‘ශ්‍රී ලංකන් ගුවන් සමාගමට සම්මානයක්‘ ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ සම්මේලනය සංවිධානය කළ ඩිජිටල් විශිෂ්ටතා සම්මාන උළෙලේදී ශ්‍රී ලංකන් ගුවන් සමාගම ආයතනික තොරතුරු තාක්ෂණ සම්මාන කාණ්ඩයේ රිදී සම්මානය දිනා ගැනීමට සමත් විය. 13 December 2021
තැපැල් වෘත්තීය සමිති -ලේකම් සාකච්ඡාවක තැපැල් වෘත්තීය සමිති ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් අද (13) පස්වරුවේ ආරම්භ කිරීමට නියමිත වැඩවර්ජනය සම්බන්ධයෙන් වෘත්තීය සමිති නියෝජිතයන් සහ තැපැල් අමාත්‍යංශයේ ලේකම්වරයා අතර විශේෂ සාකච්ඡාවක් මේ වන විට එම අමාත්‍යංශයේදී පැවැත්වේ. 13 December 2021
‘තවුෆික් පක්ෂයේ තනතුරුවලින් නෙරපයි‘ අයවැය තුන්වැනි වර කියවීමේදී ඊට පක්ෂව ඡන්දය ලබා දුන් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී එම් එස් තවුෆික් මහතා එම පක්ෂයේ දැරූ සියලු තනතුරුවලින් ඉවත් කර ඇතැයි එහි මහලේකම් නිසාන් කාරියප්පර් මහතා පැවැසීය. 13 December 2021
දුම්රිය රියදුරන්ගේ තත්ව සහතික නෑ දුම්රිය දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මක වියයුතු ආරක්ෂිත ක්‍රමවේදයන් ක්‍රියාත්මක නොවන බවත් මේ වසර තුළ එකම දුම්රිය රියදුරෙක්වත් ‘ඇස්’ පරීක්ෂාවට යොමු කර නොමැති බවත් දුම්රිය ලොකොමොටිව් ඔපරේෂන් ඉංජිනියර්ස් සංගමයේ ලේකම් ඉන්දික දොඩන්ගොඩ මහතා ‘ලංකාදීප’යට පැවසීය. 13 December 2021
‘මහින්දානන්දගෙන් සුබ අනාවැකියක්‘ 2022 වසර මෙරට ජනතාවගේ ජීවිත ආලෝකමත් කරන දැවැන්ත සංවර්ධන විප්ලවයක ඇරැඹුමක් වනු ඇතැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පැවසීය. 13 December 2021
විශ්ව රූ රැජින කිරුළ ඉන්දීය සුරූපිනියට 2021 වසරේ විශ්ව රූ රැජින කිරුළ දිනා ගැනීමට ඉන්දියාව නියෝජනය කළ 21 හැවිරිදි පන්ජාබ් සුරූපිනිය හර්නාස් සන්දු සමත් වූවාය. විශ්ව රූ රැජින තරගාවලිය පැවැත්වූයේ ඊශ්‍රායලයේ එපියාත් නුවර, ’යුනිවර්ස් එරීනා’ රඟහලේ දීය. මෙය 70 වැනි විශ්ව රූ රැජින තරගාවලියයි. 13 December 2021
තොප්පිගල රක්ෂිතයෙන් මෝටාර් උණ්ඩ යුද්ධ සමයේ එල් ටි ටි ඊ සංවිධානය විසින් භාවිතා කරන ලද මෝටාර් උණ්ඩ 14 ක් තොප්පිගල රක්ෂිතය තුළ සඟවා තිබියදී සොයා ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකාය කියයි 13 December 2021
පළාත් කිහිපයකට අදත් තද වැසි උතුරු, උතුරුමැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් අද (13) විටින්ව විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 13 December 2021
‘මෙහෙම ගියොත් ජනතාවගේ හෘද වස්තුවත් පුපුරා යාවි‘ කුණු බක්කි අවුස්සාගෙන කා බඩවියත රැක ගත යුතු යුගයකට රට ගමන් කරමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර අබේවර්ධන මහතා මාධ්‍ය හමුවකදී පැවසීය. 13 December 2021
