෑම කාලගුණ අනාවැකියකින්ම තහවුරු වී තිබේ ..!
ටිකක් ඉවසලා ඉන්නකෝ... නගර සභාවේ දොරවල් ටික දා ගන්නකම්...
තව ප්‍රාෙඩා්, පැජරෝ, බී.එම්.ඩබ්ලිව්, බෙන්ස් ගන්න. අම්බරුවන් 225ට තවත් සැප පහසුකම් දෙන්න. දොරවල් හදන්න. පුටු ගන්න කෝටිගණන් දීලා. පොඩි කාර්වල බදු වැඩිකරන්න. ඇති නැති පරතරය වත වැඩි කරන්න.
රවී, ඔබ උපක්‍රමශීලිව රටේ දුප්පත්කම ස්වභාවධර්මයට පටවල ආණ්ඩුවේ නම බේරගන්න අසාර්ථක උත්සාහයක නියැලෙනවා. මැදපෙරදිගට හැමදාම නියඟය. ඒත් ඒ මිනිස්සු හොඳට කාලා අැඳලා ඉන්නවා. ඔය ලිපියේම තියෙනවා "අවම වශයෙන් තමන්ට සමෘද්ධි සහනාධාරය හෝ නොමැති බව" කියලා. දැක්කේ නැත්නම් බලන්න. ඒ සහනාධාරය දෙන්නේ වැහි දෙයියෝ නොවෙයි. ඔහෙලා කඩේ යන ඔහෙලගෙ දේශපාලක දෙවියෝ. ඒ හොරදෙටුවෝ කෝටි ගණන් වටිනා දොරවල් දාන්නේ, කෝටි ගණන් වටිනා පුටු ගෙනෙන්නේ ඔහේ කියන "කාලගුණ විපර්යාසයන්ට" මුහුණ දෙන්නටද? තමන්ගේ පක්ෂයට තමන් පිහිටවපු ආණ්ඩුවකට ආදරෙයි නම් එය රැකගැනීමට කළයුතු හොඳම දෙය ඔවුන් පත්කළ දා සිටම ඔවුන්ට බනිමින් තර්ජනය කරමින් හරි පාරේ ගෙනයාම... ඔබලා කරන්නේ සෑමදේකටම ඔවුන් පසුපස යාමයි. එහෙම වුණාම ඔවුන් තවතව ජරාව කාලා අජීරණය, අතීසාරය හැදිලා විනාශ වෙනවා. ගඳයි කිව්වා නම් ජරාව නොකා පරිස්සම් වෙලා වැඩි කලක් ජීවත්වෙයි. රවීලා වැනි පාක්ෂිකයින් නිසා දැන් ආණ්ඩුවට අතීසාරය කොලරාව හැදිලා මරණාසන්නයි. දැන්වත් සුවඳයි නොකියා මතක බණක් සුදානම් කරන්න. ඊළඟ ආත්මෙවත් යහපතක් වෙයි.