හිරාන් ප්‍රියංකර ජයසිංහ
වනාතවිල්ලුව අරුවක්කාඩු ප්‍රදේශයේ පැවති විරෝධතාවයේ දී පුජකවරුන් හා තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමත් විෂයභාර ඇමැතිවරයා තවමත් සාකච්ඡා වෙත අවතීර්ණය නොවීමත් යන කරුණු මුල් කරගනිමින් අද (19) උදෑසන සාමකාමී විරෝධතාවයක් පවත්වා විසිර ගියහ.
බෞද්ධ භික්ෂුන්වහන්සේලා ඇතුළු සියලුම ආගමික පුජකවරුන් සමඟ ජනතාව එක්වු මෙම විරෝධතායට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අරුන්දික ප්‍රනාන්දු , සනත් නිශාන්ත පොරේරා යන මහත්වරුන් සේම වයඹ පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් කිප දෙනෙකු සහ දැනට මන්ත්‍රීධුරය හොඹවන මොහාමඩ් නියාස් මහතා හා වනාතවිල්ලුව ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත මුණසිංහ මහතා ඇතුළු මන්ත්‍රීවරුන් පිරිසක් එක්ව සිටියහ.
මෙම විරෝධතාවය පැවති අරුවක්කාඩු මාර්ගය ඉදිරිපිට උදෑසන සිට පොලිස් කණ්ඩායම් යොදවා තිබු අතර ඒ සඳහා පොලිස් කැරලි මර්දන ඒකකය, ජල ප්‍රහාරක රථ, හා තවත් පොලිස් නිලධාරින් 100 කට ආසන්න පිරිසක් දැඩි සුදානමකින් සැරසි සිටිම විශේෂත්වයකි.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒකාබද්දේ කට්ටියගේ වැඩේම මේ ආණ්ඩුව කරන හැමදේම කඩාකප්පල් කරන එකද?