වතුර වළකට වැටී දරුවෙක් මරුට ආරච්චිකට්ටුව අඩිප්පල වැලිපෑලැස්ස ප්‍රදේශයේ වතුර පිරි වළකට වැටී පස් හැවිරිදි පෙරපාසල් දරුවෙකු මරණයට පත්ව ඇති බව ආරච්චිකට්ටුව පොලීසිය පවසයි. 13 December 2021
හමුදා සෙබළා බිත්තියට යටවී මරුට දියතලාව යුද හමුදා විද්‍යාපීඨය තුළ බිත්තියකට යට වී හමුදා සෙබළකු මිය ගොස් ඇතැයි පොලිසිය කියයි. 13 December 2021
පුපුරණ කාබනික පොහොර ගැන සොයා ගිය ගමන කාබනික දියර පොහොර ඇසුරුම් පුපුරා යෑමට ප්‍රධානතම හේතුව ඇසුරුම් සදහා උසස් තත්වයේ ප්ලාස්ටික් කෑන් හා බෝතල් නොමැතිවීමත්, ප්‍රවාහනයේදී සහ ගබඩා කිරීමේ දී මෙම කාබනික දියර පොහොර ප්‍රතිවිරුද්ධ ලෙස ගබඩා කිරීමත් බවත් දේශීය දියර පොහොර නිෂ්පාදකයෝ පවසති. 13 December 2021
වත්තල මුහුදේ දිය නාන්න ගිය සිසුන් දෙදෙනා අතුරුදහන් වත්තල ප්‍රිතිපුර මුහුදේ අවදානම් ස්ථානයක දිය නාමින් සිටි ෆෝන් සිසුන් දෙදෙනෙකු දියේ ගලි අතුරුදන්ව ඇතැයි වත්තල පොලීසිය කියයි. 13 December 2021
බෝට්ටු සවාරියේ ගිය දෙකක් මුහුදට බිලි මන්නාරම කලපුවේ මෝටර් බෝට්ටු සවාරියක දෙමින් සිටී දෙදෙනකු මුහුදට වැටී අතුරුදන්ව ඇතැයි මන්නාරම පොලිසිය කියයි. 13 December 2021
පාර්ලිමේන්තු වාර අවසාන කර ගැසට් පත්‍රයක් 2022 ජනවාරි 18 වැනි දින පෙරවරු 10 දක්වා බලපැවැත්වෙන පරිදි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් මගින් පාර්ලිමේන්තුව ඊයේ (12) මධ්‍යම රාත්‍රියේ සිට කල් තබන ලදී. 13 December 2021
වගකීම් පැහැර හැරි ගෑස් සමාගම් දෙකට නඩු ගෑස් පුපුරායාමෙන් සිදුවූ හානි සම්බන්ධයෙන් ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකට එරෙහිව ඉදිරි දින කීපයේ නඩු පැවරීමට කටයුතු කරන බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි. 13 December 2021
කෙසෙල් ගෙඩියෙන් ආ මරුවා මාස 11 දරුවා බිළිගනී කෙසෙල් ගෙඩි කැබැල්ලක් හිරවි මාස 11ක් වයසැති බිළිඳකු අද(12) සවස මියගොස් ඇතැයි අහංගම පොලිසිය පවසයි. 12 December 2021
සත්ව බබාලාට නම් තබන්න අවස්ථාවක් දෙහිවල සත්වෝද්‍යානයේ උපත ලැබූ ක්ෂීරපායි සත්ව පැටව් පස්දෙනකුට නම් තැබීමට දරුවන්ට අවස්ථාව ලබාදීමට ජාතික සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා. 12 December 2021
20 වැඩි සැමට බූස්ටර් වයස අවුරුදු 20ට වැඩි සියලු දෙනාට බූස්ටර් එන්නත ලබාදීමට තීරණය කර ඇතැයි ඖෂධ නිෂ්පාදන සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය, මහාචාර්ය චන්න ජයසුමන මහතා පැවැසීය. 12 December 2021
වමේ 10කට උපහාර මෙරට වෘත්තීය සමිති හා කම්කරු සටන් ව්‍යාපාරයන්හි දීර්ඝකාලීනව කැපවී කටයුතු කළ කම්කරු නායකයන් දස දෙනකුට උපහාර පිදීමට කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා තීරණය කර ඇත. 12 December 2021
‘‘වෙසක් එකට එපා නම් නත්තලටත් එපා‘‘ වෙසක් උත්සවයේදී මත්පැන් අලෙවිය තහනම් නම් නත්තලේදීත් එය තහනම් විය යුතු යැයි මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ අද (12) පැවසූහ. 12 December 2021
