IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


අරුවක්කාඩු කසල රඳවනයට අදත් සාමකාමී විරෝධයක්

හිරාන් ප්‍රියංකර ජයසිංහ  

 

වනාතවිල්ලුව අරුවක්කාඩු ප්‍රදේශයේ පැවති විරෝධතාවයේ දී පුජකවරුන් හා තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් විෂයභාර ඇමැතිවරයා තවමත් සාකච්ඡා වෙත අවතීර්ණය නොවීමත් යන කරුණු මුල් කරගනිමින් අද (19) උදෑසන සාමකාමී විරෝධතාවයක් පවත්වා විසිර ගියහ.

බෞද්ධ භික්ෂුන්වහන්සේලා ඇතුළු සියලුම ආගමික පුජකවරුන් සමඟ ජනතාව එක්වු මෙම විරෝධතායට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු , සනත් නිශාන්ත පොරේරා යන මහත්වරුන් සේම වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් කිප දෙනෙකු සහ දැනට මන්ත්‍රීධුරය හොඹවන මොහාමඩ් නියාස් මහතා හා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.

මෙම විරෝධතාවය පැවති අරුවක්කාඩු මාර්ගය ඉදිරිපිට උදෑසන සිට පොලිස් කණ්ඩායම් යොදවා තිබු අතර ඒ සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය, ජල ප්‍රහාරක රථ, හා තවත් පොලිස් නිලධාරින් 100 කට ආසන්න පිරිසක් දැඩි සුදානමකින් සැරසි සිටිම විශේෂත්වයකි.

 

  

 

 



අදහස් (2)

අරුවක්කාඩු කසල රඳවනයට අදත් සාමකාමී විරෝධයක්

athura Wednesday, 19 September 2018 07:24 AM

ඒකාබද්දේ කට්ටියගේ වැඩේම මේ ආණ්ඩුව කරන හැමදේම කඩාකප්පල් කරන එකද?

:       40       95

RNG Wednesday, 19 September 2018 04:12 PM

දැන් මෙතන උද්ඝෝෂණය කරන්නේ ඒකාබද්ධයේ අයද? වැසිකිළියට නොගියත් ඒකාබද්ධයම ගාව ගන්න බලන් ඉන්න ඔබ වගේ අයට වෙන කියන්න දෙයක් නැහැනේ.. කොහොමත්..

:       39       56

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 106 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 911 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 622 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site