ආසාදිතයෝ 500 සීමාව අදත් පනිති කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 538 දෙනකු අද(12) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 12 December 2021
‘‘ඔමික්‍රෝන්‘‘ ඩෙල්ටා තරම් දරුණූ නෑ‘‘ ගෝලීය කෝවිඩ් - 19 වයිරස ආසාදිතයන් ප්‍රමාණය සංසන්දය කිරීමට කැනඩාවේ පදිංචි ආචාර්ය නිමල් රාජපක්ෂ මහතා වාර්තාව මෙම සතියේ ද සකසා ඇත. 12 December 2021
එළුවන්ට කෑම සොයන්න ගිය දරුවා මරුවා ඩැහැ ගනී එළුවන්ට කෑම සේවීමට තෝපූර් අල්ලෙනගර් ප්‍රදේශයේ කැලෑවට ගිය දරුවකු කිසියම් පිපිරීමකින් තුවාල ලබා තෝපූර් රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇතැයි පොලිසිය කියයි. 12 December 2021
ආනයනික සහල් තොග මිල පහළට ආනයනය සහල් කිලෝවක තොග මිල රුපියල් 20කින් අඩුවී ඇතැයි සහල් ආනයන කරුවෝ පවසති. 12 December 2021
65 ට වෘත්තිය සමිති විරුද්ධයි රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 ක් දක්වා ඉහළ නැංවීමේ අයවැය (2022) යෝජනාවට වෘත්තිය සමිති වැඩි සංඛ්‍යාවක් විරෝධය දක්වන බව රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශයේ ලේකම් ජේ. ජේ. රත්නසිරි මහතා ‘ලංකාදීප’යට පැවසීය. 12 December 2021
කොරෝනා මරණ 20 සීමාව නොපනී කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 19 දෙනකු ඊයේ (11) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (12) තහවුරු කළේය. 12 December 2021
වෝටර් ජෙල් කරල් 265 සමග අයෙක් සැකපිට අධි බැලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 37ක් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අනුරාධපුර මැදවච්චිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබීය. 12 December 2021
එතෙර පුරුද්දට මෙතෙරදී ගිනි අවියක් ඉනේ ගහගෙන ගිහින් අමාරුවේ බලපත්‍රයක් නොමැති වායු පිස්තෝලයක් සිය ඉනෙහි සගවාගෙන පාදුක්ක නගරයේ වෙළඳසැල් වෙත ගමන් කරමින් සිටි පුද්ගලයකු සැකපිට අත් අඩංගුවට ගත් බව පාදුක්ක පොලිසිය පවසයි 12 December 2021
‘නිව් ප්‍රෝටන්‘ සමාගම සමග ඇති ගිවිසුම ගැන රටට හෙළි කරන්න‘ ශ්‍රී ලංකාවේ බලශක්ති ක්ෂේත්රය සම්බන්දයෙන් නිව් ප්‍රෝටන් සමාගමට අදාළව ඇති කරගෙන ඇති ගිවිසුම රජයේ ගෞරවය හා මහජන විශ්වාසය රැකගැනීම සඳහා වහාම රටට හෙළිදරව් කළ යුතු බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරයේ සභාපති කරු ජයසූරිය මහතා පැවසීය. 12 December 2021
කෝටි පහක මත් කුඩු ගුවන්තොටෙන් අල්ලයි රුපියල් පන් කෝටි දහතුන් ලක්ෂ හැත්තෑ දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’ හෂීෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , මෙරටට රැගෙන ආ විදේශීය ගුවන් මගීන් දෙදෙනකු , ඒවා කටුනායක ගුවන් තොටුපොළ පැමිණීමේ පර්යන්තයේ , ’’ හර.. 08 September 2026